The Leader News
BREAKING
Top Ad
Opinion

අලුත්ම දැක්මක් දෙන්න වෙනවා - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 1, 2024 • 10:04 AM

අලුත්ම දැක්මක් දෙන්න වෙනවා - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණයක් කිව්වට රටේ ජනතාව අතර ඒ ගැන වෙනදා තිබෙන උනන්දුව නැහැ නේද.
  • සමහර විට ජවිපෙ ටිකක් වැඩිපුර පෙනෙන්නේ අනෙක් පාක්ෂිකයන් උකටලී වී ඇති නිසා කියා මා හිතනවා.
  • සුනාමිය ආව වෙලාවෙ මිනිස්සු රැල්ලට ගහගෙන ගියා.
  • මේ සමාජ යථාර්ථය දැනට බොහෝ අපේක්ෂකයන් බරපතල ලෙස තේරුම් ගෙන නැති බව පෙනෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරණයක් කිව්වට රටේ ජනතාව අතර ඒ ගැන වෙනදා තිබෙන උනන්දුව නැහැ නේද... ඒක හැම පක්ෂයකටම පොදුයි. සමහර විට ජවිපෙ ටිකක් වැඩිපුර පෙනෙන්නේ අනෙක් පාක්ෂිකයන් උකටලී වී ඇති නිසා කියා මා හිතනවා. නමුත් මා අහන්නේ ඇයි එහෙම වෙන්නේ?

 

zCovid 2021.08.22

මා හිතන්නේ වසංගතයෙන් මේ රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණා. යුද්ධය තිබුණු කාලයේ මරණ බිය හැමෝටම එක වගේ දැනුනේ නැහැ. නමුත් කොරෝනාවෙන් හැම මිනිහටම සමානව මරණ බිය දැනුණා. Death the leveller නමින් සුප්‍රසිද්ධ ඉංග්‍රීසි පද්‍ය රචනයක් මා ඉගෙන ගත්තා විශ්ව විද්‍යාලයේදී. දුප්පත් පොහොසත් හැම මිනිහම මරණයට පත් වෙනවා. මරණය විසින් හැමෝම සමාන ලෙවල් එකකට ගේනවා. (මරණයෙන් වුවත් සල්ලි හොයන දිලිත් වගේ නොමිනිසුන් හැරෙන්න.) වසංගතය ලංකාවේ මිනිස්සුන්ගේ සිහින මාළිගා සුණු විසුනු කළා.

අරගලය කියන්නේ ඒ බලාපොරොත්තු සුන් වීමේ විලාපය. සිහි විකල්ලය. ගෝල්ෆේස් කියන්නේ ලංකාවේ තරුණ තරුණියන්ගේ තණ්හා මාන සිහිනවල සොහොන් බිම.

මරණය අද්දරට යන මිනිහා සදහටම වෙනස් වෙනවා. මැරෙන්න යන මිනිහා මැරෙන්න ඕනා. නොමැරී බේරීම මහා දුකක්. ඒකෙන් පස්සේ ඉන්නේ පරණ මිනිහා නොවෙයි. වසංගතයෙන් පස්සේ ලක් සමාජය පැරැණි සමාජය නොවෙයි. මේක බලාපොරොත්තු අත්හළ සමාජයක්.

සුනාමිය ආව වෙලාවෙ මිනිස්සු රැල්ලට ගහගෙන ගියා. ඒ ගහගෙන යන එකෙක් තවත් ගහගෙන යන කෙල්ලෙක්ගේ කරේ තිබුණු චේන් එක කඩලා ගත්තා. ඒ වගේ මාරක අවස්ථාවක මිනිස්සු හැසිරෙන්නේ හරිම අතාර්කික විදිහට. ඒ වගේ තමයි ජවිපෙ. වසංගතයට ගහගෙන යන ලක් සමාජය ජවිපෙ විසින් මහා පාරේ ගහලා මැරුවා.

 

zCS 23421

සාහසික විප්ලවයක් අවසානයේ හැම සමාජයක්ම විශාල අවපීඩනයකට යනවා. වරදක් කළාය කියන හැඟීම විසින් සමාජය කුලෑටි කරවනවා. යේසුස්ව මරණ කල් උන්මාද සන්තුෂ්ටියෙන් මොර දුන් මිනිස්සු ඊට පස්සේ තමන් කළ පාපය ගැන දුක් වෙලා ගෙවල් අස්සේ හැංගෙනවා. සංඝ භේදයෙන් පසුව දෙපාර්ශවයම ලත වෙනවා. ලක් සමාජයට දැන් වෙලා තියෙන්නේ ඒක. මේක තමයි යථාර්ථය.

මේකෙන් ගොඩ එන්න නම් රටට අලුත්ම අලුත් බලාපොරොත්තුවක් දෙන්න වෙනවා. අලුත්ම දැක්මක් දෙන්න වෙනවා. අලුත් ගිනිහුළක් දල්වා මග එළිය කරන්න වෙනවා. ඒක හරියට අවුරුදු විසි ගාණක් තිස්සේ යුද්ධ කරලා කරලා බලාපොරොත්තු අත් හැරලා තිබුණු රටකට මහින්ද රාජපක්ෂ අලුත් බලාපොරොත්තුවක් දුන්නා වගේ. නමුත් මෙවර ඊටත් වඩා අමාරුයි. මේ සමාජ යථාර්ථය දැනට බොහෝ අපේක්ෂකයන් බරපතල ලෙස තේරුම් ගෙන නැති බව පෙනෙනවා. ධර්මය අපට මග වේවා!

 

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 සැප්තැම්බර් 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අලුත්ම දැක්මක් දෙන්න වෙනවා - (එරන්ද ගිනිගේ) | The Leader