The Leader News
BREAKING
Top Ad
Opinion

අපරිපූර්ණ රනිල්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

August 18, 2024 • 9:32 AM

අපරිපූර්ණ රනිල්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම හිතන්නේ ඔහුට විරුද්ධ පාක්ෂික අය මේක ගොඩක් ප්‍රමෝට් කරනවා වගේම මේ කේස් එකේදී රනිල්ට සපෝට් කරන අය සෑහෙන්න නිරුත්තර වෙන්න නියමිතයි. ඒ සිංහල බෞද්ධ ආචාර සමාචාර සන්දර්භය එක්ක.
  • ඇත්තටම බොක්කෙන් අපි දේවල් කරන්නේ ඉතාම සීමාසහිත කලාපයක. දැන් මේ ආචාර සමාචාර ඉතාම හොඳින් ප්‍රගුණ කරපු කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ.
  • දැන් දශක ගණනක් රනිල්ට ගැහුවේ මේ පොයින්ට් එක පදනම් කරගෙන. මම හිතන්නේ මේ දුරස්ථ බව අපි හැමෝගේම වගේ තියනවා.
  • නමුත් ලංකාවේ සන්දර්භය ඇතුලේ මේ දෙන්න සමානයෝ නෙවෙයි. මෙතන වැඩේ තියෙන්නේ මේ වගේ දෙයක් දේශපාලන වාසි වෙනුවෙන් පාවිච්චි කරන එක.
අකුරු ප්‍රමාණය (Font Size):
මම හිතන්නේ ඔහුට විරුද්ධ පාක්ෂික අය මේක ගොඩක් ප්‍රමෝට් කරනවා වගේම මේ කේස් එකේදී රනිල්ට සපෝට් කරන අය සෑහෙන්න නිරුත්තර වෙන්න නියමිතයි. 

ඒ සිංහල බෞද්ධ ආචාර සමාචාර සන්දර්භය එක්ක. ඒ නිසා ''ට්‍රැක පැනපු සීයා හාමුදුරුවන්ට අතට අත දෙනවා'' කියල කතාවක් යනවා. ආචාර සමාචාර ගැන පෝස්ට් එකක් දාල ඊයේ ෆේස්බුක් එක ඒක ගලවල තිබ්බ. සමහර විට මේකත් ගලවයි. 
 
මම කලින් පෝස්ට් එකේ කිව්ව දේ තමයි මේ ආචාර සමාචාර කියන්නේ ගොඩක් අපි මතුපිට නඩත්තු කරන දේවල් මිසක් ඒවා අපේ ආත්මයේ අභ්‍යන්තරයට සම්බන්ද නැහැ කියන එක. ඇත්තටම බොක්කෙන් අපි දේවල් කරන්නේ ඉතාම සීමාසහිත කලාපයක. 
 
දැන් මේ ආචාර සමාචාර ඉතාම හොඳින් ප්‍රගුණ කරපු කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. අනිත් අයත් මේක දක්ෂ විදියට කරනවා. නමුත් රනිල් කියන කෙනා මේ රටේ මේ ආචාර සමාචාර කියන තැනදී ගොඩක් ඓන්ද්‍රීය කෙනෙක් නෙවෙයි. දුරස්ථ කෙනෙක්. මේ රටේ සන්දර්භයට නොගැළපෙන මොකක්දෝ එකක් රනිල්ගේ තියනවා. දැන් දශක ගණනක් රනිල්ට ගැහුවේ මේ පොයින්ට් එක පදනම් කරගෙන. 

මම හිතන්නේ මේ දුරස්ථ බව අපි හැමෝගේම වගේ තියනවා. රනිල්ගෙන් ඒක ගොඩක් වෙලාවට එළියට එනවා. අවිඥාණිකව. 

ලස්සන වැඩේ තමයි ඒ හාමුදුරුවොත් ඒ දුන්න අත අල්ලගන්නවා. අවුලක් පේන්නේ නැහැ. දෙන්නම සමානයෝ. වඳිනවාට වඩා අතට අත දෙන එකේ පොඩි සමානත්වයක් නඩත්තු වෙනවා. නමුත් ලංකාවේ සන්දර්භය ඇතුලේ මේ දෙන්න සමානයෝ නෙවෙයි. 
 
මෙතන වැඩේ තියෙන්නේ මේ වගේ දෙයක් දේශපාලන වාසි වෙනුවෙන් පාවිච්චි කරන එක. හැබැයි මේ වෙලාවේ ඒකට මොකුත් කියන්න බැහැ. මොකද මේක දේශපාලනය. ඒක තමන්ගේ වාසිය පිණිස පාවිච්චි කරන්න ඕනි. මිස්ටේක් නොකර ඉන්න හැමෝම වගබලා ගන්න ඕනි. 
හැබැයි මම රනිල්ට එදා ඉඳන් කැමති එක හේතුවක් තමයි එයා තුල තියන මේ බටහිර - බුර්ෂුවා - ලංකාවට හරියට ෆිට් නොවන ගතිය. බහුතර ජනයාගේ ආශාවට ෆිට් නොවන ගතිය. මනකාන්ත ජනකාන්ත නොවන බව. විගලිත බව. ඒක තමයි එයාගේ වීක් පොයින්ට් එක (weak point). හැබැයි අපි එයාට කැමතිවෙන ඒ දුර්වල තැනත් ඒකමයි. 

මේ රට ඇතුලේ අපි හැමෝම විගලිතයි. මේ රටට ඕනි මේ රටට ආදරේ වගේම මේ රටෙන් තරමක් දුරස්ථ කෙනෙක්. එතකොට තමයි මේ රට ඇත්තටම පේන්න ගන්නේ. 

එයාගේ අනික් හැම ප්‍රතිවාදියෙක්ම පරිපුර්ණයි. රනිල් එච්චර ලංකාවේ ජනතා ඇස ඉස්සරහා පරිපූර්ණ නැහැ. මේක ලංකාවේ හැමෝම දන්නා දෙයක්. (බලන අය පෝස්ට් එක අයින් කරන්න කලින් බලන්න). 

(පසුව ලියමි: ඇත්තටම මුලින් අත දික්කරන්නේ හාමුදුරුවෝ. ඊටත් කලින් රනිල් වේදිකාවට ගොඩවෙන්නේ ම වැඳගෙන. කොහොම උනත් මගේ පොයින්ට් එක වෙනස් වෙන්නේ නැහැ).

බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...