The Leader News
BREAKING
Top Ad
Opinion

පිළිම නෙළන්නෝ සහ පිළිම කඩන්නෝ - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

August 13, 2024 • 8:05 AM

පිළිම නෙළන්නෝ සහ පිළිම කඩන්නෝ - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සති කිහිපයකට පෙර එරට නායිකාව වූ බලහත්කාරයෙන් පලවා හරින ලද වීදි අරගලකරුවන්, තම අරගලයේ ජයග්‍රහණය තවමත් සමරන්නේ නගරය පුරා ඇති ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් මුජීබර් රහමන්ගේ පිළිම විනාශ කරමිණි.
  • මැද පෙරදිග සෙරප්පු වලින් පහර දෙන සිරිතක් මා දැක ඇති අතර, පිළිම හිසට නැග සුළුදිය පහ කිරීම නූතන බංගලි අරගල සම්ප්‍රදායක් ද කියා මම කල්පනා කරමි.
  • ඒ සමග ම මා කල්පනා කළේ, මෙවැනි සුරුවිරුකම් කිරීමට 2022 අපගේ අරගලකරුවන්ට නොහැකි වුණේ මන්ද කියා ය.
  • ඉතා වැදගත් තොරතුරු රැසකුත් සමග, සුජිත් කියන විදියට ලංකාවෙත් කොළඹ ප්‍රධාන තැනක ඇති ලොකු පිළිමයක් කඩා දැමීමේ සැලසුමක් තිබී ඇත: "අරගලේදී එක්තරා මොහොතක බණ්ඩාරනායක ප්‍රතිමාව පෙරලන්න යම් පිරිසක් කතා උනා.
අකුරු ප්‍රමාණය (Font Size):


සති කිහිපයකට පෙර එරට නායිකාව වූ බලහත්කාරයෙන් පලවා හරින ලද වීදි අරගලකරුවන්, තම අරගලයේ ජයග්‍රහණය තවමත් සමරන්නේ නගරය පුරා ඇති ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් මුජීබර් රහමන්ගේ පිළිම විනාශ කරමිණි. මෙය කරන ආකාරය ඉතාමත් විචිත්‍ර ය. අඩි විස්සක් තිහක් පමණ උසැති මෙවැනි පිළිම අරගලකරුවන් නැග, අතෝරක් නැතුව මිටි වලින් හිසට පහර දී බෙල්ලට කඹයක් දමා බිමට ඇද දමන්නේ අවට සිටින අරගලකරුවන්ගේ අත්පොළසන් හා විසිල් නාදයක් සමඟ ය. 

 

එක් අවස්ථාවක මා දැක්කේ, උද්යෝගමත් අරගලකරුවෙක් ජාතියේ පියාගේ හිසට නැග, තමන්ගේ කලිසමේ සිපරය හැර, පියාගේ මනහර කේශ කලාපය හරහා තම සුළුදිය පිට කරන අයුරු යි. මැද පෙරදිග සෙරප්පු වලින් පහර දෙන සිරිතක් මා දැක ඇති අතර, පිළිම හිසට නැග සුළුදිය පහ කිරීම නූතන බංගලි අරගල සම්ප්‍රදායක් ද කියා මම කල්පනා කරමි.

ඒ සමග ම මා කල්පනා කළේ, මෙවැනි සුරුවිරුකම් කිරීමට 2022 අපගේ අරගලකරුවන්ට නොහැකි වුණේ මන්ද කියා ය. මගේ මේ ප්‍රශ්නය මා සමාජ මාධ්‍යයට යොමු කළ විට, මාගේ සිත්තර මිත්තර සුජිත් රත්නායකයන් පහත දැක්වෙන අදහස දැක්වීය. ඉතා වැදගත් තොරතුරු රැසකුත් සමග, සුජිත් කියන විදියට ලංකාවෙත් කොළඹ ප්‍රධාන තැනක ඇති ලොකු පිළිමයක් කඩා දැමීමේ සැලසුමක් තිබී ඇත:

 

ඇහැරෙන්න' : බණ්ඩාරනායක පිලිරුවේ දෑස් බැද දමයි
"අරගලේදී එක්තරා මොහොතක බණ්ඩාරනායක ප්‍රතිමාව පෙරලන්න යම් පිරිසක් කතා උනා. ලණුත් අරගෙන ආවා. මම අරගලේදි මට පුලුවන් ආකාරයට යම් තීරණ වලට විරුද්ධව වැඩ කරා. සමහරු අවනත උනා. සමහරු එරෙහි උනා. හැබැයි ඔය බණ්ඩාරනායක ප්‍රතිමාව පෙරලන්න කතා වෙන කොට මම මොකුත් නොකියා සද්ද නැතුව හිටියා. ඇයි දන්නවද? ඔය බණ්ඩාරනායක ප්‍රතිමාව පෙරලනවා තියා හිතන්නවත් බෑ. පොලොව උඩට පේන තාක්ෂණයෙන් තේරෙනවා පොලොව යට ඒකෙ ෆවුන්ඩේෂන් එක තියෙන්නෙ කෝමද කියලා. ඒක පැත්තක තියමුකෝ. හැබැයි අපේ අරගලකරුවන් පරණ පාර්ලිමේන්තුවේ තිබුණ පෙරලන්න පුලුවන් ප්‍රතිමා එකක්වත් පෙරලුවේ නෑ. පෙරලුවානම් පෙරලුවේ තංගල්ල ඩී.ඒ. රාජපක්ෂ ප්‍රතිමාව."

