The Leader News
BREAKING
Top Ad
Opinion

සජිත්ගේ ඉරණම..? - (රන්ජන සේනානායක)

T

The Leader Desk

September 1, 2024 • 5:27 AM

සජිත්ගේ ඉරණම..? - (රන්ජන සේනානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහිදී සිරිමාවෝගේ පුත් අනුර බන්ඩාරනායක දේශපාලනය කලේ නුවර එළිය- මස්කෙලිය බහු ආසනය තුලය.
  • එය මන්ත්‍රීකම ඉතා ආරක්ෂා කාරීවන ආසනයක් වූවද හම්බන්තොට එසේ නොවේ. සජිත්ගේ දේශපාලනය ඇරඹුනේම තම පියාට තරුණ ජීවිත 60,000 කගේ ජීවිත විනාශකල අපකීර්තිය බැරවීතිබූ වටපිටාවකදීය.
  • එසේම සජිත්ගේ දේශපාලනය ඇරඹුනේම තම පියාට තරුණ ජීවිත 60,000 කගේ ජීවිත විනාශකල අපකීර්තිය බැරවීතිබූ වටපිටාවකදීය.
  • නමුත් ඒ සියළු නිෂේධාත්මකතාවයන් අභියෝගයක් ලෙස භාරගනිමින්ම සජිත් සිය දීර්ඝ කාලින දේශපාලන ව්‍යාපෘතිය හම්බන්තොටින් ඇරඹීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇත්තටම "සජිත්" සාධකය දේශපාලනය තුල යම් ස්ථාවර චරිතයක් වන්නේ ඔහුගේ පියාණන් වුණු හිටපු ජනාධිපති වරයෙකු වූ R ප්‍රේමදාස මහතාගේ ඇවෑමෙන් හෝ පේට්‍රොමනියක් (patrimony) තුලින් නොව ඇත්ත වශයෙන්ම ඔහුටම සුවිශේෂ වුනු ක්‍රියා පටිපාටියන් තුලදී බව, මගේ අවබෝධයයි. 

කිසිදු කරදරයකින් තොරව මැදකොළඹ බහු ආසනය තුල පියාගේ උදව්වෙන් දේශපාලනය තුල තහවුරු වීමට තිබූ නමුත් ඔහුගේ තෝරාගැනීම වූයේ ඈත දුෂ්කර හම්බංතොටයි. මෙහිදී සිරිමාවෝගේ පුත් අනුර බන්ඩාරනායක දේශපාලනය කලේ නුවර එළිය- මස්කෙලිය බහු ආසනය තුලය. එය මන්ත්‍රීකම ඉතා ආරක්ෂා කාරීවන ආසනයක් වූවද හම්බන්තොට එසේ නොවේ. 
 
sajith premadasaqqසජිත්ගේ දේශපාලනය ඇරඹුනේම තම පියාට තරුණ ජීවිත 60,000 කගේ ජීවිත විනාශකල අපකීර්තිය බැරවීතිබූ වටපිටාවකදීය.
එසේම සජිත්ගේ දේශපාලනය ඇරඹුනේම තම පියාට තරුණ ජීවිත 60,000 කගේ ජීවිත විනාශකල අපකීර්තිය බැරවීතිබූ වටපිටාවකදීය. එසේම R ප්‍රේමදාස මහතා මහමග මියයාමෙන් ජනතාව ප්‍රීතියෙන් කිරිබත් කෑමේ පසුබිමක් සහිතවූ වටපිටාවකදීය.

නමුත් ඒ සියළු නිෂේධාත්මකතාවයන් අභියෝගයක් ලෙස භාරගනිමින්ම සජිත් සිය දීර්ඝ කාලින දේශපාලන ව්‍යාපෘතිය හම්බන්තොටින් ඇරඹීය. එහිදී ඔහුට නාමල් රාජපක්ෂට මෙන් නාමල්ගේ පියාගෙන් සහ බාප්පලාගෙන් ලැබෙන සහයෝගය සජිත්ට ඔහුගේ නෑදෑ පාර්ශ්වයෙන් නොවීය. එහෙත් ඔහු දැඩි අධිශ්ඨානයෙන් යුතුව සිය දේශපාලන ව්‍යාපෘතිය තුල නොසැලී ඉදිරියටම යනලදී.
 
