The Leader News
BREAKING
Top Ad
Opinion

මේ වෙලාවෙ සජිත්/අනුර නෙමෙයි; රනිල් තමයි - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

August 18, 2024 • 7:43 AM

මේ වෙලාවෙ සජිත්/අනුර නෙමෙයි; රනිල් තමයි - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනම්, ලොව බංකොලොත් වූ හා වෙන්නට ඉඩ තිනෙ සෙසු රටවලට ද ආදර්ශයක් වන පරිදි ශ්‍රී ලංකාව නගාසිටුවීමට අවශ්‍ය පියවර ගන්නට රනිල් සමත් විය.
  • ජනප්‍රිය රැල්ලට යට වී අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරන බව කියන සජිත් ප්‍රේමදාස වැනි නායකයකු පත් නොකළ යුත්තේම එම නිසාය.
  • අනුර කුමාර දිසානායක දැන් මේ මාර්ගයේ ම යන බව කියයි.
  • එය නිවැරදි බව තේරුම් ගැනීමට ඔහුට කෙතරම් කලක් ගියාද?
අකුරු ප්‍රමාණය (Font Size):

එනම්, ලොව බංකොලොත් වූ හා වෙන්නට ඉඩ තිනෙ සෙසු රටවලට ද ආදර්ශයක් වන පරිදි ශ්‍රී ලංකාව නගාසිටුවීමට අවශ්‍ය පියවර ගන්නට රනිල් සමත් විය. ඒවා අති දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ වූ අතර දැඩි විරෝධයකට ද තුඩු දුන්නේය. එහෙත්, රනිල් ඒ සියල්ල කළමනාකරණය කරගන්නට සමත් විය.

 

මම වැටුණත් රට වට්ටන්නේ නෑ' - ජනාධිපති වික්‍රමසිංහ

පක්ෂ භේදයකින් තොරව සෑම අංශයකම සහයෝගය දිනාගෙන දක්ෂ ඇමති මණ්ඩලයක සිට අප වැනි ස්වේච්ඡා ආධාරකරුවන් දක්වා බලමුළුගැන්වීම් කරගැනීමට රනිල් සමත් විය. 

රට නැවත බංකොලොත් වීම වළක්වා ගැනීමට නම්, මෙතෙක් සාර්ථක වූ මේ මාර්ගයේ ඉදිරියට යාම මිස වෙනත් විකල්පයක් නැත. ජනප්‍රිය රැල්ලට යට වී අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරන බව කියන සජිත් ප්‍රේමදාස වැනි නායකයකු පත් නොකළ යුත්තේම එම නිසාය.

අනුර කුමාර දිසානායක දැන් මේ මාර්ගයේ ම යන බව කියයි. එය නිවැරදි බව තේරුම් ගැනීමට ඔහුට කෙතරම් කලක් ගියාද? ඔහු තව සංවර්ධනය විය යුතුය. ඒ සඳහා ප්‍රබල විපක්ෂයක් සමග අවුරුදු පහක් වැඩ කරන්නට අනුරට අවස්ථාව ලබා දිය යුතුය. 

 

ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන් ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

හිටපු පාලකයන්ට එරෙහිව නැගෙන ප්‍රබලම චෝදනාවක් වන්නේ දූෂණයයි. දූෂණය නැති කිරීම බංග්ලාදේශ ක්‍රමයට කළ නොහැකිය. එය කළ හැක්කේ නීති සම්පාදනය මගිනි. මේ වන විට රජය ඉතා ප්‍රබල දූෂණ මර්දන පනතක් හඳුන්වා දී තිබේ. ජනක රත්නායකට දේශපාලන පක්ෂයක් විකිණීමට උත්සාහ කළ පිරිසක් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදි. 

මැතිවරණ වියදම් පනත වහා සම්මත කර ගන්න ! - දේශපාලන පක්ෂවලට බලපෑම්

 

නව මැතිවරණ වියදම් නියාමන පනත තවත් වැදගත් නීති සංශෝධනයකි. එමගින් මැතිවරණයේදී අපේක්ෂකයන් විසින් කරනු ලබන වියදම් සීමා කරනු ලබන අතර සීමාව ඉක්මවා වියදම් කරන අපේක්ෂකයන්ට එරෙහිව ජනතාවට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. 

පසුගිය දෙවසර තුළ කරන ලද නීති සංශෝධන සංඛ්‍යාව 75ක් පමණ වන අතර තවත් 25ක් පමණ සූදානම් කර තිබිණි. 

සොරකම් කළ දේපළ ආපසු ලබාගැනීමේ පනත ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත වැදගත් පනතකි. 

 



රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරණ ව්‍යාපාරය ෂෝට් ඇන් ස්වීට් එකකි. එය දිනෙන් දින වේගයෙන් ඉදිරියට යමින් තිබේ. ජනමාධ්‍ය තලය දැනටමත් ග්‍රහණය කරගැනීමට රනිල් සමත් වී ඇත. 

එහෙත්, බිම් මට්ටමේ ක්‍රියාකාරකම් තවමත් ආරම්භ වී නැත. බිම් මට්ටමේ සිටින ආධාරකරුවන්ට නායකත්වය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම අවශ්‍යය. ඒ වෙනුවෙන් රනිල්ට සහාය දක්වන දේශපාලන පක්ෂවල සංවිධායකයන් වහ වහා ක්‍රියා කළ යුතුය. පුළුල් සන්ධානයක් නිසා ඉතා විධිමත් මධ්‍යගත සංවිධාන ව්‍යූහයක් අපේක්ෂා කළ නොහැකිය. එහෙත්, සංවිධානමය සම්බන්ධතා අවශ්‍ය අයට ඒ සඳහා අවස්ථාව ලැබිය යුතුය. මිනිසුන් නායකයන් දැන හඳුනා ගන්නට කැමතිය. අනාගත රජයකට තම දුක්ගැනවිලි කියන්නට, උදව් උපකාර ලබාගන්නට මහජන නියෝජිතයන් සමග සම්බන්ධතා වැදගත්ය. 

Election ranil

අප වැනි අයට නම් ඒ කිසිවක් අවශ්‍ය නැත. කිසිදු සංවිධානමය සම්බන්ධයක් නොමැතිව පවා අපි රට වෙනුවෙන් මේ වෙලාවේ රනිල්ට උපකාර කරන බව කිව යුතුය. එහෙත්, කවුරුන් හෝ කෙනෙකු අප හරහා සම්බන්ධතා අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ට මග පෙන්වීමට හෝ අපට හැකියාවක් තිබිය යුතුය. මෙය දකින රනිල්ගේ නියෝජිතයන් ඒ ගැන සිතනු ඇතැයි අපේක්ෂා කරමු. 

කලබල වෙන්නට දෙයක් නැත. ජනාධිපතිවරණයට තව මාසයක් ඇත. නිහඬ බහුතරයේ හඬ රනිල්ය.

පාසල්වලට බස් බෙදීම සම්පත් නාස්තියක් - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...