ඒක අතිශය වැදගත් ලකුණු වීමක්. රටක ජනාධිපතිවරයා කියන්නේ ඒ රටේ අනන්‍යතාවය නියෝජනය කරන ප්‍රධාන පුරවැසියා. ඒ නිසා ඔහුගේ/ඇයගේ සෑම බාහිර ප්‍රකාශනයක්ම ඉතා වැදගත්. අඩුම ගානේ ඒ අතිශය භාරදූර තනතුරට සිය අපේක්ෂකත්වය බාර දෙන වැදගත් අවස්ථාවේවත් තමන්ගේ රටේ අනන්‍යතාවය අභිමානයෙන් විදහා පාන්න බැරි නම් ඔහුගෙන් ඇති වැඩේ මොකක්ද, මිත්‍රවරුනි!
නමුත් මම මෙවර දකිනවා ඊටත් වඩා එහා ගිය කිසියම් පැරඩයිම් ෂිෆ්ට් එකක්. නාමල් විසින් ජාතික ඇඳුම අලුත් දේශපාලන සංකේතයක් බවට පත් කරමින් ඉන්නවා. මුලින්ම ඔහු කඩවසම් තරුණයෙක් විදිහට ජාතික ඇඳුම ෆැෂන් එකක් කරනවා. ඒ වගේම ආර්ය සිංහල ජාතික ඇඳුම සහ දෙමළ ජාතික ඇඳුම අතර මොකක්දෝ ලස්සන මුහුවක් කරමින් ඉන්නවා. අත් දිග සුදු කමිසයත් අඳිනවා. අත් නවපු පච්ච කමිසයත් අඳිනවා. එයාට ඒ දෙකම නියමෙට ගැලපෙනවා. ඒ ඇඳුම් දෙක බොහෝ දුරට සමාන වුණාට ඒවා අතර ඇහැට පෙනෙන වෙනසක් තිබෙනවා. ඊයේ විග්නේශ්වරන් ඇවිල්ලා හිටියේ ඔහුගේ ජාතික අනන්‍යතාවයෙන්. නාමල් හරිම පහසුවෙන් ඒ දෙක යාකරමින් ඉන්නවා. සමාජ දේශපාලන සංස්කෘතික ප්‍රගමනය සැබැවින්ම තියෙන්නේ මෙන්න මේ වගේ අපි නොහිතන තැන්වල. ඒවා කියලා කරලා උගන්නලා කරන්න පුළුවන් දේ නොවෙයි.
සංස්කෘතික යාකිරීම් කරන්න හරිම අමාරුයි. සිංහල සහ දෙමළ කියන්නේ අනන්‍ය සංස්කෘතීන් දෙකක්. ඒවා එහෙමම තිබිය යුතුයි. නමුත් රාජ්‍ය නායකයා හැටියට ඒ වෙනස් සංස්කෘතික මිනිසුන්ට ඒකාත්මික සංකේතයක් වෙන්න පුළුවන් නම් ඒක ලංකාවේ ඊළඟ ප්‍රගතිශීලී දේශපාලන බලවේගය වීම වළක්වන්න බැහැ. සම්ප්‍රදාය සහ නූතනත්වය හරිම බුහුටි ලෙස ගලපමින් ඉන්න නාමල් අපිට අලුත් මගක් පෙන්වන්න හදනවා වගේ නේද… පරණ වෛරී කුහක දේශපාලනයෙන් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුට නාමල් අලුත් ආශීර්වාදයක එළියක් වෙමින් තිබෙනවා. ධර්මය අපට මග වේවා!(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 අගෝස්තු 16
ඇඳුමේ දේශපාලනය - (එරන්ද ගිනිගේ)
T
The Leader Desk
August 16, 2024 • 5:40 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒක අතිශය වැදගත් ලකුණු වීමක්.
- ඒ නිසා ඔහුගේ/ඇයගේ සෑම බාහිර ප්‍රකාශනයක්ම ඉතා වැදගත්.
- අඩුම ගානේ ඒ අතිශය භාරදූර තනතුරට සිය අපේක්ෂකත්වය බාර දෙන වැදගත් අවස්ථාවේවත් තමන්ගේ රටේ අනන්‍යතාවය අභිමානයෙන් විදහා පාන්න බැරි නම් ඔහුගෙන් ඇති වැඩේ මොකක්ද, මිත්‍රවරුනි!
- නාමල් විසින් ජාතික ඇඳුම අලුත් දේශපාලන සංකේතයක් බවට පත් කරමින් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


