The Leader News
BREAKING
Top Ad
Opinion

අපි හිත හදාගමු ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

August 21, 2024 • 4:42 PM

අපි හිත හදාගමු ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආයෙත් දෙකට නැවිල ආපහු යනවා.
  • ඔතන කුළ ප්‍රශ්නයක් නම් නැතුවත් ඇති.
  • කොහොම උනත් ඒ ඇමතීම වැඩවසම් සන්දර්භයක් ඇතුලේ වෙච්ච වැඩක් බව වටේ තියන නිළමේ නිලඇඳුම සහ අනෙක් සංඥා ඇතුලෙම ගැබ්වෙලා තියනවා.
  • අපි කොච්චර නූතන වෙන්න හැදුවත් සහ උසස් නූතන බව (higher modernity) ගැන සිහින දැක්කත් මේ පශ්චාත් නූතන සැණකෙළිය නවත්වන්න අපිට බැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ආයෙත් දෙකට නැවිල ආපහු යනවා.

ඔතන කුළ ප්‍රශ්නයක් නම් නැතුවත් ඇති. මොකද දැන් නැට්ටුවෝ එන්නේ කුල පදනමකින් නෙවෙයි. එක්කෝ ඉස්කෝල වලින්, නැත්නම් නර්තන ආයතන වලින්. නැත්නම් වෘත්තීය නැට්ටුවෝ. මෙයින් අදහස් කරන්නේ නැහැ කුලය නැත්තටම නැතිවෙලා වගේ දෙයක්. තාමත් දියවඩන සහ අනික් නිලමෙලා එන්නේ විශේෂ පවුල් පසුබිමකින්.

කොහොම උනත් ඒ ඇමතීම වැඩවසම් සන්දර්භයක් ඇතුලේ වෙච්ච වැඩක් බව වටේ තියන නිළමේ නිලඇඳුම සහ අනෙක් සංඥා ඇතුලෙම ගැබ්වෙලා තියනවා. හැබැයි එතන අර සංඥා මඟහැරියොත් තියෙන්නේ බොස් කෙනෙක් කාර්යාල සේවකයෙක්ට අමතන ඇමතිල්ලම තමයි. හමුදාවේ නම් මේක මීට හොඳට තියෙනවා. ඒවා නූතන ආයතන.

අපි කොච්චර නූතන වෙන්න හැදුවත් සහ උසස් නූතන බව (higher modernity) ගැන සිහින දැක්කත් මේ පශ්චාත් නූතන සැණකෙළිය නවත්වන්න අපිට බැහැ.

හේතුව මේක දැන් වෙනත් වෙළඳපළ වටිනාකමක් තියන ගෝලීය පාරිභෝගික භාණ්ඩයක්.

අපිට ඕනි ඩොලර්. ඩොලර් ගේන්න අපි ඕනෑම දෙයක් කරනවා. අපි නෙවෙයි ලෝකේ අපිට වඩා දියුණු රටවල් පවා මේ පූර්ව නූතන දේවල් මාකට් එකට අරන් ඇවිල්ල තියනවා.

 

වෙළදපල සහ පාරිභෝජනය ඇතුලේ අපිට මින් එහාට යන්න බැහැ. ඒ නිසා නූතන බව පහුකරල උසස් නූතනබව (අවසන් නැවතුම) වෙත යන්න තියා අපිට වැඩවසම් එක පහුකරන්නවත් වෙන්නේ නැහැ.

ඒ නිසා අවසන් නැවතුමට ගොඩක් කලින් නැවතුමක අපේ රටවල්වලට නවතින්න වෙනවා. සහ ඒ වෙනුවෙන් හිත හදාගන්න වෙනවා.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...