The Leader News
BREAKING
Top Ad
Opinion

මේ ජනාධිපති මැතිවරණ 'ක්‍රමය' මහා ප්‍රෝඩාවක් - (කුසල් පෙරේරා)

T

The Leader Desk

July 31, 2024 • 10:52 AM

මේ ජනාධිපති මැතිවරණ 'ක්‍රමය' මහා ප්‍රෝඩාවක් - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය නොහැකි මුක්තියක් තියෙන කොට, “ජනාධිපති අපේක්ෂකයා” ලෙස ඔහු කරන අවැඩ සම්බන්ධයෙන් නඩු පැවරීමද ප්‍රශ්න සහගතයි. “අපේක්ෂකයා” කියලා අධිකරණය, මුක්තියෙන් තොර වෙනම සැළකීමක් කරයිද?
  • එවිට එවැනි වැටුප් වැඩි කිරීමක් සමෘද්ධි අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමක් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වදින බලයේ ඉන්න ජනාධිපතිට තමන්ගේ වාසියට යොදා ගන්න බැරි නැහැ.
  • ඔහු එය නොකීවත් ඔහුගේ සහචර මන්ත්‍රීවරුන් එය කර ගසා ගෙන යන එක නවත්වන්නත් බැහැ.
  • එවැනි තත්ත්වයක් අගෝස්තු-සැප්තැම්බර් මාසවල ඇති වුනොත් මොනවද කරන්න පුළුවන්?
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝක විහිළුවක් නෙවෙයිද? ඒ ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය නොහැකි මුක්තියක් තියෙන කොට, “ජනාධිපති අපේක්ෂකයා” ලෙස ඔහු කරන අවැඩ සම්බන්ධයෙන් නඩු පැවරීමද ප්‍රශ්න සහගතයි. 

“අපේක්ෂකයා” කියලා අධිකරණය, මුක්තියෙන් තොර වෙනම සැළකීමක් කරයිද?

ඒ ජනාධිපතිට, සක්‍රීය පාර්ලිමේන්තුවක් සමග බලය සහිත කැබිනෙට්ටුවක් මගින් පාර්ලිමේන්තුවේ අණ පනත් සම්මත කිරීමේ හැකියාවක්ද තියෙනවා. බලයේ ඉන්න ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකයෙකු වන විට, “සාධාරණ මැතිවරණයක්” නිර්වචනය කෙරෙන්නෙ කොහොමද?

 

ඡන්ද දිනය තීරණය කිරීමට කොමිසම රැස්වෙයි ! - මරික්කාර් තගක් දමයි !

නිකමට හිතුවොත් මේ පාර්ලිමේන්තුවට පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට, නැතිනම් සමෘද්ධි අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමට අදාල පනත් සංශෝධනය කිරීමේ කිසිම බාධාවක් නැහැ. එවැනි පනත් මේ මැතිවරණ කාලයේ සම්මත නොකළ යුතුයැයි පාර්ලිමේන්තුවට කොන්දේසි පැනවීමට, මැතිවරණ කොමිසමට බලයක් අයිතියක් නැහැ. 

එවැනි සංශෝධනයක් සඳහා කැබිනෙට්ටුවේ යෝජනා සම්මත කර ගැනීමට ජනාධිපතිවරණයේ අපේක්ෂක උනාට, ජනාධිපතිට තහනමක්ද නැහැ. එවිට එවැනි වැටුප් වැඩි කිරීමක් සමෘද්ධි අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමක් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වදින බලයේ ඉන්න ජනාධිපතිට තමන්ගේ වාසියට යොදා ගන්න බැරි නැහැ. ඔහු එය නොකීවත් ඔහුගේ සහචර මන්ත්‍රීවරුන් එය කර ගසා ගෙන යන එක නවත්වන්නත් බැහැ. පාර්ලිමේන්තු පනත් ගැන කතා කිරීම කාටවත් තහනම් කරන්න බැහැනේ.

එවැනි තත්ත්වයක් අගෝස්තු-සැප්තැම්බර් මාසවල ඇති වුනොත් මොනවද කරන්න පුළුවන්? මේ ක්‍රමය වහා වෙනස් කළ යුතුයි. මෙහෙම මැතිවරණ වලින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තහවුරු වෙන්නේ නැහැ.

මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 ජූලි 31 වන දින

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...