The Leader News
BREAKING
Top Ad
Opinion

තලතා අතුකෝරළ සජබ අතහැර ගියේ ඇයි...? (විඩියෝ)

T

The Leader Desk

August 27, 2024 • 5:06 AM

තලතා අතුකෝරළ සජබ අතහැර ගියේ ඇයි...? (විඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම පක්ෂය දෙකඩ කරමින් පළමුවරට එස්.ඩබ්.ආර්.
  • තවත් වතාවක් ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක වෙනත් පක්ෂයක් පිහිටවූහ.
  • තලතා අතුකෝරාල යනු දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් මතු නොව ඇමති ධුර ද දැරූ චරිතයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම පක්ෂය දෙකඩ කරමින් පළමුවරට එස්.ඩබ්.ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවිය. තවත් වතාවක් ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක වෙනත් පක්ෂයක් පිහිටවූහ. ඊට පසු සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පිරිසක් පක්ෂයෙන් වෙන්ව ගොස් සමගි ජන බලවේගය නමින් වෙනත් පක්ෂයක් පිහිටුවාගත්හ; එමතු නොව එක්සත් ජාතික පක්ෂය අභිභවන්නට සමත් විය. ඔහු සමග එදා ඉවත්ව ගිය පිරිස අතර තලතා අතුකෝරළ ද ප්‍රමුඛ චරිතයකි.

තලතා අතුකෝරාල යනු දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් මතු නොව ඇමති ධුර ද දැරූ චරිතයකි. එදා තලතා අතුකෝරළ එක්සත් ජාතික පක්ෂය අතහැර ගොස්, සජබ සාමාජිකත්වය ගෙන, පාර්ලිමේන්තුවට ද පැමිණියා ය. නමුදු ඇය පසුගිය දිනෙක සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූවා ය. එපමණක් නොව සජිත් ප්‍රේමදාස පිළිබඳ දීර්ඝ විවේචනයක් ද කළා ය.

ඇය එසේ කළේ ඇය ද යන්න සහ සජිත් ප්‍රේමදාසගේ දේශපාලන භුමිකාව කෙබඳුද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට නම්: දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක මතු පළවන විඩියෝවෙහි දක්වන අදහස් පිළිබඳ අවධානය යොමු කරන්න.    

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...