පිළිගැනීම් එක්ක. ඇයි මම ඒවාට මතුපිට දේවල් කියල කියන්නේ? ඒවාට ගැඹුරක් නැති හින්දද? නැහැ.
ඒවාට ගැඹුරක් තියනවා. හැබැයි අපි අපේ මනුෂ්‍ය පැවැත්මේ ගැඹුර ඒ හැම සමාචාරයක් එක්කම සම්බන්ද කරගන්නේ නැහැ. හැම මනුෂයෙක් එක්කම පවත්වන්නෙත් නැහැ.
අපි යාළුවෙක් හිතවතෙක් අසල්වැසියෙක් දැක්කොත් කතාකරනවා හිනා වෙනවා. හැබැයි අපි අපේ ආත්මයේ ඇත්තම ඇත්ත ගැඹුරින් ඒ හැමෝම එක්ක කතාකරන්න යන්නේ නැහැ. අපි ඇත්තම ගැඹුරින් සම්බන්ද වෙන්නේ ජීවිතේ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් එක්ක. ගොඩක් වෙලාවට මේ 'ඇත්ත කෙනා' එක්කෙනෙක් වෙන්න පුළුවන්. අපි සම්පුර්ණයෙන් නිරාවරණය කරන, අපිව සම්පුර්ණයෙන් නිරාවරණය වෙන (අනාරක්ෂිත වන තරම් නිරාවරණය වෙන) මේ කෙනාට අපි ''ආදරය'' කියල කියනවා.
වෛරයත් එහෙමමයි. අපි යම් යම් අය එක්ක පොඩි පොඩි තරහවල් තිබ්බත් ගොඩක් වෙලාවට තදට වෛරකරන්නේ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් එක්ක. ගොඩක් වෙලාවට එක්කෙනයි.
ඉතිං දැන් ඔයාලට තේරෙන්න ඕනි ආත්මයේ පතුලින්ම අපි ආදරය හෝ වෛරය පාදකකරගෙන තවත් මිනිස් පැවැත්මක් එක්ක සම්බන්ද වෙන්නේ ඉතාම පුද්ගලිකව. අනික් හැමෝම එක්ක අපි මතුපිටින් කතාකරලා ඉන්නවා. ඕකට තමයි 'සාමාන්‍ය ජීවිතය' කියල කියන්නේ.
හැබැයි පොදු අවකාශයකට ආවම ගොඩක් වෙලාවට අර පෞද්ගලික දේ පැත්තක තියල අපි මතුපිටින් හරි ආචාර සමාචාර කරනවා. තරඟවලදී වගේම සටන් වලදී පවා මේ තත්වය දකින්න පුළුවන්.
එක රටක් තව රටකට යටත්වෙන වෙලාවක පවා මේ මතුපිට සමාචාර සිදුවෙනවා අපි දැකල තියනවා.
මේක නිකම් 'දේශපාලන නිරවද්‍ය' (politically correct) රඟපෑමක් උනත්, ඒකෙ පොඩි බුර්ෂුවා ගතියක් තිබ්බ උනත් මේ දේවල් මිනිස්සු මේ ශිෂ්ටාචාරය පුරාවට කරලා තියනවා. දැනුත් කරනවා.
අර පුද්ගලික දේවල් අමතක කරලා - නැත්නම් යටපත් කරගෙන - මේ රඟපෑම කරන්නත් යම් ශිෂ්ටබවක් තියෙන්න ඕනි. විශේෂයෙන් තමන්ට ආදරය කරන සියදහස් ගණනක් තමන්දිහා බලාන ඉන්නකොට.
ඊයේ මැතිවරණ කාර්යාලේ නාමයෝජනා අත්සන් කරන වෙලාවේ මේ විදියට විරුද්ධවාදීන් එකිනෙකාව හම්බඋනාමත් මේ මතුපිට සමාචාර සිදුවෙනවා අපි දැක්ක. සහ සමාජය තමන්ගේ නායක කාරකාදීන් ඒ වගේ වෙලාවට ගණුදෙනු කරන්නේ කොහොමද කියන එක දැක්ක.
නමුත් රනිල් අත දිගුකරනකොට ඒ අත අල්ලගන්න, අල්ලගෙන I wish you all the best කියන්න තරම් ලොකු හදවතක් සජිත්ට තිබ්බේ නැහැ. දෙන්න අතරේ අවුල් ගොඩක් ඇති හැබැයි පොදු අවකාශයේ ඒවා පෙන්නන්න ඕනි නැහැ කියල සජිත්ට නිකමනටවත් කල්පනා වෙන්න නැතුව ඇති. සමහර අය මේකට හුරේ දායි. හැබැයි සජිත් ඒ 'ලොකුකම' ඇතුලේ පෙන්නුවේ තමන්ගේ පුංචිකම...
රනිල් නිසා තමන්ගේ හිත කොච්චර රිදිල තිබ්බත් ඒක යටපත් කරගෙන ලංකාව වෙනුවෙන් ලංකාවේ මිනිස්සු වෙනුවෙන් ඊළඟට රටේ නායකයා වෙන්න ඉන්න මනුස්සයා පෙන්නුවේ අපි දන්නා දේශපාලන ශිෂ්ටත්වයට නොගැලපෙන දෙයක්. විශේෂයෙන් එයා ලංකාවේ ඉස්කෝල ගානේ ගිහින් පුංචි එවුන් එක්කත් ඉන්න එකේ.
පොඩි එවුන් අහයි ඔයා රනිල් මාම එක්ක ඇත්තටම තරහද කියල....
ඔව්...සජිත් ඔය හරි පොඩියි....ලංකාව ඔයාට වඩා ලොකුයි. ඒක අනුර පවා පෙන්නුවා.
ඔව්..අපිට නවතින්න තව ගොඩක් නැවතුම් ඉස්සරහ තියනවා උනත් එච්චර ඉස්සරහට යන්නේ නැතුව අපි මේ වෙලාවේ මෙතන නතරවෙලා තියෙන්නේ ඇයි කියල ඔයාලට දැන් තේරෙනවා ඇති.
අපි මේ නතරවෙලා ඉන්නේ අවසන් නැවතුමට ගොඩක් මෙහා නැවතුමක. සතුටින්.
(ජපානය යටත්වන මොහොතේ ජෙනරල් ටොරශිරෝ කවබේට අතට අත දීම ප්‍රතික්ෂේප කරන කර්නල් සිඩ්නි මෂ්බීර්ගේ ඓතිහාසික ජායාරූපය).
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