71826455 2562466273789408 3766463551523258368 n
 
සජිත්ටද සිය පියාට මුහුණදීමට සිදුවූ එක්සත් ජාතික පක්ෂයේ පංති ප්‍රශ්නයද අභිමුඛවූ අතර එහිදී R ප්‍රේමදාස මහතා මෙන්ම සජිත්ද නායකත්වය සමග ගැටීම ඇරඹීය. එක්සත් ජාතික පක්ෂය වැනි ලිබරල් ධනපති පක්ෂයක නායකත්වයට පත්වීමට පහල පාංතික පුද්ගලයෙකුට ඇති හැකියාව ඉතාම අවමවේ. D.S. සේනානායක, ඩඩ්ලි සේනානායක, JR වැනි ඉහල පාංතික ප්‍රභූ පංතිය මෙහෙයවූ එක්සත් ජාතික පක්ෂය ඇත්තෙන්ම එහි නායකත්වයට සුදුසු වන්නේත් එවැනි ධනේශ්වර පංතියේ නායකයෙකු මිස පහල පාංතික පුද්ගලයෙකු නොවේ. ඊට හේතුවනම් ධනේශ්වර ලිබරල් පක්ෂයක නායකත්වය සඳහා ලිබරල් සෙන්ස් එක තිබිය යුතුය. ඒ ලිබරල් සෙන්ස් එක පහල පාංතික අයෙකුට ඉබේ පහල නොවන්නකි. ඒ සඳහා තමන් අයත්වන පවුල් පසුබිමද ඊට බලපාන බැවින්. R ප්‍රේමදාස මහතා නායකත්වයට පත්වූ පසු ලිබරල් ධනපතියන් වුනු ලලිත් ඇතුලත් මුදල්, ගාමිණී දිසානායක, රනිල් වික්‍රමසිංහ ආදීන් R ප්‍රේමදාස මහතාගෙන් වෙන්වී සිටි අයුරු අපට හොඳහැටි මතකය. හේතුව එකම පක්ෂයේ සිටියද මේ පංති ප්‍රශ්නය බලපාන බැවිනි.
ranil ruwan 2021.12.30එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල්ගෙන් පසුව ලබාදීමට රනිල් කල්පනා කලේද විජේවර්ධන පවුලේ තමන්ගේ ඥාතියෙකුට මිස සජිත්ට නොවේ.
 
සජිත් ප්‍රේමදාස මහතාටද රනිල්ගේ නායකත්වය යටතේ සිදුවූයේත් එවැනිම දෙයකි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල්ගෙන් පසුව ලබාදීමට රනිල් කල්පනා කලේද විජේවර්ධන පවුලේ තමන්ගේ ඥාතියෙකුට මිස සජිත්ට නොවේ. එජාපය කඩාගෙනගොස් සජබෙ පිහිටුවීමට හේතු වූයේද එයයි. නමුත් සජබෙ තුලදීද සජිත් වඩාත් ලෙන්ගතුව කටයුතු කරන්නේ ඔහුගේම පහල පංතියේ කංඩායම සමගය. මරික්කාර් වැනි කංඩායමක් සජබෙ තුල ඉහලට එන්නේ ඒ අනුවය. තලතා අතුකෝරල වැනි අයට ඒවා නොගැලපෙන්නේද, නැවත ඔවුන් රනිල් ලඟට යන්නේද එබැවිනි. මරික්කාර් මෙය හැඳින්වූයේ සජිත්ට "සර්" කීමට අකමැති වලව් පිරිසක් නැවත රනිල් වෙත යන බව පැවසීමෙනි. 

නමුත් දැන් පවතින මැතිවරණ උණුසුම අනුව මේ ජනපතිවරණය තුන්කොන් සටනක් බවට පත්වී ඇතත් අදවනවිට එනම් මැතිවරණයට සති තුනක් තිබියදී එහි වැඩිවාසිය ජාතික ජනබලවේගයේ අනුර දිසානායක සතුව ඇතිබව ඉතා පැහැදිලිව තිබියදීත් රනිල් පිල සහ සජිත් පිල ඇන කොටාගැනීම තවදුරටත් අනුරට චන්ද පැටව් ගසන තත්වයක් බවට පත්වී ඇතිබවනම් හොඳහැටි පෙනේ.
 
