The Leader News
BREAKING
Top Ad
Opinion

කොහු මිටි හංස හමුදාව සිහි කරන මාලිමා කොට්ඨාස සභාවල සාමය ආරක්ෂා කිරීම - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

August 21, 2024 • 6:34 AM

කොහු මිටි හංස හමුදාව සිහි කරන මාලිමා කොට්ඨාස සභාවල සාමය ආරක්ෂා කිරීම - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිය හා පිළිවෙල පවත්වාගෙන යාමට රාජ්‍ය යාන්ත්‍රණ තිබේ.
  • උග්‍ර ට්‍රොට්ස්කිවාදියකු වූ අනිල් මුණසිංහ 1970 ආසන්න වකවානුවේදී වියපත් සමසමාජ පාක්ෂිකයන් පිරිසක් ගාලු මුවදොරට කැඳවා හංස හමුදාව නම් අතුරු හමුදාවක් පිහිටුවා කොහු මිටි රැගෙන සංදර්ශනයක් පෑවේය.
  • න් පසු එක්සත් ජාතික පක්ෂයේ මෙවැනි අතුරු හමුදා මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් ආරම්භ වී, ගම්වැසියන්ට එරෙහිව පොලිසියට ඔත්තු දීමේ කර්තව්‍යයේ යෙදෙමින් සිට අවසානයේදී කොළ කොටි නම් සන්නද්ධ ඝාතක කල්ලියක් දක්වා විහිදිණි. ජවිපෙ සමග ක්‍රියාකාරී තරුණයන් අවමය.
  • මේ ඊනියා කොට්ඨාස සභා සමන්විත වන්නේ වයස අවුරුදු 50 ඉක්මවූ බහුතරයකගෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතිය හා පිළිවෙල පවත්වාගෙන යාමට රාජ්‍ය යාන්ත්‍රණ තිබේ. පොලිසිය හා අධිකරණය එහි ප්‍රධාන අංශයකි. 

පොලිසියේ, අධිකරණයේ අඩුපාඩු තිබේ නම්, ඒවා නිවැරදි කර එම අංශ ශක්තිමත් කිරීම අවශ්‍යය. මහජනතාව පොදුවේ පොලිසියට සහාය දැක්විය යුතුය. ග්‍රාම නිලධාරි වසම් මට්ටමෙන් ඒ සඳහා පුරවැසි කමිටු ද පිහිටුවා තිබේ. සාමය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය එවැනි ස්වාධීන ආයතන මිස දේශපාලන පක්ෂවල කොට්ඨාස සභා නොවේ. එවැනි සභාවලින් සාමය උල්ලංඝනය කරනවා මිස රැකගත නොහැකිය.

 

දේශපාලන පක්ෂයකට කඩේ යන හෙංචයියකු සාමය ආරක්ෂා කරන්නකු ලෙස සාමාන්‍ය පුරවැසියා ඉක්මවා යන කාර්යභාරයක් කරන්නේ නම්, එහිදී විමසිලිමත් විය යුතු කරුණක් වන්නේ එම පුද්ගලයා සාමය ආරක්ෂා කරන ආකාරයයි. 

දේශපාලන පක්ෂ විසින් මෙවැනි ඊනියා සාම ආරක්ෂකයන් පත්කිරීම සම්බන්ධයෙන් ලංකා ඉතිහාසය එතරම් හොඳ එකක් නොවේ. උග්‍ර ට්‍රොට්ස්කිවාදියකු වූ අනිල් මුණසිංහ 1970 ආසන්න වකවානුවේදී වියපත් සමසමාජ පාක්ෂිකයන් පිරිසක් ගාලු මුවදොරට කැඳවා හංස හමුදාව නම් අතුරු හමුදාවක් පිහිටුවා කොහු මිටි රැගෙන සංදර්ශනයක් පෑවේය.

1977න් පසු එක්සත් ජාතික පක්ෂයේ මෙවැනි අතුරු හමුදා මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් ආරම්භ වී, ගම්වැසියන්ට එරෙහිව පොලිසියට ඔත්තු දීමේ කර්තව්‍යයේ යෙදෙමින් සිට අවසානයේදී කොළ කොටි නම් සන්නද්ධ ඝාතක කල්ලියක් දක්වා විහිදිණි. 

 


ජවිපෙ සමග ක්‍රියාකාරී තරුණයන් අවමය. මේ ඊනියා කොට්ඨාස සභා සමන්විත වන්නේ වයස අවුරුදු 50 ඉක්මවූ බහුතරයකගෙනි. ඒ අතරින් සැලකිය යුතු පිරිසක් 1989 කැරැල්ලේ ඇරියස් සමග නැවත ජවිපෙ සමග සම්බන්ධ වූ අයයි. ඒ අතරම, 1989 කැරැල්ලේදී ජවිපෙ තරුණයන් ඝාතනය කළ, වධහිංසනයට ලක් කළ, දැන් විශ්‍රාම ගොස් සිටින හමුදා සෙබළු ද සිටිති. 

මේ සංකලනයෙන් බිහි විය හැක්කේ අපූරු හංස හමුදාවකි. 

නැතුවට කමක් නැහැ දෙයියො! පොලිසිය කොච්චර නරක වුණත් කමක් නැහැ, බංගලි පොලු හමුදාවලට වඩා හොඳයි. ලාල් කාන්තගේ නීතිය ගමට සංකල්පයයි, අනුර කුමාරගෙ මාලිමා කොට්ඨාස සභායි දෙකම එක මිටට පැරදවිය යුතුයි.

 



මේ වෙලාවෙ සජිත්/අනුර නෙමෙයි; රනිල් තමයි - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...