The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් නම් ඔසිමැන්ඩියස්... (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

August 2, 2024 • 4:18 PM

රනිල් නම් ඔසිමැන්ඩියස්... (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආයතන ප්‍රධානීන්ගේ ලොකු වෙනසක් කළෙත් නැහැ.
  • තමන්ට අවශ්‍යම පොඩි වෙනස්කම් කිහිපයක් කරලා අනික් ගොඩක් දේවල් ඒ ලෙසම තියෙන්න හැරිය.
  • ඒ තිබීම ඇතුලේ ඔප්පු කළේ මොකක්ද?
  • ඒ වගේම 69 ලක්ෂයක් මිනිස්සු චන්දෙ දුන්න එකෙත් නෙවෙයි කියන එක.
අකුරු ප්‍රමාණය (Font Size):

ආයතන ප්‍රධානීන්ගේ ලොකු වෙනසක් කළෙත් නැහැ. තමන්ට අවශ්‍යම පොඩි වෙනස්කම් කිහිපයක් කරලා අනික් ගොඩක් දේවල් ඒ ලෙසම තියෙන්න හැරිය.

 

ඒ තිබීම ඇතුලේ ඔප්පු කළේ මොකක්ද? ඒ තමයි ප්‍රශ්නේ තිබ්බේ කැබිනට් මණ්ඩලේ හිටපු මිනිස්සුන්ගේවත්, ආයතන ප්‍රධානීන්ගේවත් නෙවෙයි කියන එක. ඒ වගේම 69 ලක්ෂයක් මිනිස්සු චන්දෙ දුන්න එකෙත් නෙවෙයි කියන එක.

ඒ එක්කම තරුණ කියල කියන්න පුළුවන් ගොඩක් ඇමතිවරු එක්කත් එයා වැඩකළා. ඒ කියන්නේ ඕනිනම් ප්‍රයෝජනයට ගන්න පුළුවන් තරුණ කොටසකුත් පාර්ලිමේන්තුවේ ඉඳල තියනවා කියන එක.

 

මේකෙන් තේරෙන දේ තමයි පොහොට්ටුව නම් ශරීරය (කඳ) රනිල් වෙනස් කරන්න ගියේ නැහැ කියන එක. ඒ ශරීරය එහෙමම තියාගෙන එයා ඒ ශරීරයට අවශ්‍ය වෙච්ච ශීර්ෂය (ඔළුව - head) දුන්න. ඊට පස්සේ අර පරණ ටාටා බස් එක මේ අලුත් එන්ජිම එක්ක සෑහෙන්න හොඳට දුවන්න ගත්ත.

දිළුම් අමුණුගම කියනවා අපි ඉන් පස්සේ වැඩකළේ රනිල් දුන්න උපදෙස් එක්ක කියල. එතෙක් මොකක්ද කරන්නේ, කොයි පැත්තටද යන්නේ කියල තීරණය කරන්න බැරුව හිටියේ කියල.  

 

එක්සත් ජාතික පක්ෂය විසින් මහා වැලි කතරක අමතක කරලා, විසිකරලා දමල තිබ්බ රනිල් නම් ඔසිමැන්ඩියස් ශීර්ෂයට වටිනාකමක් ලැබෙන්නේ අරගලයෙන් සහ බංකොලොත් බවට පස්සේ කොහේ යන්නද කියල හව්හරණක් නැතුව හිටපු පොහොට්ටුව හරහා. ඒක එක්තරා අවදානම් අත්හදා බැලීමක්.

නමුත් ඒ අත්හදා බැලීම යම් පමණකින් සාර්ථක උණා. ඕනෑම දෙයක් සිදු උනාට පස්සේ ඒ සිදුවීම එක්ක තව බොහෝ දේ වෙනස් වෙනවා කියන එක පසක් කරමින් රනිල් නම් ශීර්ෂය පොහොට්ටුවේ ශරීරය ඔස්සේ නව ගමනක් යන්න ගන්නවා. ඒක තමයි මේ පේන්න තියෙන්නේ. 


අපි ඈත ඉඳන් පොහොට්ටුවට බනිද්දි රනිල් පොහොට්ටුව ඇතුලටම ගියා. වෙනස පටන්ගත්තේ එතැනින්.

එක අතකට දැන් ඒක පරණ පොහොට්ටුවමත් නෙවෙයි. රනිල් පරණ රනිල්මත් නෙවෙයි. මේක ලංකාවේ වෙච්ච සෑහෙන වෙනස් දෙයක්.

ඉතිං මේ ගමන අර 69 ලක්ෂයට පේන්න ගන්නවා. එයාල දැන් එයාල චන්දෙ දුන්න නියෝජිතයෝ ළඟට ඇවිල්ල කියන්නේ මේ ගමන නවත්වන්න එපා කියල. ඒ නියෝජිතයින් පොහොට්ටු කාර්යාලයට එන්නේ ඒ පණිවිඩය එක්ක. මේක අලුත් තත්වයක්.

 

වෙනත් විදියකට කිව්වොත් එයාල කියන්නේ දැන් මේ හිස (ශීර්ෂය) කඳින් වෙන්කරන්න එපා කියල. ඒක මරු...

ගම්වල මිනිස්සුම ඇවිල්ල පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කියනවා රනිල් එක්ක මේ ගමන යන්න කියල. රනිල් තමන්ගේ දේශපාලන ජීවිතේ මුල්ම වතාවට සීරියස් විදියට භූමියට සම්බන්ද වෙන්නේ එහෙම.


ඒ එයාල වැඩ බැහැ කිව්ව රනිල්. රට පාවල දෙනවා කිව්ව රනිල්. බැංකු හොරා කිව්ව රනිල්. රනිල් එළවන්න නුවර ඉඳන් කොළඹට පෙළපාලි ගිය රනිල්.

වික්ටර් අයිවන්ගේ වචනයෙන් කියනවා නම් ඒක ආශ්චර්යයක්.

(Ozymandias කියන කවිය ලිව්වේ ඉංග්‍රීසි රොමෑන්තික කවියෙක් වෙච්ච P. B. Shelly).  

Ranil the Ozymandias සඳහා පහත වීඩියෝව බලන්න. 

 
Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...