Ranil And Sajithරනිල් සහ සජිත් පිල ඇනකොටා ගතහොත් අනුර දිසානායක ඉතා පහසුවෙන් සැප්තැම්බර් 23 දා වනවිට ශ්‍රී ලංකාවේ 9 වෙනි ජනාධිපති ලෙස දිවුරුම් දීම යථාර්ථයක් බවට පත්වෙනු ඇත.
එසේම මේ යන අයුරින්ම රනිල් සහ සජිත් පිල ඇනකොටා ගතහොත් අනුර දිසානායක ඉතා පහසුවෙන් සැප්තැම්බර් 23 දා වනවිට ශ්‍රී ලංකාවේ 9 වෙනි ජනාධිපති ලෙස දිවුරුම් දීම යථාර්ථයක් බවට පත්වෙනු ඇත. එහෙත් සියළු පසුබෑම් අභිබවා මේ දක්වාම සජිත් විසින් සිය මැතිවරන කැම්පේන් එක අනුර සමග කරට කර සටනක් දීමට සමත්වී ඇතිබවනම් කිවයුතුය.
 
ඉතාම පහල පංතියේ ජනතාවට ඇමතීමේ සහ ඔවුන් දිනාගැනීමේ යම් හැකියාවක් ඔහු පෙන්වයි. එපමණක් නොව සුළුවාර්ගික පක්ෂවල සහයෝගය ගැනීමටද ඔහු සමත්වී ඇත. තවද ඔහු මේ දක්වාම කබීර් හෂීම්, ඉරාන්, හර්ෂ වැනි නායකයින්ද බැලන්ස් කරගෙන රනිල්ට එරෙහිව මෙහෙයවීමට සමත්වී ඇත. තවද රනිල්‍ බලාපොරොත්තු වූ පරිදි සජබෙහි ඉහල පෙලේ නායකයින් මේ දක්වාම ඔහුවෙත දිනාගැනීමට හැකිවූයේද නැත. 
 


එබැවින් සජිත් කල්පනාකරන පරිදි දැන් සජබය රනිල් සමග සම්මුතියකට යනවාට වඩා අනුර කුමාර ජයග්‍රහණය කිරීම සජිත්ට සෑහීමකට පත්විය හැකි තත්වයකි. එයට හේතුව ලෙස ඔහු සිතන්නේ රනිල්ට එක්වී තම සජබ නායකත්වයද නැතිකරගන්නවාට වඩා අනුර දිනුවත් තමාගේ සජබ නායකත්වය ආරක්ෂිත බවයි. එහෙත් සජිත්ට නොතේරෙන දේනම්, මේ ජනපතිවරණය පරාජය වුනහොත් සජබෙය ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සජබෙ ලෙසින්ම ඔහුට පවත්වාගෙනයාමට හැකිවේද යන්නය. බොහෝවිට මේ සියලු බලවේග චම්පික, රාවුෆ් හකීම්, රිෂාද්, දිගම්බරම් වැනි නායකයින් ඇතුලුව සජබෙ වටා රොක්වී සිටින්නේ සජිත් ජනාධිපතිවරණය ජයගනීවි යැයි ඔවුන් සිතන බැවිනි.
 
