The Leader News
BREAKING
Top Ad
Opinion

කැම්පේන්වල මේ වෙන තෙක් අහපු හොඳම සිංදුව (වීඩියෝ)

T

The Leader Desk

August 19, 2024 • 5:06 PM

කැම්පේන්වල මේ වෙන තෙක් අහපු හොඳම සිංදුව (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ පාර චන්ද (සිංහල පොරවල් මේකෙ ච යන්න හදන්න එන්න එපා.
  • මේ සිංදුවෙ කියන්නෙ අපි මහන්සි වෙලා වැඩ කරලා මව්බිම වෙනුවෙන් අපේ ණය ගෙවන පිරිසක් ගැන.
  • ඒ අරුනම සිංදුව පොහොට්ටුවෙ හද ගැස්ම ස්පර්ශ කරන බවක් පේනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ පාර චන්ද (සිංහල පොරවල් මේකෙ ච යන්න හදන්න එන්න එපා. මං ජීවිතේට පාවිච්චි කරන්නෙ නැති කැත අකුරක් ඡ යන්න)  කැම්පේන්වල මේ වෙන තෙක් අහපු හොඳම සිංදුව මේක. වි‍ශේෂයෙන්ම මෙලඩිය.

අපි සීරුවෙන් පාර්ට් ටූ විදිහට මේ සිංදුව ගන්න පුළුවන්. ඒ ගායිකාව විසින්ම ගායනා කරපු එක මරු. ඒකෙන් රනිල් සතු අරගලයේ උරුමයත් නැවත අත්පත් කරගන්නවා.

මේ වෙද්දි මංගල හදපු 'අපි සීරුවෙන්' සිංදුව ජවිපෙ විසින් පාවිච්චි කරමින් ඉන්නවා.

 

හැමතිස්සෙම රනිල් පාර්ශ්වය නිර්මාණය කරලා නොමිලේ ලබාදීපු දෙයින් තමයි ජාජාබෙ වැඩ හැදෙන්නෙ කියන එකට ඒක හොඳ උදාහරණයක්. (ප්‍රතිපත්ති වුනත් එහෙමයි) මංගල විසින් යෝජනා කරපු ජනපති තමයි රනිල්.


ඊට අමතරව මේ සිංදුව හරිම ලස්සන වෙනසක් සළකුනු කරනවා. මේ සිංදුවෙ කියන්නෙ අපි මහන්සි වෙලා වැඩ කරලා මව්බිම වෙනුවෙන් අපේ ණය ගෙවන පිරිසක් ගැන. ඒ කියන්නෙ අපි විසින් රටට කළ යුතු දේ ගැන කල්පනා කරන පුරවැසියන් ගැන.

ජාජාබෙ කතා කරන්නෙ රටෙන් අපිට මේක දීපියව්, අරක දීපියව් කියන පිරිසක් ගැන. ඒ අය අධ්‍යාපනයේ ඉඳන් හැම දෙයක්ම රටේ වැඩ කරන මිනිස්සුන්ගෙන් අරගෙන තමන්ගේ බුක්තියට සරි කරගන්නා ජාන වංශය.

ඒ අරුනම සිංදුව පොහොට්ටුවෙ හද ගැස්ම ස්පර්ශ කරන බවක් පේනවා. ඒ රනිල් විසින් නිර්මාණය කළ පෙරමුනේ නව හැඩය. චූලවාංශික සහ මහා වාංශික ප්‍රජාවන් දෙකේ සම්මුතිය.

වෙන කිසි එකකටත් වඩා ජාජාබෙ සිංදුව එනකං මං බලන් ඉන්නෙ.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

 
සබැඳි ලිපි :
Focus රනිල් විතරයි! - 'අරගලයේ ගායිකාව'ගෙන් අලුත් ගීතයක් (වීඩියෝ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...