යන ප්‍රශ්නයට රනිල්ගේ පුත්තුන්ගෙන් කිසිදු ප්‍රබල තර්කයක් ඉදිරිපත් වූයේ නැත. ඔවුන් පුන පුනා කීවේ ජනතා විමුක්ති පෙරමුණ දිනුවොත් ඔවුන්ට ගුටි කෑමට සිදු වෙන බව පමණී. බිය හෙවත් ත්‍රාසය භාවිතා කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීම “ත්‍රස්තවාදය” ලෙස හැඳින්වේ. රනිල්ට සහාය දෙන අයට තිබෙන්නේ ඔන්න ඔය බියයි. ඔවුන් සිතන්නේ කෙසේ හෝ රනිල්ව දිනවා ගතහොත් ඔවුන්ට ගුටි නොකා සිටිය හැකිය කියාය. ඔවුන්ට රට හෝ, ජාතිය හෝ ආර්ථිකය හෝ වෙන කිසිවක් අදාළ නැත. ඔවුන්ගේ තීරණය තනිකරම පදනම් වන්නේ බිය මතය.
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා යනු ලංකාවට අලුත් දෙයක් නොවේ. එජාපය විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව සහ ජවිපෙ සහායෙන් එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ඇත. සජිත් ප්‍රේමදාසගේ පියා පවා එසේ කර ඇත. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නොකළ එකම නායකයන් වන්නේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාය. යුද්ධය අවසන් කළා පමණක් නොව ඔවුන් මෙරට ප්‍රචණ්ඩ මැතිවරණ සංස්කෘතිය අවසාන කළේය. නමුත් ම්ලේච්ඡ අරගලය විසින් එවැනි ප්‍රවණතාවයක් නැවත ඇති කළේය. “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියා නිර්මාල් දේවසිරි විසින් නූගත් තරුණයන් ප්‍රචණ්ඩත්වයට පෙළඹුවේය.

එබැවින් මෙවර මැතිවරණයෙන් අනතුරුව ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වීමට යම් ඉඩක් තිබේ. එබැවින් රනිල්ගේ පුත්තු විශාල බියකට පත්ව තිබේ. රනිල්ගේ කලිසම අස්සේ හැංගී සිටින බොහෝ අය ජනතාවට විවිධ අඩම්තේට්ටම් අසාධාරණකම් චණ්ඩිකම් කළ අයයි. ඔවුන්ගෙන් සෑහෙන පිරිසක් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. රනිල්ගෙන් ලැබෙන මුදලක් කපා ගෙන පවුල සමග සදහටම විදේශ ගත වීමට ඇතැමුන් සැලසුම් කර අවසානය. එය හොඳ දෙයකි. කොහොමත් බොහෝ මන්ත්‍රීවරුන්ට ජනතාව අතර දැඩි විරෝධයක් තිබේ. ඔවුන්ට ඡන්දය වැටෙන්නේ නැත. රනිල් ඉල්ලුවොත් ඔහු ඉතාම නින්දිත ආකාරයට ජනතාව විසින් පරාජය කරනු ඇත.
දැඩි බියට පත් වූ විට සිහි කල්පනාව දුර්වල වේ. රනිල්ගේ පුත්තු දැන් වැඩ කරන්නේ අවසිහියෙන් මෙනි. එයින් සිදු වන්නේ ඔවුන් තව තවත් ජනතාවගේ වෛරයට බඳුන් වීමයි. බදු බර වැඩි කර ජනතාවට දුන් දරා ගත නොහැකි පීඩනය නිසා ජනතාව ඉන්නේ ඔවුන් එළවා දැමීමටය. ඡන්දය කල් දා ගැනීමට ඔවුන් ගත් නිරර්ථක උත්සාහයන් නිසා ජනතාව ඔවුන්ට ද්වේශ කරයි. කෙසේ හෝ බලය ලබා ගැනීමට ඔවුන් දඟලන දැඟලිල්ල නිසා ජනතාව ඔවුන්ට දරුණු ලෙස ඡන්දයෙන් පිළිතරු දීමට සූදානම්ව සිටී. ඔවුන් ගැන මට ඇත්තේ කණගාටුවකි.

ජනතාවගෙන් ගුටි කන්නට වෙන්නේ ජනතාවට වරදක් කළහොත් පමණී. එදා මැයි නවය ගෝල්ෆේස් එකට නාවා නම් එම ප්‍රචණ්ඩත්වය ඇති වන්නේ නැත. කවුරු කොහොම කීවත් සත්‍යය එයයි. එය අවංකව පිළිගත යුතුය. එලෙසින්ම ඡන්දයේදී සාධාරණව කටයුතු කළ හොත් ජනතාව ගහන්න එන්නේ නැත.
නමුත් තමන්ගේ පක්ෂයත් පාවා දී, පක්ෂයේ යාන්ත්‍රණය මංකොල්ල කා, දේශපාලන ගේම් ගසා, ජනතාවට කොකා පෙන්වා දිනන්න හැදුවොත් නම් අනිවාර්යෙන් ජනතාව ගහනවා.
තමන් නියෝජනය කරන පක්ෂයේ ජාතික ප්‍රතිපත්ති මත සිටිමින් සාධාරණව කටයුතු කළා නම් ඔය අනියත බියක් නැත. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකී කියන්නේ ඒ නිසාය. මන්ත්‍රී ආසන තුනක් තිබෙන ජවිපෙට මෙතරම් බය නම් රනිල්ගේ පුත්තු දේශපාලනය කිරීමත් ලැජ්ජාවක්. එයින් ඔප්පු වෙන්නේ බිය වීමට තරම් ජවිපෙ කියන ආකාරයේ දේ ඔවුන් කර තිබෙන බවය. ඒ වගේම ජනතාව ඔවුන් සමග නැති බවය. නමුත් පොහොට්ටුවේ අතිමහත් බහුතරය එදා පැහැදිලිවම රනිල්ගේ පුත්තුන්ට කීවේ අපි ඒ ආකාරයට බයේ දේශපාලනය නොකරන බවයි. ජනතාවට වරදක් කර නොමැති නම් බිය වීමට හේතුවක් නැත. මම නම් සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට අකමැති අහිංසක අයෙකි.
ධර්මය ඔබට මග වේවා!
(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 ජූලි 31