පරාජයට පියවරු නැතිවාසේම යම්හෙයකින් සජිත් පරාජය වුනහොත් ඉහතකී නායකයින් ඇතුලු බලවේග ඊලඟට සජිත් විරෝධී කඳවුරක සිටගැනීමටද බොහෝවිට ඉඩ ඇත. එයම සජිත්ගේ සජබ නායකත්වයට විශාල අභියෝගයක් වනු ඇත. ජනපතිවරණයෙන් පැරදුනහොත් ඊලඟට එන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සජිත්ගේ සජබෙට ඔහු හිතන තරම් බලයක් ලබාගැනීමටද අවස්ථාව නොමැති වන්නේ එහිදී ඒ ඒ පක්ෂ බොහෝවිට වෙන වෙන බලවේග ලෙස එක්වී පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමට ඉඩඇති බැවිනි. එහිදී සජිත්ගේ විපක්ෂනායක ධූරයද ඔහුගෙන් ගැලවීයාමට ඉඩ ඇත.
RW SP 231210 
එහෙත් ඒ වෙනුවට මේ ජනාධිපතිවරණය තුලදීම තවමත් සජිත් ඉදිරියේ ඇති වඩාත් සුභදායක තෝරාගැනීමක් මේ සතිය වනවිටත් ඉතිරිව ඇතිබැව් මගේ හැඟීමයි. එනම් තම නායකයා සමඟ එනම් රනිල් සමග එක්වී රනිල් සමග එක බලවේගයක් ලෙස ජාතික ජනබලවේගයට මුහුණ දීමයි. අගමැතිකම ලබාගැනීම සඳහා රනිල් සමග යම් එකඟතාවයක් ඇතිව දෙදෙනා එක බලවේගයකට පැමිණීමෙන් පමණක් මේවනවිට ජාතික ජනබලවේගය වෙතට ප්‍රභලම තරගයක් දීමට හැකියාව ඇතිවා මිස රනිල් සහ සජිත් වෙන වෙනම තරඟ කිරීමෙන් අනුරගේ ජය ස්ථිර වීම නොවැලැක්විය හැකිවනු ඇත. එපමණක් නොව මැතිවරණ පරාජයෙන් උග්‍ර අර්බුධයකට යන්නේද සජිත් මිස රනිල් නොවේ. සජිත්ට තව අවුරුදු 25 ක් පමණ දේශපාලනය කිරීමේ ඉඩප්‍රස්ථාව හිමිය.
 
එබැවින් තළතා අතුකෝරළ මහත්මිය පැවසුවාක් මෙන් සජිත්ට තව ටිකක් ඉවසීම ප්‍රගුන කලහොත් මෙවර අගමැති තනතුර හිමිකොටගෙන ඉතිරි කාලයේ ජනාධිපති වරයෙක් ලෙස පත්වීමට හැකියාවක් ඇත. නමුත් මෙවර පරාජය වුනහොත් විශේෂයෙන් රනිල් ජයගතහොත් ඔහුගේ දේශපාලන ගමන බොහෝසෙයින් කඩාවැටෙනු ඇත. නැතහොත් අනුර දිසානායක ජයග්‍රහනය කොට ඔහු මේ ආර්ථික අර්බුධය ජයගතහොත් අනුරට දෙවෙනි වරටත් ජනාධිපතිවරයා ලෙස ජයගැනීමේ විභවයක් පවතී. එසේම බොහෝවිට අනුර දිසානායක විසින් " විධායක ජනපති ධූරය" අවලංගු කරනවානම් එසේ කිරීමට ඉඩ ඇත්තේද ඔහු විසින් ජනාධිපති ධූරය දෙවන වරටත් භුක්ති විඳීමෙන් හෝ දෙවන වර ජනාධිපති ලෙස ජයගැනීම ඉතාම අපහසු තත්වයක තිබියදී පමණක් වියහැක.
 
අනුර කුමාරට රටේ ආර්තිකය ගොඩගැනීමට නොහැකිව යම් හෙයකින් රට නැවතත් බංකොලොත් වුනහොත් නැවතත් ජනතාවට ගෑස් සිලිංඩරය අවශ්‍ය වෙනවා මිස ටැලිෆෝනය බොහෝවිට අවශ්‍ය නොවනු ඇත. එබැවින් මේ ජනාධිපතිවරණය සජිත්ගේ ඉදිරි දේශපාලන ගමන තීන්දුවන කඩ ඉමක් බව කිවයුතුය. එහි දිනුම් පැරදුම් අනුව ඔහුගේ ඉරණමද බොහෝවිට තීන්දුවීමට නියමිත බවද කිවයුතුය.

(රන්ජන සේනානායක)
සමාජ හා දේශපාලන විශ්ලේශක

(අධ්‍යයන කවය)
" 89- සහෝදරත්වය"
kaya4842@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...