හදාගෙන ඇත. සජිත්ට සහාය දෙන අයද අතහැරියොත් රාජපක්සලට දැන් පක්ෂ මන්ත්‍රීලගෙ බහුතරය නැත. නමුත් පොහොට්ටු ජනතාව රාජපක්සවාදය සමගම සිටීද යන්න තහවුරු වන්නේ මැතිවරණයෙන් පසුවය.
රනිල් පොහොට්ටුවෙ මන්ත්‍රීල ඇතුළුව 92 ක කණ්ඩායමක් හදාගෙන ඇත.
අද බොහෝ විට වාමාංශික දක්ෂිණාංශික බේදයකින් තොරවම පක්ෂ යනු කුඩා කල්ලියකි. ප්‍රාදේශීය ජාලය යනු රැස්වීම්වලට සෙනග සපයන අයයි. කොළඹින් පක්ෂ කාර්යාලවලින් මුදල් ලැබෙන ආකාරයට එය සිදුවෙයි. පක්ෂ යැපෙන්නේ ව්‍යාපාරිකයන්ගෙන් නම් සමහරවිට පක්ෂ මෙහෙය වන්නේද ඔවුන්ම විසින් විය හැක.
ඇත්තටම අද දේශපාලන පක්ෂයක් යනු දැවැන්ත ආයෝජනයකි. කුඩා වාමාංශික පක්ෂ පවා නඩත්තු කිරීම අපහසු දෙයකි. නමුත් මැතිවරණ සමයට පමණක් වඩාත් සක්‍රීය වන ප්‍රධාන ධාරාවේ පක්ෂ යනු සැබවින්ම ධනවතූන් අතම යැපෙන ඒවාය. උදා ලෙස බැසිල්ගෙන් පසු පෙහොට්ටුවට සල්ලි දෙන්නේ ධම්මික විය හැකියි.
ඇමරිකාව තුළ කැම්පේන් ෆන්ඩින් විවෘතය.
ඇමරිකාව තුළ කැම්පේන් ෆන්ඩින් විවෘතය. එහිද දූෂණය පවතින මුත් අඩුම තරමේ කැම්පේන් එක කරන්නේ ජනතා අරමුදල් වලිනි යන මතය එහි දැඩිව ඇත. ජවිපෙ පවා අද කැට හොල්ලන්නේ නැත. නමුත් විශාල අරමුදල් ප්‍රමාණයක් ප්‍රචාරණයට යොදවයි.
ප්‍රධානම ගැටලුවක් නම් කැම්පේන් කිරීම ඇඩ්වටයිසිං වැඩක් වීමයි. ඕනෑම නායකයෙක් අද එළිපිට කරන්නේ සමහරවිට ප්‍රචාරක ආයතනය කියන විදිහට හැසිරීම යි. එම නිසා දේශපාලන ක්‍රියාකාරකම් යනු නාටකීය දෙයක් බවට පත්ව තිබේ වේදිකා පරිපාලනය හරියටම කරන පක්ෂ හොදම පක්ෂ බව ජනතාව සිතයි, එය සාර්ථකම කැම්පේන් එකකි.
අද අප ඉදිරීපිට රූපවාහිනි හෝ අනෙකුත් තිරමතට එන්නේ නළුවන් මිස දේශපාලකයන් නොවෙයි.
දේශපාලනය තුළ පැවතිය යුතු ස්වායත්ත ක්ෂණිකත්වය spontaneity අද අපට හමු නොවෙයි. එම නිසා අද අප ඉදිරීපිට රූපවාහිනි හෝ අනෙකුත් තිරමතට එන්නේ නළුවන් මිස දේශපාලකයන් නොවෙයි.
අප කැමති නළුවකු අපට තෝරාගත හැක. සමහරවිට වඩාත්ම සම්භාව්‍යමය නළුවන් සේම වඩාත්ම ජනප්‍රිය නළුවන් ද imf යායුතූය. ඉන්දීය, චීන සංචාරවලට සහභාගී විය යුතුය....
(අතුලසිරි සමරකෝන් )
Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..



