ඒත් කිසිම සමීක්ෂණයකින් රනිල් උඩට ආවේ නැහැ නේද? ආර්ථික අර්බුදය විසඳුවා කියලා තාප්ප පුරා පෝස්ටර් ගැහුවා. ඒත් හැම සමීක්ෂණයකින්ම රනිල් හතර වැනියා නේද? ඒ ඇයි?
සම්පූර්ණ පොහොට්ටුවේ සහාය තිබිලත් රටේ ජනතාව දිගින් දිගටම රනිල්ව ප්‍රතික්ෂේප කළා නම්, දැන් පොහොට්ටුවේ මැති ඇමතිවරු කොටසක් විතරක් සහාය දෙනවා කියන්නේ රනිල් හිටියටත් වැඩිය පහතට වැටෙන එක කියලා සාමාන්‍ය පෙළ සමත් අයෙකුට වුවත් තේරෙනවා.
තමන්ගේ වරදාන වරප්‍රසාද නැති වෙයි කියන බයට වියරුවෙන් වගේ හැසිරුණාට රටේ මහා ජනතාව රනිල්ට කැමති නැහැ. ස්වාධීන වෙලා නෙවෙයි කහ වතුරෙන් නාලා ආවත්, මැරිලා ඉපදුණත්, මේ රටේ මිනිස්සු රනිල්ට කැමති නැහැ. එච්චරයි.

පොහොට්ටුවේ පාක්ෂිකයා කොහොමත් රනිල්ට කැමති නැහැ. එදා සිරිසේන-රනිල් හවුල මහින්ද රාජපක්ෂ මහතා හැඳින්වූයේ “එළ හරකයි - මී හරකයි වගේ, දෙපැත්තට යන්නේ” කියලා. ඒ කියන්නේ රනිල්ලාගේ ප්‍රතිපත්ති සහ මහින්දලාගේ ප්‍රතිපත්ති අහසට පොළොව වගේ. කවදාවත් එක මගක යන්න බැහැ. ඒ නිසා තමයි පොහොට්ටුවේ මිනිස්සු තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති රකින අපේක්ෂකයෙක් ඉල්ලුවේ. ඉතින් පක්ෂය කළේ ඒ ජනතාවගේ ඉල්ලීම ඉටු කිරීම.
රනිල්ට සහාය දෙන්න තීරණය කළා නම් ඒක ඒ අයගේ නිදහස. ඒ ගැන අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් තමන්ගේ නූගත් වසල ගතිය පෙන්වමින් පොහොට්ටුවේ පාක්ෂිකයාගේ දේශපාලනික නිදහස නැති කරන්න අසාධාරණ කූඨ ගේම් ගහන එක නම් අන්තිම සවුත්තුයි. කාංචනට පිට කොන්දක් තියෙනවා නම් පොහොට්ටුවේ අපේක්ෂකයා එක්ක හැප්පිලා බලන්න ඕනා. එහෙම නැතුව සාගර කාරියවසම් මහා ලේකම්තුමාට ප්‍රශ්න ඇති කරලා, අනෙක් මන්ත්‍රීවරුන්ට තර්ජනය කරලා කරන ඔය දේශපාලනය මොකක්ද? හරිම අවලස්සනයි. අජූතයි. අප්‍රසන්නයි.

ඒ සියලු තර්ජන ගර්ජන මර්දන මැද්දේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති වෙනුවෙන් හිටගත් පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මාගේ ගෞරවය පුද කරන්න කැමතියි. ඒ වගේම ලංකාවේ ඒකීයත්වය, ජාතික චින්තය සහ දේශීය ආර්ථිකය රකින වාමාංශික කඳවුරේ පොහොට්ටුවේ සහෝදර සහෝදරියන්ට මාගේ ආචාරය! සත්‍යය සැමදා ජය ගනු ඇත!
(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 අගෝස්තු 3



