නිකම්ම සල්ලි හම්බුකෙරුවත් නෙවෙයි රාජ්‍ය අනුග්‍රහය වගේ දේවල් එක්ක මර්සියෙන් බිස්නස් කරපු හාදයෙක්. නිකම් බිස්නසුත් නෙවෙයි වෙන කාටවත් ටයිල් එහෙම ගේන්න බැරි වෙලාවක තමන්ගේ ටයිල් ටික ඒකාධිකාරයක් යටතේ විකුණලා සල්ලි හම්බු කරපු ''දක්ෂ'' ව්‍යපාරිකයෙක්. ඒ වගේම 'කසළ නැව්' ගැනත් නම ගෑවුණා කියල කියනවා (ඇත්ත බොරු මම දන්නේ නැහැ).
ඒ කියන්නේ කාටත් විවෘත අවකාශයක, විවෘත තරඟයක් එක්ක, ලොකු අවදානමක් එක්ක, කම් ඕ ගෝ චිකාගෝ කියල සල්ලි විසිකරලා සල්ලි හම්බුකරන්න හදපු මනුස්සයෙක් නෙවෙයි ධම්මික මටනම්. මම කියන්නේ එහෙම ඉතිහාසයක් ගැන අපි අහල නැහැ.
අවම වශයෙන් බණ්ඩාරනායකලා, සේනානායකල තමන්ගේ දේපළ උගසට තියල, තිබ්බ දේවල් නැති කරගෙන, ඇතිවෙන්න හරි නැතිවෙන්න හරි කියල දේශපාලනය කළා කියල අපි අහල තියනවා. ඒ අයට කුමාරි ජයවර්ධන කියන්නේ ''සොක්කෝ'' කියල (nobodies). ධම්මිකල එක්ක ගත්තම එයාල සොක්කෝද මම දන්නේ නැහැ.
ඉතිං ධම්මිකට දේශපාලනය වැදගත් වෙන්නේ ''එයා දන්නා බිස්නස්'' අර්ථයෙන් මිසක් අවදානම් අර්ථයෙන් නෙවෙයි. හැම පැත්තක්ම ආවරණය කරලා, හැම පැත්තකම තරඟය සීමාකරලා, ටයිල් විකුණනවා වගේ දේශපාලන පිටිය සකස්කරලා දුන්නොත් නම් ඔන්න එයි ජනාධිපති වෙන්න. දැන් පොහොට්ටුවට එහෙම ශක්තියක් නැති නිසා පොර පස්ස ගහනවා.
Ford vs Ferrari එකේ දෙවැනි හෙන්රි ෆෝඩ්, ෆෙරාරි බොස්ගෙන් (එන්සෝ ෆෙරාරි) ඉල්ලන ගේම වගේ එකක් නම් කවදාවත් අපිට ධම්මික වගේ අයගෙන් බලාගන්න බැරිවෙයි. හැම දෙයක්ම ලොස් වෙලා තිබ්බ වෙලාවක තමයි ෆෝඩ් කියන්නේ ''පලයන් පුතා ගිහින් යුරෝපෙ එක්ක යුද්ධ කරපන් කියල'' (Go to war, son).
බටහිර බටහිර වෙලා අපි මෙහෙම උනේ ඇයි කියල හෙන්රි ෆෝඩ්ගේ ඒ ගේම් එක දිහා විතරක් බලල අපිට හිතාගන්න පුළුවන්.
හරිනම් ඇත්තට පොහොට්ටුවට ආදරේ මිනිහෙක් නම් මේ වෙලාවේ තමයි ගේම් එකට උර තියන්න ඕනි. කුජීත වෙලාවේ තමයි ඒ පැත්තේ හිටගන්න ඕනි. පැරදුණත් කමක් නැහැ මේ වෙලාවේ සල්ලි ටිකක් හරි දමල පක්ෂේ බූස්ට් කරලා ගන්න ඕනි කියල හිතන්න ඕනි. මට යමක් ලැබුණේ නැතත් ඉස්සරහට හරි කෙනෙක් මේකෙන් බූස්ට් වෙයි කියල හිතන්න ඕනි මේ වෙලාවේ.
බංකොලොත් වෙලාවේ තමයි ඇත්ත මිනිස්සු ඕනි. ගොඩ ගියාට පස්සේ නම් පඳුරකට ගහලත් නායකයෝ හොයාගන්න පුළුවන්. ධම්මිකල ටයිල් වික්කේ රට හොඳටම හිරවෙච්ච වෙලාවක.
දිනනකොට දිනන්න නම් කාට බැරිද?
ඇහැට කූල් අයි ඩ්‍රොප්ස් ස්පෙක්ස් දාල අව්වේ යන්න කාට බැරිද?
(ධම්මිකගේ ෆොටෝ එකක් වෙනුවට මම ආසයි Ford vs Ferrari එකේ ෆොටෝ එකක් මෙතන එල්ලන්න).
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
වීඩියෝ
Ford V Ferrari (2019) "Go to War Mr Shelby"
https://www.youtube.com/watch?v=IhOkOBDQcyI
දිනනකොට දිනන්න නම් කාට බැරිද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
T
The Leader Desk
August 7, 2024 • 4:34 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නිකම්ම සල්ලි හම්බුකෙරුවත් නෙවෙයි රාජ්‍ය අනුග්‍රහය වගේ දේවල් එක්ක මර්සියෙන් බිස්නස් කරපු හාදයෙක්.
- ඒ වගේම 'කසළ නැව්' ගැනත් නම ගෑවුණා කියල කියනවා (ඇත්ත බොරු මම දන්නේ නැහැ).
- අවම වශයෙන් බණ්ඩාරනායකලා, සේනානායකල තමන්ගේ දේපළ උගසට තියල, තිබ්බ දේවල් නැති කරගෙන, ඇතිවෙන්න හරි නැතිවෙන්න හරි කියල දේශපාලනය කළා කියල අපි අහල තියනවා.
- හැම දෙයක්ම ලොස් වෙලා තිබ්බ වෙලාවක තමයි ෆෝඩ් කියන්නේ ''පලයන් පුතා ගිහින් යුරෝපෙ එක්ක යුද්ධ කරපන් කියල'' (Go to war, son).
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


