The Leader News
BREAKING
Top Ad
Opinion

සීතාවෝ සහ රනිලාවණ - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

August 25, 2024 • 7:32 AM

සීතාවෝ සහ රනිලාවණ - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාවණා දඬු මොණරෙන් සීතාව උස්සගෙන එනවා.
  • රාමා සමග හිටිය සීතාට වගේ අරඹේපොළ ගැනත් අපට කිසියම් ගෞරවයක් තිබුණා නාලක ගොඩහේවා හෝ විමල් වීරවංශ හෝ වැනි ඊනියා ජාතිකවාදීන් මෙන් අරගලකරුවන්ට බයේ වස්ත්‍රයේ මුත්‍රා පහව “තමන් පොහොට්ටුවේ නොවෙයි” කියා හඬමින් පැනලා නොගියාට.
  • නමුත් ඉස්සිලා බෙල්ල දික්කරලා බලන හැටියට අනෙක් පැත්තෙන් ඉන්න සාගලගේ වුණත් “සක් වල ගල ප්‍රකම්පිත වී” යන්නට ඇති.
  • සමාජ ව්‍යවසායක සහ කර්තෘ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක eranda.ginige@gmail.com 2024 අගෝස්තු 24.
අකුරු ප්‍රමාණය (Font Size):

රාවණා දඬු මොණරෙන් සීතාව උස්සගෙන එනවා. ඇවිල්ලා (ලංකාවේ ඉන්න රාවණා පරපුරේ උන් පණ පිහිටලා කියන විදිහට) බඩගාගෙන යා යුතු අධිතාක්ෂණික ගල් ගුහාවක් අස්සේ වඩා ගෙන නලවනවා. ඒ වගේ දෙයක් තමයි සීතා අරඹේපොළටත් වුණේ. 

සීතාවෝ ඒ කාලේ පෙනී හිටියේ මේ දීපංකරේ බිහි වුණු අසහාය ජාතිකවාදී කත විදිහට. එළිය සංවිධානයේ වේදිකාවේ වීදුරු පුපුරුවන නාසික ස්වරයෙන් ගැයූ මහා සිංහල වීර කාව්‍ය අද රනිලාවණගේ බාච්චු තුරුලේ සැඟව ගිහින්…

 


කිසිදු පරිපාලන අත්දැකීමක් නැති සීතාවෝ ආණ්ඩුකාරවරියක් කළේ ගෝඨාභය. ඊට පස්සේ ඒ දේවීන්නාන්සේව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනාවෙත් ගෝඨාභය. ඊටත් පස්සෙ රාජ්‍ය අමාත්‍යවරියක් කළේත් ගෝඨාභය. නමුත් රනිල් ළඟට යන්න කලින් අඩුම ගානේ ගෝඨාභයට කතා කරලා කියන්නවත් ගුණයක් සීතාට තිබුණේ නැහැ. ඉත්තී පුරුස භේදයකින් තොරව ඊනියා ජාතිකවාදීන් තරම් ගුණමකුවන් මේ ලෙව්හි නැහැ.

රාමා සමග හිටිය සීතාට වගේ අරඹේපොළ ගැනත් අපට කිසියම් ගෞරවයක් තිබුණා නාලක ගොඩහේවා හෝ විමල් වීරවංශ හෝ වැනි ඊනියා ජාතිකවාදීන් මෙන් අරගලකරුවන්ට බයේ වස්ත්‍රයේ මුත්‍රා පහව “තමන් පොහොට්ටුවේ නොවෙයි” කියා හඬමින් පැනලා නොගියාට. නමුත් ඒ ගෞරවය හේදිලා ගියා සීතා කැමැත්තෙන්ම රනිලාවණගේ ඔඩොක්කුවට පැන්නම.

මේ පින්තූරයේ සීතාවෝ වැඳගෙන ඉන්නේ රනිලාවණගේ අහවල් එකටද කියන්න මා දන්නේ නැහැ. නමුත් ඉස්සිලා බෙල්ල දික්කරලා බලන හැටියට අනෙක් පැත්තෙන් ඉන්න සාගලගේ වුණත් “සක් වල ගල ප්‍රකම්පිත වී” යන්නට ඇති. විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍යයක මෙහෙම පාඨයක් තිබෙනවා “Frailty, thy name is woman”. “චාපල්‍ය, ගැහැණිය ඒ තිගේ නමයි.” ධර්මය ඔබට මග වේවා!

අනුරාධපුරයේ නායකත්ව කථාව - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 අගෝස්තු 24


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...