The Leader News
BREAKING
Top Ad
Opinion

රන් නීනීල්...අපුලවී ඇත්තේ රටටද? හිතටද? - (නීතිඥ ශිරාල් ලක්තිලක)

T

The Leader Desk

July 31, 2024 • 4:24 PM

රන් නීනීල්...අපුලවී ඇත්තේ රටටද? හිතටද? - (නීතිඥ ශිරාල් ලක්තිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් තුන්වන තැනට පත්වීම අනිවාර්ය බවය.
  • නමුත් පසුගියදා දත්තමය කල්පිතයක් (data hypothesis) ඉදිරිපත් කරමින් මා විසින් පෙන්වා දුන්නේ රනිල්ගේ තත්වය එසේ නොවන බවය.
  • යකා ඔය කියන තරම් කළු නොවන බවත්ය.
  • රනිල්ගේ පරාජය ප්‍රාර්ථනය කිරීම ලාංකික දේශපාලනය තුල සාම්ප්‍රදායක් ලෙස සිදු වන්නා සේම ඒ සඳහා වන හේතු සාධක ඇතිවද අහේතුකවද සිදුවෙමින් පවතින්නකි.
අකුරු ප්‍රමාණය (Font Size):

රනිල් තුන්වන තැනට පත්වීම අනිවාර්ය බවය.

නමුත් පසුගියදා දත්තමය කල්පිතයක් (data hypothesis) ඉදිරිපත් කරමින් මා විසින් පෙන්වා දුන්නේ රනිල්ගේ තත්වය එසේ නොවන බවය. යකා ඔය කියන තරම් කළු නොවන බවත්ය.


රනිල්ගේ පරාජය ප්‍රාර්ථනය කිරීම ලාංකික දේශපාලනය තුල සාම්ප්‍රදායක් ලෙස සිදු වන්නා සේම ඒ සඳහා වන හේතු සාධක ඇතිවද අහේතුකවද සිදුවෙමින් පවතින්නකි.


එජාපයට හා ධනේෂ්වර පංතියට ඇති සම්බන්දය රනිල්ට විරුද්ධ වන්නේ මෙරටේ සිටින වම්මුන්ය. රනිල් නියෝ ලිබරල් යයි කියා ලිබරල් මහත්වරුන්ද අතීතයේදී රනිල්ට විරුද්ධ වු බව පෙනේ. මෙම ලියුම් කරුද එජාපය හ සම්බන්දව සිටි සමයේ පක්ෂය තුල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති පදනමින් හා පක්ෂය තුල අධිකාරීවාදීවීම මත රනිල්ට විරුද්ධව කටයුතු කලේය.

අද සජබයට සම්බන්දවී සිටින සජබය ගොඩනැගීමට දායකවු මුල් කන්ඩායමද අප මෙන්ම රනිල්ට එරෙහිව ගියේ පක්ෂය තුල රනිල් පවත්වාගෙන ගිය අධිකාරීවාදය හේතුවෙනි.

නමුත් 2022 පසුව රනිල්ට විරුද්දවන්නන්ට ඒ සඳහා හේතු පාදක කරගත යුත්තේ ඉහත දැක්වු අතීත මතවාදයන් නොවේ.

2022 දී රනිල් පිටුපස එජාපයක් ඇත්තේ නැත. ඒ නිසා රනිල් එජාප වීම වර්ථමාන රනිල් විරෝධයකට හේතු නොවන්නේය.

රනිල් IMF වැලඳ ගන්නේ තමන්ගේ කොන්සවර්ටිව් දර්ශනය පදනම් කොට ගෙනම නොවේ.  IMF යාම සඳහා වාස්තවික තත්වයක් මෙන්ම එසේ යාම සඳහා බහු පාර්ශවීය සම්මුතියක් තිබුන නිසාය. එම නිසා රනිල් රට IMF එකට පාවා දුන්නේ යයි චෝදනා කිරීම පදනම් විරහිතය.

බංකොලොත්වු රටක් නැවත ගොඩගැනීමේදී පැවති අතාර්තිකව ප්‍රසාරනයවී පැවති ආර්ථිකය නැවත සංකෝචනයකට ලක් කල යුතු අතර එය සමාජයට අතිශයින්ම වේදනාකාරී වන්නේය. රනිල් මෙම වේදනාකාරී වෙනස සහසංවේදනයකින් තොරව ක්‍රියා කරමින් සිටීන බව විවේචකයන්ගේ මතය වී තිබේ.


ජනතාවගේ වේදනාව හා රනිල්ට ඒ සම්බන්දව පවතින අසංවේදීබව පිලිබඳව රනිල් වාමාංශිකයන්ගේ දැඩි විවේචනයකට පත් වී තිබුනද වාමාංශිකයන් බලයේ සිටියා නම් ගෙනඑනු ලැබියහැකි අරපිරිමැසුම් දායක ආර්ථිකයක් (small is beautiful) තුලින් ජනිත විය හැකිව තිබෙන ජනදුක දැනට පවතින වේදනාකාරීබාවට වඩා නිසැකවම ඉහල දුකක් බව කිවයුතුව තිබේ.


