The Leader News
BREAKING
Top Ad
Opinion

අනුරගේ කැම්පේන් එක උපක්‍රමික වෙනසකට ලක් වී ඇත - (අසංක සායක්කාර)

T

The Leader Desk

August 21, 2024 • 5:31 AM

අනුරගේ කැම්පේන් එක උපක්‍රමික වෙනසකට ලක් වී ඇත - (අසංක සායක්කාර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුරගේ කැම්පේන් එක උපක්‍රමික වෙනසකට ලක් වී ඇත.
  • අනේ අපිටත් බලය දෙන්න කියන ආයාචනය වෙනුවට දැන් ඇසෙන්නේ වැනෙන බලයක් වෙනුවට ශක්තිමත් තීන්දු ගැනීමට ශක්තිමත් බලයක් ලබා දෙන ලෙසට වන ඉල්ලීමකි. එහි වක්‍රොත්තිය අපි දිනන එක ෂුවර්.
  • මේ ජයග්‍රාහී ඇටිටියුට් එක ප්‍රතිවාදියා දුර්වල කරනා සේම කුපිත කරවයි.
  • ඒ කුපිතවීම ප්‍රතිවාදි ප්‍රධාන අපේෂකයාගේ සිට පහළ පාක්ශිකයා දක්වාම ගලා ගොස් ඇත. සජිත් රනිල් වේදිකාවේ මරු කියවද්දි ඒ වෙනුවෙන් කැම්පේන කරන්නෝ ද මරු කියති.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අනුරගේ කැම්පේන් එක උපක්‍රමික වෙනසකට ලක් වී ඇත. අනේ අපිටත් බලය දෙන්න කියන ආයාචනය වෙනුවට දැන් ඇසෙන්නේ වැනෙන බලයක් වෙනුවට ශක්තිමත් තීන්දු ගැනීමට ශක්තිමත් බලයක් ලබා දෙන ලෙසට වන ඉල්ලීමකි. 
 
එහි වක්‍රොත්තිය අපි දිනන එක ෂුවර්. හැබැයි දිනන එක දෙඹෙන්ම දිනන්න ඕනෙ කියන හැගීමයි. ජයග්‍රහණයක් සදහා ජයග්‍රාහී ඇටිටියුට් එකක් අත්‍යාවශ්‍යය. එය ප්‍රධාන අපේක්ෂකයාගේ සිට කැන්වසින් යන පාක්ශිකයා දක්වා සියලු දෙනාගෙන් විෂද වියයුතුය. නොමිනේෂන් දීමෙන් පසු NPP කැම්පේන් එක ඒ පීල්ලට මාරු වීම වැදගත් ය. මරු ය. ආතල් ය.
2020 මහ මැතිවරණය: ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක
 
මේ ජයග්‍රාහී ඇටිටියුට් එක ප්‍රතිවාදියා දුර්වල කරනා සේම කුපිත කරවයි.

ඒ කුපිතවීම ප්‍රතිවාදි ප්‍රධාන අපේෂකයාගේ සිට පහළ පාක්ශිකයා දක්වාම ගලා ගොස් ඇත. 

සජිත් රනිල් වේදිකාවේ මරු කියවද්දි ඒ වෙනුවෙන් කැම්පේන කරන්නෝ ද මරු කියති. මරු ලියති. උන්ගේ කැම්පේන් භාරගත් සමහර ඇඩ්වර්ටයිසින් ටයිසන්ලා බයිසන් පන්නයේ post පිට post හලන්නේත් මේ මරු විකාරයේම කොටසක් ලෙසිනි. තව ටිකකින් මේ post එක යටින් ද එවැනි මරලතෝනි ඇසෙන්නට හැක. 
 
Political Fighting
සටනක දී ප්‍රතිවාදියා මරු විකාරවීම ම මරු ය. දැන් තිබෙන්නේ තව තවත් උන්ව මරු විකාර කර මේ විකාරය සදහටම අතුගාදැමීමය. එතෙක් විජයග්‍රාහී ඇටිටියුට් එකෙන්ම තරගවදිමු.

asanka sayakkara(අසංක සායක්කාර)
ප්‍රවීණ පිටපත් රචක හා නාට්‍ය අධ්‍යක්ෂ 

Asanka Sayakkara ගේ ෆේස්බුක් පිටුවෙන්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...