The Leader News
BREAKING
Top Ad
Opinion

තලතාගේ පණිවුඩය හා ඉන්දියාවේ ප්‍රතිචාරය - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

September 1, 2024 • 3:32 PM

තලතාගේ පණිවුඩය හා ඉන්දියාවේ ප්‍රතිචාරය - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමෙන්ම මේ ඊයේ පෙරේදා ඈ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් එම කතාවේ කරුණුවලට ඌන පූරණයක් එකතු කර තිබුණි.
  • නමුත් අතේ ඇඟිළි ගණනක් මිනිසුන් හැරෙන්නට ඇගේ කතාවේ ගැඹුරු අර්ථය තේරුම් ගෙන ඇති බවක් නොපෙනුණි.
  • ඈට ප්‍රහාරයක් එල්ල කරන්නට ගිය මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවිරත්න ද සරල හා මතුපිට අර්ථයෙන් දෝෂාරෝපණයක් කරමින් තම නොගැඹුරු බව පෙන්වීය.
  • තලතා කිහිපවරක්ම අවධාරණය කරමින් කීවේ මෙවර ජනාධිපතිවරණයට තම පන්තියෙන් අපේක්ෂකයන් දෙදෙනෙක් තරඟ කිරීම අතිශයෙන්ම භයානක හා අගතිසහගත බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එමෙන්ම මේ ඊයේ පෙරේදා ඈ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් එම කතාවේ කරුණුවලට ඌන පූරණයක් එකතු කර තිබුණි. නමුත් අතේ ඇඟිළි ගණනක් මිනිසුන් හැරෙන්නට ඇගේ කතාවේ ගැඹුරු අර්ථය තේරුම් ගෙන ඇති බවක් නොපෙනුණි.

ඈට ප්‍රහාරයක් එල්ල කරන්නට ගිය මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවිරත්න ද සරල හා මතුපිට අර්ථයෙන් දෝෂාරෝපණයක් කරමින් තම නොගැඹුරු බව පෙන්වීය. ඒ හැරෙන්නට අවම විවේචනයක් හෝ තලතා අතුකෝරලගේ කතාව සම්බන්ධයෙන් ඉදිරිපත් නොවීම කණගාටුදායක ය.


තලතා කිහිපවරක්ම අවධාරණය කරමින් කීවේ මෙවර ජනාධිපතිවරණයට තම පන්තියෙන් අපේක්ෂකයන් දෙදෙනෙක් තරඟ කිරීම අතිශයෙන්ම භයානක හා අගතිසහගත බව ය. තලතා එසේ පවස්න්නට හේතුව වන්නට ඇත්තේ මෙවර ජනාධිපතිවරණයට අනුර කුමාර දිසානායකගේ ඉදිරිපත්වීම පුළුල් අර්ථයෙන් සලකා බැලීමට සමාජය සූදානම්වීම තලතා තේරුම් ගෙන ඇති නිසා ය. විය යුතු පරිද්දෙන්ම අනුර කුමාර දේශපාලනයේ ප්‍රසාරණය තලතා භීතියකට පත් කර තිබේ. එය පන්ති දේශපාලන අර්ථයෙන් විය යුතු බියකි.

 

2019 වර්ෂයේ දී එවැනි බියකට හේතුවන කිසිම සාධකයක් ලාංකික දේශපාලනය තුළ නොවීය. අනුර කුමාර් දිසානායක කුහුඹුවකු තරම් විය. එවෙලේ තලතාට අවශ්‍ය වූයේ තම පන්තියට රැඩිකල් නායකත්වයකි. දිනෙන් දින පරාජයට පත්වීමට විසදුමකි. එවිට ඈට අවශ්‍ය වූයේ ""නොහැකියි"" යන්න දිගින් දිගටම ඔප්පු කළ රනිල් වික්‍රමසිංහ වෙනුවට ශක්තිමත් ජොකියෙකි. ඒ සදහා ඈ තෝරා ගත්තේ සජිත් ප්‍රේමදාස ය.

නමුත් පන්තියේ අභ්‍යන්තර ගැටුම පසෙක තබා පන්තියට එල්ලව ඇති බාහිර සතුරාට මුහුණදීම වැදගත් බව තලත අතුකෝරල තේරුම් ගෙන ඇත. ඒ අනුව ඈ මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ එජාප-සජබ සමඟියකි. ඇත්තටම මෙරට සම්ප්‍රාදායික ධනපතියන් මෙන්ම ධනය ඇති පන්තිය ද බලාපොරොත්තු වූයේ රනිල්-සජිත් සමඟියකි. එහෙත් ඒ සදහා නියමිත කාලය පසු වී ඇති නිසා දෙදෙනා සමඟිවීම නොවිය හැක්කක් විය. කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් ප්‍රකාශ කර තිබුණේ ඒ මොහොත ගිලිහීගිය බවකි. එනිසා ලාංකික ධනපති පන්තියට රනිල්-සජිත් සමඟි කිරීම මේ මොහොතේ දී කළ නොහැක්කකි.