මේ පිලිබඳව අදහසක් ලබා ගැනීමට නම් එන් ඇම් පෙරේරා 70-75 ආර්ථික අරබුදය කලමනාකරනය කල ආකාරය සිහිපත් කල යුතුව තිබේ.


රනිල් බලය ලබා ගන්නේ රාජපක්ෂවරු හරහාය. ඒ නිසා රනිල් රාජපක්ෂ ලෙස ඔහුට නම්පට බැඳෙන්නේය.

නමුත් ඇත්ත කතාව ඊට වෙනස්ය. රට පැත්තෙන් ගත් කල රනිල්ගේ ආගමනයද රනිල්ගේ පැවැත්ම සඳහා ලබාදුන් පොහොට්ටුවේ සහයද යතාර්ථවාදීය.

එදා සජිත් හෝ අනුර පොහොට්ටුවේ සහයෙන් රට කරවන්නට සුදානම් වුයේ නැත.


අව්රුදු දෙකහමාරේ නීතිය නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද හැකියාවක් නොතිබුනේය.

එසේම බංකොලොත්භාවයෙන් මිදීමට අවැසි නිති ගෙන ඒම සඳහාද ස්ථාවර පාර්ලිමේන්තුවක් අවැසිව තිබුනේය. චන්දයක් පැවැත්වීමෙන් පසුව ඇතිවන නව පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරන න්‍යාය පත්‍රය කෙලෙසට ඉදිරියට ගෙන යනු ඇත්ද යන්න පිලිබඳව පැවතියේ කුකුසකි.

එදා පැවති තත්වය යටතේ අළුත් පාර්ලිමේන්තුව බහුතර බලයක් නොමැති පාර්ලිමේන්තුවක් බිහිවීමට වැඩි ඉඩකඩක් තිබුනේය.

එම නිසා රට පැත්තෙන් බැලු කල රනිල් රාජපක්ෂ ලෙස වසර දෙකහමාරක් රටේ ආර්ථිකය කලමනාකරනය කල ආකාරය ප්‍රශසස්ත නොවුනද සාධනීය වන්නේය.

නමුත් රනිල් දේශීය නය ප්‍රතිව්‍යුහගත කරනයෙදී බැංකු කරුවන්හා පුද්ගලික අංශයේ ආයෝජනයට යටත්වු භාන්ඩාගාර බිල්පත් අතහැර ක්‍රියා කිරීම රනිල්ගේ අසාධුබව පෙන්නුම් කරයි.

රනිල්ගේ පසුගිය වසර දෙකහමාර තුල රනිල්ගේ අසාධුබව තහවුරු වන කරුනු වන්නේ නීතියේ බලය රැකීම , දුෂනය හා නාස්තිය පිටු දැකීමට ඔහු දක්වන අසංවේදීභාවයයි.

ඒ සඳහා අපට ලබා දිය හැකි උදාහරන දහසකි. රනිල් ආර්ථිකය ප්‍රතිසංස්කරනය සඳහා වන IMF යෝජනා පිලිගෙන කටයුතු කලද වගවන ආන්ඩුකරනයක් සඳහා වන IMF යෝජනා පිලිගෙන කටයුතු කර තිබුනේ නැත.

ඒනිසා රනිල්ට සම්ප්‍රදායකව විවේචනය කොට මෙවර ජනාධිපතිවරනයේ දී ඔහුට එරෙහිවන්නට පදනමක් ඇත්තේම නැත්තේය.

නමුත්

අද අවශ්‍යවන්නේ රනිල්ට එරෙහිව සාධනිය නව විවේචනයකි.
ආර්ථිකය කමනාකරනය කරන ලද රනිල් රාජපක්ෂ වෙත බලය ලබා ගත් ආකාරය හෝ එසේ කලමනාකරනය කිරීමට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ ඇති විවේචන බොහෝ දුරට යතාර්තයට දුරස්වන්නේය.


නමුත් තවමත් රනිල්ට එරෙහිව සැබෑ විවේචනයක් පවතින්නේ ඔහු විසින් රටේ ආන්ඩුකරනය සම්බන්ධයෙන් පෙන්නුම් කරන අසංවේදීභාවයයි.

රනිල්ට ආර්ථිකය ගැට ගැසීම නිසා ලැබෙන සාධනය මේ ආකාරවු දුර්පාලනය නිසා නැති වන්නේය.

2001 ආන්ඩුවට දේශද්‍රෝහි ලේබලය ඇලවුනේද, 2015 දී බැංකු මංකොල්ල චෝදනා එල්ලවන්නේද මෙවර VFS විසා වංචාවක් පිලිබඳ චෝදනා එල්ල වන්නේද රනිල් පවත්වාගෙන යන දුර්පාලන ආකල්පය නිසාය.

යම් හෙයකින් මෙම දුර්ගුනය මැඩගන්නට රනිල්ට හැකිවන්නේ නම් මීලඟ රටේ පාලකයා වීමට පවතින අවශ්‍යතාවය තුල රනිල්ට හිමිවන වැදගත්කම ඉහල යනු ඇත.

ඒ සඳහා දැනට සිදුවෙමින් පවතින බොලඳ සහ අහේතුක රාජ්‍ය පාලන ක්‍රමවේදයෙන් රනිල් වේගයෙන් ඉවත්විය යුතුව තිබේ.

Shiral lakthillaka(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com

@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...