The Leader News
BREAKING
Top Ad
Opinion

සංගීත්ල පව්! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

August 31, 2024 • 5:18 PM

සංගීත්ල පව්! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙළියොත් අපි ඒක එළවන්නේ ගෝඨාට කලින් කියල.
  • ඇත්තටම මේක මෙච්චර දුර ආවේ ජවිපෙ නිසා.
  • පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙත් වැඩකරලා යම් අත්දැකීමක් තියන පක්ෂයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙළියොත් අපි ඒක එළවන්නේ ගෝඨාට කලින් කියල.

ඒක ඒ වෙලාවේ හැටියට නැගල යන කතාවක් සහ ඒකෙන් නිකම් ගම්‍ය වෙනවා ගෝඨා එලෙව්වා වගේම අනුර සහ මාලිමාව උනත් එලවන්න පුළුවන් ඒ නිසා එයාලට චන්දෙ දෙන්න බයවෙන්න එපා වගේ හැඟීමක්. ඒ කියන්නේ විශේෂයක් නැහැ අනික් හැමෝම වගේ මේකත් එළවන්න පුළුවන් කියන එක.

මට අනුව ගෝඨා සහ මාලිමාව කියන්නේ අහසට පොළොව වගේ ඉතාම වෙනස් ප්‍රපංච දෙකක්.

ගෝඨා කියන්නේ ඇමෙරිකාවේ ඉඳන් අහසින් පාත්උනා වගේ මහින්දගේ දේශපාලන අනුහසින් සහ තල්ලුවෙන් ජනාධිපති වෙච්ච ගොබිලෙක්. පේමන්ට්වල ඉන්ටෙලොක් අල්ලනවාට වැඩිය දෙයක් එයා දැනගෙන හිටියේ නැහැ.

හැබැයි මාලිමාව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජනප්‍රිය අක්ෂය (popular axis). ඇත්තටම මේක මෙච්චර දුර ආවේ ජවිපෙ නිසා. ඒක පිටිපස්සේ ඉන්නේ ජවිපෙ කාඩර් එක. සහ දශක ගණනක විශාල මහන්සියක්.

ගෝඨා කියන්නේ තනි මිනිහෙක්. අවම වශයෙන් අර්බුදය වෙලාවේ රාජපක්ෂ පවුලේ පවා ලොකු බැකින් එකක් නැතුව හිටපු තනි මිනිහෙක්.

හැබැයි අපි ඉස්සරහින් අනුර කියල එකක් දැක්කට ඊට පිටිපස්සේ ඉන්නේ අවුරුදු හතළිහක් හතලිස් පහක් පරණ පක්ෂයක්. ඒ පක්ෂේ හොඳම කාඩර්වරු පවා නැතිවෙච්ච වෙලාවක නැවත නැවත නැඟී හිටපු පක්ෂයක්.

සන්නද්ධ අරගල දෙකක්, පරාජයන් දෙකක්, නැවත නැඟීසිටීම් ගණනාවක් තියන පක්ෂයක්. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙත් වැඩකරලා යම් අත්දැකීමක් තියන පක්ෂයක්.

දැන් සෑහෙන විශාල දේශීය සහ විදේශීය සහයෝගය දක්වන්නන් ඉන්න පක්ෂයක්. සෑහෙන පමණ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සම්බන්දකම් එයාලට තියනවා. සල්ලි තියන පක්ෂයක්. මේ වෙලාවේ ලංකාවේ ලොකුම කැම්පේන් එක කරන පක්ෂය. ලංකාවේ ඕනෑම ලොකු පක්ෂයක් එක්ක ජාතික මට්ටමේ තරඟයක් දෙන්න දැන් එයාලට පුළුවන්.

අපිට ඔහේ ෆේස්බුක් එකෙයි යූබටෙයි නටන්න දීල හිටියට එයාලට ඕනිනම් අපි ඕනි කෙනෙක්ගේ සද්දේ ඕනෑම වෙලාවක වහන්න පුළුවන් පක්ෂයක් (දැන් එහෙම කරන්නේ නැහැ).

සහ මාලිමාව ගෝඨා වගේ පිස්සු කෙළියි කියල හිතන්න එපා. ඒක අපි කරන ඉතාම ලාබ තක්සේරුවක්. එහෙම කිරීමෙන්ම අපි ගඟේ යන්න නියමිතයි.

පිස්සු කෙළපු පක්ෂයකට මෙච්චර දුර එන්න බැහැ වගේම මෙච්චර ලොකු වැඩක් කරන්නත් බැහැ. අවම වශයෙන් ඒක තේරුම්ගන්න.

යම් තැනකදී ගෝඨා වැටුනම ඇහිඳින්න එන්න කවුරුත් නැති උනාට මාලිමාවට එහෙම වෙන්නේ නැහැ. අපි හිතන තරම් ලේසියෙන් නම් සෙල්ලම් කරන්න එයාල එක්ක බැරිවෙයි.

මාලිමාව මාස හයෙන් වැටෙනවා කියන්නේ නම් ට්‍රැක සෑහෙන්න විතර පැනපු උං...

ගෝඨා වගේ මාලිමාව එළවන්න පුළුවන් කියල හිතන සංගීත්ල පව්!

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...