The Leader News
BREAKING
Top Ad
Opinion

මිනිහෙකුගේ චරිතය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

August 21, 2024 • 10:11 AM

මිනිහෙකුගේ චරිතය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැමදේම නරකට සිද්ධ වෙන කොට ඔහු හැසිරෙන ආකාරය අනුවයි” කියලා ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා.
  • ඔවුන් අද වැඩ කරන්නෙත් නාමල්ට විරුද්ධව.
  • සමාජ ව්‍යවසායක සහ කර්තෘ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක eranda.ginige@gmail.com 2024 අගෝස්තු 21.
අකුරු ප්‍රමාණය (Font Size):

හැමදේම නරකට සිද්ධ වෙන කොට ඔහු හැසිරෙන ආකාරය අනුවයි” කියලා ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙන්න හිටියේ සජිත් සහ අනුර. ඒ දෙන්නට හැමදේම හොඳින් සිද්ධ වෙමින් තිබුණා. අනුර තමයි ඉතිහාසයේ දිගම සහ වැඩිම වියදමක් කරලා කැම්පෙන් එකක් කළේ. අවුරුදු තුනක් තිස්සේ බඩවැල වගේ කැම්පෙන් කරනවා. හිතා ගන්න බැරි සල්ලියක් මීඩියාවලට, රැස්වීම්වලට, කුප්ප වැඩවලට වියදම් කරනවා. ජවිපෙ තමයි ලංකාවේ ධනවත්ම පක්ෂය. සජිත් මුකුත් නොකර විහිළු කතා කිය කිය හිටියත් විපක්ෂයේ නායකයා හැටියට වාසිය ඔහුට ලැබෙනවා. අනික සජබ පක්ෂයක් හැටියට ශක්තිමත්. 

මේ වගේ තමන්ට අතිශය අවාසිදායක පරිසරයක තමයි නාමල් තරගයට එන්නේ. ඒ ඇයි? නාමල්ට ඕන හැටියේ තිබුණා මේ වෙලාවේ නොඉල්ලා ඉන්න. නමුත් ඔහු මේ අමාරුම වෙලාවේ අභියෝගය ගත්තා.

 

සාහසික අරගලයෙන් බැට කාලා ඉන්න කොට පක්ෂය නැවත නැගිට්ටෙව්වේ නාමල්. රට වටේ ගිහිල්ලා පුංචි පුංචි රැස්වීම් තිය තියා පාක්ෂිකයන්ට කතා කළා. එහෙම නැවත නැගිටින කොට පක්ෂයේ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ගේ වාසියට පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දීලා රනිල්ගේ පර්මිට් එකට පැන්නා. ඔවුන් අද වැඩ කරන්නෙත් නාමල්ට විරුද්ධව. හැම පැත්තෙන්ම නාමල්ට මේක අමාරුම අවස්ථාවක්.

බලයට කෑදර මිනිහෙක් නම් කිසිසේත්ම මේ වගේ වෙලාවක ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔය පැනපු අවජාතක නිවටයන් වගේ කපටිකමට තමන්ට වාසි මස් කට්ටක් අරගෙන ඉන්නවා. නමුත් නාමල් එහෙම කළේ නැහැ. ඒ නිසා තමයි නාමල්ට අපි ගරු කරන්නේ.

 

එක පොහොට්ටුවට නිලමැස්සො දෙන්නෙක් ! - (ගාමිණී වියන්ගොඩ)
නාමල් මේක ගත්තෙම අපේ කඳවුර වෙනුවෙන්. අපේ කඳවුරේ මිනිස්සු වෙනුවෙන්. අපේ කඳවුරේ මිනිස්සුන්ගේ මතවාදය වෙනුවෙන්. කොච්චර අමාරු වෙලාවක වුණත් තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ ඒ මිනිහා උසස් මිනිහෙක්. එහෙම මිනිස්සු තමයි ඉතිහාසය පුරාම ජයග්‍රහණය කරලා තියෙන්නේ.

ධර්මය ඔබට මග වේවා!

(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 අගෝස්තු 21

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මිනිහෙකුගේ චරිතය - (එරන්ද ගිනිගේ) | The Leader