ඒවා බහුතරයක් අන්ධභූත මුග්ධ කතන්දර.
ඉමාන් ක්හලීෆ් කියන්නෙ ස්වභාවිකව ගැහැණියක් ලෙස ඉපදුනු කෙනෙක්.
එයා කොයි විදිහින් වත් සංක්‍රාන්ති ලිංගිකයෙක් නෙමෙයි. මේ තමයි එයා ඉපදුනු විදිහ.

ඇගේ රට වුනු ඇල්ජීරියාවෙ ජෙන්ඩර් එක මාරු කිරීම තහනම්.
ඇගේ ශරීරයේ xy ක්‍රෝමසෝම තිබුනු පමණින් ඇය පිරිමියෙක් නොවේ. ඒකට කියන්නෙ swyer syndrome තත්වයක් කියලයි.
එය කිසිසේත්ම ඇගේ වරදක් නොවේ. ක්‍රීඩාව තුල මෙතෙක් මුන නොගැසුනු අලුත් තත්වයකි.
ඉන්ටර්නැෂනල් බොක්සින් ඇසෝසියේෂන් එකෙන් ( IBA) 2023දී කළ පරීක්ෂණයෙන් ඇය සහ ලින්-යූ- ටින්ග් (දෙවරක් ලෝක ශුරතාව දිනූ) අසමත් වුනේ ටෙස්ටස්ටරෝන් පරීක්ෂාවක් නිසා යැයි පැවසීම අසත්‍යයක්. එය එම සංගමය විසින් ප්‍රතික්ෂේප කරනවා.
ඇය ගැන ඔබ තුල අකමැත්තක් හෝ පදනම් විරහිත ප්‍රතික්ෂේප කිරීමක් පවතිනවා නම් එය ට්‍රාන්ස්ෆෝබියා හෝ ජෙන්ඩර් ෆෝබියා තත්වයක් විය හැකිය.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Faculty of Sex)
සබැඳි පුවත් :
ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ලේ මහා අවුලක්



