The Leader News
BREAKING
Top Ad
Opinion

දීප්තිගේ නාමල් ෆැන්ටසිය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

August 14, 2024 • 8:54 AM

දීප්තිගේ නාමල් ෆැන්ටසිය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාමල්ගේ ජයග්‍රහණය පිළිබඳව ලැබුණු පළමු බාහිර දේශපාලන ඉඟිය තමයි ඒ.
  • ඔහු ජීවිත කාලයක් තිස්සේ කැපවුණු දේශපාලන අයිඩියෝලොජියක් නියෝජනය කරන්න හදපු ඔහුගේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නමින් ප්‍රොක්සියක් දැමීම දෛවයේ සරදමක්.
  • තමන්ගේ පක්ෂය මේ වගේ චාටර් වැඩකට විකුණන්න කොච්චර මුදලක් දුන්නත් ඒ මදි.
  • සමාජ ව්‍යවසායක සහ කර්තෘ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක eranda.ginige@gmail.com 2024 ජූලි 13.
අකුරු ප්‍රමාණය (Font Size):

නාමල්ගේ ජයග්‍රහණය පිළිබඳව ලැබුණු පළමු බාහිර දේශපාලන ඉඟිය තමයි ඒ.

දීප්ති කියන්නේ සෝ ඕවරේටඩ් x කණ්ඩායමේ හිටපු ලොක්කා. නිර්මාල්ගේ ආර්ච්රයිවල්. නමුත් නිර්මාල් වගේ නොවෙයි, දීප්ති සැබැවින්ම බුද්ධිමතෙක්. යූටියුබ්කාරයෙක් වුණාට ඔහු පතපොත විකිපීඩියා කියවන සංස්කෘතික මිනිහෙක්. දර්ශනවාදය ගැන දන්න ඒ ගැන කතා කරන ප්‍රාමාණිකයෙක්. ලංකාවේ දේශපාලනයේ අමුතුම අනන්‍යතාවයක් තිබෙන පොරක්. ඔහු ජීවිත කාලයක් තිස්සේ කැපවුණු දේශපාලන අයිඩියෝලොජියක් නියෝජනය කරන්න හදපු ඔහුගේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නමින් ප්‍රොක්සියක් දැමීම දෛවයේ සරදමක්.

 


එක පැත්තකින් මේක රනිල් වික්‍රමසිංහගේ කැම්පේන් එකට කරන සාහසික කෝචෝක් එකක්. රනිල්ගේ කැම්පේන් එකේ ඉන්න මිනිහෙක් මේ වගේ තර්ඩ් ක්ලාස් වැඩක් කිරීමට කැමති කරවා ගැනීම විසින් දීප්ති ජීවිත කාලයක් තිස්සේ මේන්ටේන් කරන්න හදපු නූතනවාදී වෙස්මුහුණ ගැලවිලා ඔහු තුළ ඉන්න ලාංකික ගොඩයා එළියට එනවා. තමන්ගේ පක්ෂය මේ වගේ චාටර් වැඩකට විකුණන්න කොච්චර මුදලක් දුන්නත් ඒ මදි. මොකද සමබිම පක්ෂය ගැන බලාපොරොත්තු තබාගෙන හිටිය දීප්තිගේ අනුගාමිකයන්ට කරපු මේ මදිපුංචිකම කීයක් දීලාවත් කරගන්න බැරි ආතල් එකක්.

අනෙක් පැත්තෙන් මේක දීප්තිගේ අවිඥානක ෆැන්ටසිය පිළිබිඹු කරන්නක්. මහින්ද රාජපක්ෂගේ පුතා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඒමත් සමග ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු වුණා. මහින්දගේ පුතාට හැමෝගෙම හිතේ ලෙන්ගතුකමක් තිබෙනවා. හැමෝම ආසයි මහින්දගේ පුතා වගේ වෙන්න. දීප්ති කුමාර ගුණරත්නත් ආසයි කියන්නේ ඉතින් තව මොන කතාද… නැද්ද නිර්මාල්? ධර්මය අපට මග වේවා!

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ජූලි 13

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දීප්තිගේ නාමල් ෆැන්ටසිය - (එරන්ද ගිනිගේ) | The Leader