The Leader News
BREAKING
Top Ad
Opinion

කටකතා භීෂණය - (ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම)

T

The Leader Desk

August 14, 2024 • 5:29 AM

කටකතා භීෂණය - (ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලන ක්‍රියාකාරිත්වයේ ස්වභාවය සම්බන්ධයෙන් ගෙන ආයුතු සාකච්ඡාව අභිබවමින් වෙනත් ඕපාදූපවලට සහ විකෘති කර ගොඩනගන කටකතාවලට ප්‍රමුඛතාවය ලබා දෙන්නට බොහෝ දේශපාලන පක්ෂ හා සම්බන්ධ ලියන්නෝ උත්සාහ කරමින් සිටිති.
  • උදාහරණයක් ලෙස මාලිමාව බලයට පත්වුවහොත් පශ්චාත් මැතිවරණ භීෂණයක් ඇතිවිය හැකි බවට බංග්ලාදේශය ඇසුරෙන් ගෙන එන ව්‍යාජ මතය දැක්විය හැකිය.
  • වැඩි වූ බඩු මිලට සරිලන ලෙස වැටුප වැඩිකරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවකයන් ගත් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ජේආර් කුඩුපට්ටම් කර දමනු ලැබුවේ දහස් ගණනක රැකියා අහිමි කරමිනි.
  • දාහත් වසරක එජාප පාළනය අවසානයේ බලයට පත් චන්ද්‍රිකා රජය දේශපාලන පලිගැනීම් කොමිසමක් පත් කරනු ලැබූවේ දාහත්වසරක එජාප පාලනයෙන් බැටකෑ වින්දිතයන්ට සහන සැලසීමටය.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශපාලන ක්‍රියාකාරිත්වයේ ස්වභාවය සම්බන්ධයෙන් ගෙන ආයුතු සාකච්ඡාව අභිබවමින් වෙනත් ඕපාදූපවලට සහ විකෘති කර ගොඩනගන කටකතාවලට ප්‍රමුඛතාවය ලබා දෙන්නට බොහෝ දේශපාලන පක්ෂ හා සම්බන්ධ ලියන්නෝ උත්සාහ කරමින් සිටිති.

මේ විකෘති දේශපාලන සංවාදයේ ප්‍රධාන වින්දිතයෙක් වන්නේ මාලිමාවයි. උදාහරණයක් ලෙස මාලිමාව බලයට පත්වුවහොත් පශ්චාත් මැතිවරණ භීෂණයක් ඇතිවිය හැකි බවට බංග්ලාදේශය ඇසුරෙන් ගෙන එන ව්‍යාජ මතය දැක්විය හැකිය. පශ්චාත් මැතිවරණ භීෂණය ගැන මෙතරම් කතා කරන්නේ ඒ සම්බන්ධයෙන් ඉහළම පළපුරුද්ද ඇති කණ්ඩායම් වීම දෛවයේ සරදමකි. 

1977 එජාප රජය පත්වූ වහාම ඇතිවූ දේශපාලන පලිගැනීම් විවිධාකාරය. එය විරුද්ධ පාක්ෂිකයාගේ දේපල විනාශය, මංකොල්ලයේ සිට රජයේ සේවකයන් ප්‍රතිවිරුද්ධ දේශපාලනය කල වරදට ලැබූ, දඬුවම් ස්ථාන මාරු දක්වා විහිදුනේය.

 



රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවි කල්පනාවකින් ගොඩ නැඟුණු කපුගේ ගායකයාණන් ගයන "මගෙ බිසවුනේ අසාපන් නුඹ මන්ද්‍රි දේවි නොවුනේ" ගීතය එජාප සමයේ දේශපාලන පලිගැනීමකට දුෂ්කර ප්‍රදේශයකට ස්ථාන මාරු ලැබීම සම්බන්ධයෙන් නිර්මාණය වූ ගීතයකි. එකල සිදු වූ දේශපාලන පලිගැනීම්වල කෲරත්වය සහ එයින් පීඩාවට පත්වූ පීඩිතයන්ගේ ප්‍රමාණය සම්බන්ධයෙන් අදහසක් ලබා ගැනීමට මෙවැනි ගීත සාහිත්‍යයක් නිර්මාණය වීමම ප්‍රමාණවත් ය.