ලාංකික ප්‍රභු පන්තියට සමඟිවිය නොහැකි නම් අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය ස්ථිර ය. එය රඳා පවතිනේ ගෝලීය ප්‍රාග්ධනය තම ලාංකික නියෝජිතයා ලෙස අනුර කුමාර තෝරා ගැනීමට දක්වන ප්‍රතිචාරය මතය. ඔවුන්ට අනුර කුමාර ප්‍රශ්නයක් නොවන්නේ නම් රනිල්-සජිත් සමඟියක් අවශ්‍ය නොවේ. එහෙත් අනුර කුමාර සම්බන්ධයෙන් ඔවුන් සිටින්නේ නොසතුටින් නම් රනිල්-සජිත් සමඟියක් කෙසේ හෝ නිර්මාණය වනු ඇත.

drt3453
රනිල්-සජිත් සමඟියක් සදහා අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයකු ඉල්ලා අස්වීමක් මේ මොහොතේ සිදුවීම අප්‍රායෝගික ය. ඒ වෙනුවට දෙදෙනාම තරග කර එකෙකුගේ දෙවැනි මනාපය අනෙකාට ප්‍රදානය කර ගන්නා සම්මුතියකට යනු ඇත. එවිට දෙවැනි මනාපය ගණින අවස්ථාවේ දී රනිල් හෝ සජිත් හෝ  පළමුවැනියා වනු ඇත.


ජනාධිවරණයේ දී 1,2,3 යන ස්ථානවලට රනිල්, සජිත් හෝ අනුර යන තිදෙනාගෙන් පිටස්තරයකු පත්වන්නේ නැත. එනිසා රනිල්ට ඡන්දය දෙන්නන්ගේ දෙවැනි මනාපය සජිත්ට ද සජිත්ට ඡන්දය දෙන්නන්ගේ දෙවැනි මනාපය රනිල්ට ද ලබාදෙන්නැයි අවසාන මොහොතේ දී ඒ ඒ  අපේක්ෂකයන් තම ඡන්දදායකයන්ට පවසනු ඇත. එවිට අනුර කුමාර පරාජය කිරීමට යම් ඉඩකඩක් පවතී.

ඉන්දීය රජයේ ආරක්ෂක කටයුතු උපදේශකයකු ඊයේ පෙරේදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ඔහු රනිල්, සජිත් හා අනුර යන අපේක්ෂකයන් තිදෙනාම හමු විය. සාකච්ඡා කළේ මොනවාදැයි යන්න නම් පැහැදිලි නැත. නමුත් භූ දේශපාලන ප්‍රවනතා අනුව ඒ සාකච්ඡා අදේශපාලනික විය නොහැකිය.

ඉන්දීය සාගර කලාපයේ තම අභිලාශයන් ඉන්දියාවෙන් වියුක්ත ලෙස පවත්වාගෙන යෑමට එක්සත් ජනපදයට අවශ්‍ය නොවේ. ඔවුන් නිතරම ඒ ගනුදෙනුව කරන්නේ ඉන්දියාව සමඟ එකමුතුවෙනි. එනිසා ඉන්දීය ආරක්ෂක උපදේශකවරයාගේ ශ්‍රී ලංකා සංචාරය එක්සත් ජනපදය හා ඉන්දියාවේ සමඟි අවශ්‍යතාවක ප්‍රතිඵලයක් බව ස්ථිර ය.

rt4535


ශ්‍රී ලංකාවේ මජර වෑහෙන සම්ප්‍රදායික ප්‍රභූ පන්තිය තම නියෝජිතයා ලෙස තබා ගැනීමට හොදින් හෝ නරකින් හෝ පියවර ගන්නා මට්ටමක භූ දේශපාලනය නොපවතී. මිය යෑමට ආසන්න පරණ ප්‍රභූ පන්තිය අත් හැරීමට ගෝලීය දේශපාලනය වුවත් නොපැකිලෙන බවට සැකයක් නැත. කොහොමවුනත් එය රදා පවතින්නේ ගෝලීය ප්‍රාග්ධනය සමඟ ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය දක්වන දක්ෂතාව හා හැකියාව මත ය.


(පිලිප් ශාන්ත)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
shan.info1978@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තලතාගේ පණිවුඩය හා ඉන්දියාවේ ප්‍රතිචාරය - (පිලිප් ශාන්ත) | The Leader