The Leader News
BREAKING
Top Ad
Opinion

යකඩ යකා : පෙට්ටි කඩෙන් අවසන් වූ යටත්විජිත උරුමය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

August 14, 2024 • 5:00 PM

යකඩ යකා : පෙට්ටි කඩෙන් අවසන් වූ යටත්විජිත උරුමය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කියන්නේ පොර මහා ලොකු නීතියක් නොකැඩුවා වෙන්න පුළුවන්.
  • රේල්ලුව ඇතුලේ වගේම ස්ටේෂන් එකෙත්.
  • දාඩිය පෙරාගෙන වඩේ විකුණන එවුනුත් එහෙමයි.
  • (මේ චීනයේ බුලට් ට්‍රේන් එකක් ඇතුලේ ගැහැණු දුම්රිය රියදුරෙක්).
අකුරු ප්‍රමාණය (Font Size):

මට නම් අවුල්.

ඒ කියන්නේ පොර මහා ලොකු නීතියක් නොකැඩුවා වෙන්න පුළුවන්. ඒත් දුම්රිය සහායක හරි රියදුරු හරි මෙහෙම කෑම පොට්වලටයි අර පොට්වලටයි මේ පොට්වලටයි හතර අතේ දුව දුවා ඉන්න ගියොත්?

පොර රියදුරු සහායක හැටියට එහෙම එහාට මෙහාට ගියාට අවුලක් නැහැ කියන්නේ පොරට එතන රැකියාවක් තිබිල නැහැ කියන එක නේද? ඒ කියන්නේ රියදුරුට සහායක නැතුව ඒ වැඩේ කරන්න පුළුවන් කියන එක. අවදානමක් නැහැ කියන එක.

සුද්ද අපිට දීලා ගියපු ආයතනයකට වෙච්ච දෙයක්. බලන්න අර කෝච්චි එන්ජිමේ හැටි. හද්ද පරණ එකක්. ශබ්ද දූෂණය විතරයි.

දුම්රිය රියදුරු කියන්නේ පයිලට් කෙනෙක්ට වගේ ලස්සන නිල ඇඳුමක් දීලා තිබ්බ. දැන් මේ දුවන එකා ඉන්නේ සිවිල් පිට.

සුද්දගේ කාලේ හොඳ කැන්ටින් එකක් තිබ්බ. රේල්ලුව ඇතුලේ වගේම ස්ටේෂන් එකෙත්. දැන් තියන කැන්ටින්වල කෑම බල්ලට වැඩක් නැහැ. දාඩිය පෙරාගෙන වඩේ විකුණන එවුනුත් එහෙමයි. ඒකනෙ පොර වයික්කාල හන්දියේ පෙට්ටි කඩේට දුවන්නේ. සුද්ද දුන්න කැන්ටිම සහ ඒ ආයතන සියල්ල විනාශ වෙලා දැන් කෝච්චි ඩ්‍රයිවර් පෙට්ටි කඩේට වැටුණ.

දැන් ඕනිනම් ෆැෂන් එකට දේශපාලනේට බනින්න පුළුවන්.

මේ විදියට මේ දුම්රිය සේවය පවත්වාගෙන යන එක තමයි අවුල. කිසිම දෙයකට මිළක් නියම කරන්න බැහැ. තත්වය (standards) පවත්වාගෙන යන්න බැහැ. හැම දේම තුට්ටු දෙකට කරන්න ඕනි.

අඩුම මුදලට ටිකට් එක. නැත්නම් හොරට. අඩුම ටෙන්ඩර් එකට කැන්ටිම. අඩුම මිළට කෑම එක. අඩුම අඩුම අඩුම....

දැවැන්ත ආයතනයක් වෙන්න තිබ්බ තැනක් අවසන් උනේ පෙට්ටි කඩෙන්.

ආ..මේන්.

දුම්රිය සේවයේ බර්ගර් මිනිස්සුන්ගේ පැතිකඩ ගැන කියවෙන 'යකඩ යකා' කියන ලස්සන නවකතාව ලිව්වේ කාල් මලර්.

(මේ චීනයේ බුලට් ට්‍රේන් එකක් ඇතුලේ ගැහැණු දුම්රිය රියදුරෙක්).

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යකඩ යකා : පෙට්ටි කඩෙන් අවසන් වූ යටත්විජිත උරුමය - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader