යම් මතයක් අතැතිව නොවේ.
අද මම කතා කරන්නේ රනිල්ට එදිරිව සජිත් පිලිබඳවය. අනුර පිලිබඳව පසුවට කතා කල හැකිය.
මෙවර චන්දයෙදී ඉන්න එකා වී ඇත්තේ රනිල්ය. නමුත් රනිල් ඉන්න එකා ලෙස රටට කල අවැඩක් නැත. ( රනිල්ගේ අතීතය වෙනම කතාවකි)
බොහෝ දෙනකුට රනිල් අරහංය. කලක් තිස්සේ මටද රනිල් එසේමය.
නමුත් රනිල් අරහං වී ඇත්තේ ඔහුගේ අතීතය හේතුවෙන් මිස අනුප්‍රාප්තික ජනාධිපති ලෙස ඔහු කල දෑ මත නොවේ.
අනුප්‍රාප්තික ජනාධිපති රනිල්ට එරෙහිව සමාජ කෝපය එල්ලවී තිබුනේ රනිල් කියු කෙරූ දේ නිසා නොව රනිල් සමග පොහොට්ටුවේ රාජපක්ෂ පවුල සමඟ සිටගෙන සිටි නිසාය.
රට පැත්තෙන් බැලු විට රනිල්ට පොහොට්ටුව සමඟ එකඟ නොවී රට පැවති අගාදයෙන් ගොඩගැනීමට හැකියාවක් තිබුනේ නැත.
පාර්ලිමේන්තුව විසුරුවීමට තරම් පසුබිමක්ද එදා තිබුනේ නැත.
ජනතාව එම යතාර්ථය අමතක කොට රනිල්ට දෙස් දෙවොල් තැබුවේ අහේතුකවය.
පලමු අවස්තාවේදී එම සමාජ කෝපය අතික්‍රාන්තවී තිබුනේය. ඒ නිසාම බහුතර සමාජය රනිල් හඳුන්වා දුන්නේ රනිල් රාජපක්ෂ ලෙසටය. නමුත් රාජපක්ෂ පවුල රනිල්ගෙන වියෝවීමත් සමග එකී පටබැඳි නාමය දැන් ගැලවී ගොස් තිබෙන්නේය.
ඒ නිසා දැන් කියන්නේ රනිල් සමග හොරු කියාය.
හොරු, රනිල් සමග මෙන්ම සජිත් සමග ද සිටිති.
ඒ නිසා හොරු යන චවනය අලංකාරෝක්තියක් පමනක් වන්නේය.
හොරු රනිල් සමග සිටින විට කියන්නේ පට්ට හොරු කියාය.
සජිත් සමග හිටගත් විට කියන්නේ මහත්වරු (මහත්හොරු) කියාය.
සජබේ, මරික්කාර්ලාට මුජිබර්ලාට අනුව රනිල් ජනාධිපති ලෙස කරපු දෙයක් නැත.
ලොකුම දේ සජිත් ගේ බස් හා ටීවී බෙදිල්ලය. එහෙම නැති නම් සජිත් පෙන්වන සිහින කතාය.
ඇත්තටම මට අනුව නම් ඉන්න එකා වන රනිල් එලවන්න තරම් වරදක් කොට නැත.
එන්න ඉන්න යක්කු දෙස බැලු විට මගේ සිතුවිල්ල වන්නේ අප ඒ අය ගැන අප දන්නේම නැති බවය. ඒ අය ගැන අත්දකින්නට වන්නේ ඔවුන් බලය හසුරුවන්නට පටන් ගත් දවසක සිට බවය.
නමුත් පෙර පුරුද්දට ඒ අය පිලිබඳව මේ මොහොතේ අපට හඳුන්වා දෙන්නේ අපගේ ඉෂ්ඨ දේවතාවුන් ලෙසටය.
සජිත් ඉෂ්ඨ දේවතාවකු ලෙස අපට හඳුන්වාදෙන්නේ පොහොට්ටුවෙන් පැමිනි මහාචාර්යවරු දෙදෙනෙක් සහ ආචාර්ය වරයෙකි.
මේ අය ගෝටා අපට හඳුන්වාදුන්නේ ද මෙලෙසටමය.
රනිල්ගේ කෙරුවාවේ හොඳ ගැන කියන්නට තරම් වන කෙනෙකු අද සමාජය තුල නොමැති තරම්ය.
රනිල් හොඳයයි සිතන්නේ ගෝටාට චන්දය දුන් පොහොට්ටු පාක්ෂිකයන්ය.
ගෝටාට එරෙහිව එදා චන්දය දුන් බහුතරය දැන් රනිල්ට විරුද්දය.
මම එදා චන්දය දුන්නේ ගෝටාට එරෙහිවය. නමුත් මෙවර මගේ චන්දය රනිල්ටය.
නමුත් මම ඉන්නේ සුළුතරය තුලය.
රනිල්ට ඉදිරියට එන්න නම් මේ සූළුතරය බහුතරයක් බවට පත් කර ගතයුතුව තිබේ.
ජපන් කියමනකට අනුව දැක්මක් නැති වැඩපිලිවලක් නපුරු සිහිනයක් දකිනවාට සමානය.
වැඩපිලිවලක් නැති දැක්මක් දහවල් සිහින දකිනවාට සමානය.
නොදන්න නායකයන් ජනපති පුටුවේ වාඩි කොට අපි දකින්න යන්නේ එක්කෝ දහවල් දකින සිහිනයකි. එසේත් නැති නම් දකින්නට යන්නේ නපුරු සිහිනයකි.
චන්දය තුල සිහින දැකීමෙන් තොරව යතාර්ථය දකින්නට අපට අවශ්‍ය වන්නේය.
එම යථාර්තය සඳහා ඉඟියක් දෙන්නේ බංකොලොත් භාවය පසු කරමින් අප ගත කලපසුගිය වසර දෙකක කාලයයි.
අප සැමගේ තෝරා ගැනීමට පදනම් විය යුත්තේ එම කාලයයි.
(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com
@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...
රනිල් හොඳද? තරහ නොගෙන හිතන්න! - (නීතිඥ ශිරාල් ලක්තිලක)
T
The Leader Desk
August 20, 2024 • 6:31 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අද මම කතා කරන්නේ රනිල්ට එදිරිව සජිත් පිලිබඳවය.
- මෙවර චන්දයෙදී ඉන්න එකා වී ඇත්තේ රනිල්ය.
- නමුත් රනිල් ඉන්න එකා ලෙස රටට කල අවැඩක් නැත.
- නමුත් රනිල් අරහං වී ඇත්තේ ඔහුගේ අතීතය හේතුවෙන් මිස අනුප්‍රාප්තික ජනාධිපති ලෙස ඔහු කල දෑ මත නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