80 ජූලි වර්ජනය: 40 වසරකට පෙර අහිමි කම්කරු සටන්කාමීත්වය.80 ජූලි වර්ජනය
ජේ ආර්ගේ දේශපාලන පලිගැනීම්වල අග්‍රඵලය වන්නේ අසූවේ ජූලි වර්ජකයන්ගේ රැකියා අහිමි කිරීමයි. වැඩි වූ බඩු මිලට සරිලන ලෙස වැටුප වැඩිකරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවකයන් ගත් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ජේආර් කුඩුපට්ටම් කර දමනු ලැබුවේ දහස් ගණනක රැකියා අහිමි කරමිනි.

දාහත් වසරක එජාප පාළනය අවසානයේ බලයට පත් චන්ද්‍රිකා රජය දේශපාලන පලිගැනීම් කොමිසමක් පත් කරනු ලැබූවේ දාහත්වසරක එජාප පාලනයෙන් බැටකෑ වින්දිතයන්ට සහන සැලසීමටය. මේ ආකාරයට ගෝඨාබය පාලනය තෙක් සෑම ආණ්ඩු පෙරලියකදීම බලයට පත් නව රජයන් දේශපාලන පලිගැනීම් විභාග කිරීමට ආයතන ස්ථාපිත කළේය. ඒවායේ නිර්දේශ අනුව වින්දිතයන් කියා ගන්නා අයට වන්දි ගෙව්වේය, රැකියාවල උසස්වීම් ලබා දුන්නේය, වෙනත් වරදාන ප්‍රධනය කළේය. එනයින් බලනකල රාජ්‍ය බලය අවභාවිතා කරමින් සිදු වූ දේශපාලන පලිගැනීම් එජාපයේ සහ ශ්‍රිලනිපය ප්‍රමුඛ සන්ධානයන් හි මූලයටම බැසගත් සම්ප්‍රදායක් ලෙස කිව හැකිය.

 

මාලිමාව යනු කුමක්ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

අද මාලිමා පාලනයක් සම්බන්ධයෙන් තේ කෝප්පයේ කිඹුලන් දකින ඊනියා නිදහස් මතධාරීන් මාලිමා පාලනයක දේශපාලන පලිගැනීම් ගැන සමාජයට විස අදහසක් නිකුත් කරන්නේ දේශපාලන පලිගැනීම ඔවුන්ගේ ශබ්දකෝෂයේ සහ විෂය පථය තුල ඇති සංකල්පයක් නිසාය. විරුද්ධ දේශපාලනයක් කල පමණින් අනෙකා දඬුකඳේ ගැසීමට තරම් මාලිමාව චූල මතයක් ඇති දේශපාලන ව්‍යාපාරයක් නොවන අතර විවේචනයෙහි සහ විසම්මුතියෙහි අගය රාජ්‍යයක පාලනයේදී අත්‍යවශ්‍ය අංගයක් බව මාලිමාව දන්නේය.

අද වනවිට මාලිමාවෙහි නායකත්වයට එල්ල කරන්නට චෝදනා නැත, කලහැකි එකම දෙයනම් කටකතාවලින් භීතියක් සමාජගත කිරීමයි, රටෙහි ජනතාවට මේ පාලනය සහ පාලකයන් ගැන අදහසක් ඇත, අදහසක් නැත්නම් පොඩි පරීක්ෂණයකින් අදහස ලබා ගත හැකිය. ඔබ ඡන්දය දුන් අවසාන මැතිවරණයේ ඡන්දය ලබා දුන් දේශපාලන පක්ෂය සහ අපේක්ෂකයන් මතක් කරන්න, ඔවුන් දැන් සිටගෙන ඇති ස්ථානය ඔබ බලාපොරොත්තු වූ ස්ථානයදැයි සිතන්න.

ජනතාවට ජයක්- මාලිමා රජයක්

upul kumarapperuma(ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම)
upulkumarapperuma@gmail.com
upulex93@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කටකතා භීෂණය - (ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම) | The Leader