සුජිත් ගේ අදහස් දැක්වීම මට තවදුරටත් හිතන්න යොමු කළේ ය. ඒ අහඹු සිතුවිලි පහත මම ගොනු කරමි.

 

සිංහල ජාතිකත්වයට බණ්ඩාරනායක සමඟ ඇත්තේ ලව්-හේට් සම්බන්ධයකි. වික්‍රමසිංහ සමඟ ඇත්තේ හේට්-හේට් සම්බන්ධයකි. මං හිතන්නේ හේට් සාධකය එන්නේ, වෛර කරන්නාගේ ඇතුලාන්තයෙන් ම ය. බණ්ඩාරනායකගේ හා වික්‍රමසිංහගේ තියෙන පන්ති උස් බවට තමන්ගේ කුදු බව ගලප්පගන්න බැරිකම තමා මෙතනදි බලපාන ප්‍රධාන දේ කියා මට. වෙනත් වචනයකින් කියතොත් ඇක්‍යුට මට්ටමේ පවතින හීනමානය.

90ideo

පිළිම හා කුළුණු බිඳ දමන්න විවිධ ක්‍රම සහ විධි ඇත. ලේසි ම ක්‍රමය වන්නේ බංගලි අරගලකරුවන් කරන ආකාරය. භෞතික ලෙස නොවන ආකාරයකට ද එය කළ හැක. එක්ස් කණ්ඩායමේ මුල් වැඩ වලින් අපගේ සමාජයේ තිබුණු බොහෝ මත නමැති ප්‍රතිමා හා ප්‍රතිරූප නමැති කුළුණු සංකල්පීය හා බුද්ධිමය මට්ටමකින් කඩා බිම දැමූ බව අවුරුදු විස්සක පමණ අතීතයක් මතක අයෙකුට වටහා ගත හැක. එහෙත් ක්‍රියාවලියේත් යම් ප්‍රචණ්ඩත්වයක් හා හැම දෙයක්ම කඩා බිඳ දැමිය යුතුයි වැනි ලාමක හැගීමක් තිබුණ බව මතක ය.

අයිකොනෝක්ලාස්ම්* (නිර්වචනය පහළ) කියා ඉංග්‍රීසියෙන් කියන සංකල්පයෙන් සමාජයේ ස්ථාපිත අයිකන් (බල් සංකේත / විශ්වාස / ස්ථාපිත උභය ප්‍රතිරූප) බිම හෙළීම ගැන විස්තර කෙරේ.

බංගලි වීදි අරගලකරුවන් එය කරන්නේ හුදෙක් වාච්‍යාර්යෙන් ය. තරමක් දුරට ජවිපෙ අතීතයේ කළේත් එය ම ය. උදාහරණ ගණනාවක් තිබ්බත් දැනට කියන්න තියෙන්නේ නන්දන මාරසිංහ ජේමිස් ඇතුගල වැන්නන් මරා දැමීම ය. ජවිපේ දෙබෑ-නිවුන්නා;වන කොටි සංවිධානයත් කළේ ඒක ම ය. උදාහරණ අසංඛ්‍ය ය වූවත් එකක් වන්නේ නීලන් චිරුචෙල්වම් මරා දැමීමය. කොටි-ජවිපෙ දෙගොල්ලන්ට ම මතයක් සමග ගැටෙන්න අපොහොසත් වූ විට කරන්නේ, ඒ මතය දරන්නා එළිමිනේට් කිරීම හෙවත් මරා දැමීම ය. භෞතික ආකාරයට නොවුනත්, ඩිජිටල් මට්ටමෙන් ජවිපෙ දැන් සමාජ මාධ්‍ය තුළ කරන්නේ එය ම ය

"Iconoclasm" is the social belief in the importance of the destruction of icons and other images or monuments, most frequently for religious or political reasons. People who engage in or support iconoclasm are called iconoclasts, a term that has come to be figuratively applied to any individual who challenges "cherished beliefs or venerated institutions on the grounds that they are erroneous or pernicious.

අන්නාසි සමීක්ෂණ හා සාරවිට නිරීක්ෂණ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පිළිම නෙළන්නෝ සහ පිළිම කඩන්නෝ - (උදන් ප්‍රනාන්දු) | The Leader