එවකට ඔහු අග්‍රාමාත්‍යය ධූරය දැරූ ආණ්ඩුවේ ජනාධිපති වූයේ ඩීබී විජේතුංග ය. ඔහු සිංහලබෞද්ධ සමාජය කුළුගන්වමින් කීවේ මේ කප තියෙන තුරු ඊලාම් නොදෙමිය යන්න පමණි.
1994 දකුණු පළාත් සභා මැතිවරණයෙන් පසුව මහාමැතිවරණයට සූදානම් වූ චන්ද්‍රිකා බලය බෙදන වැඩසටහනකට සූදානම් විය. ඒ වනවිට එජාපයේ නායකත්වයට පත්වූ ගාමිණී දිසානායක ද බලය බෙදන වැඩසටහනකට එකග විය. ඒ කාලයවනවිට රනිල් වික්‍රමසිංහ ලොවෙත් නැතිවිය. ලොවි ගහෙත් නැතිවිය.
දුන් පොරොන්දුව අනුව බලය බෙදමින් රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පතක් වර්ෂ 2000 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ය. ඒකීය රාජ්‍යය ක්‍රමයක් වෙනුවට බලය පරිධියට බෙදා හැරෙන අතර විධායක ජනාධිපති ක්‍රමය ද අහෝසි කෙරේ. එහෙත් කෙටුම් පතේ අන්තර් වාර ලෙගුලාසි කිහිපයකට ඇගිල්ල දික් කර කෙටුම්පත අනුමත කිරීමට රනිල් සහයෝගය නොදුන්නේ ය. තම අන්තේවාසිකයකු ලවා කෙටුම් පතේ පිටපතක් පාර්ලිමේන්තුව ඇතුලේ ගිනි තැබුවේ ය.

අන්තිමේ රටක ජාතික අභිලාශයන් පෙරට ගත යුතු බව රනිල්ට මතක් කර දුන්නේ ලියොන් ෆොක්ස් නම් රාජතාන්ත්‍රිකයා ය. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් එකඟතාවකට ඒමට චන්ද්‍රිකා-රනිල් ගිවිසුම අත්සන් කළේ ලියොන් ෆොක්ස් මැදිහත්වීමෙනි. ඒ සමඟම එල්ටීටීඊය සාමය මගින් බල රහිත කිරීමේ කොන්ත්‍රාත්තුව රනිල් වික්‍රමසිංහ වෙත පැවරුණි. වර්ෂ 2001 ජයග්‍රහණයත් සමඟ ඔහු එල්ටීටීඊය හා සටන් විරාමයකට ද අවබෝධතා ගිවිසුමකට ද ගියේ හිතුවකාරී ලෙස ය. ඔහුට මහ මැතිවරණයෙන් 50%ක් ඉක්මවන බහුතරයක් ලැබී නොතිබුණි. එකගතාවක් සදහා එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ සහයෝගයකට ද සූදානම් නොවීය. එල්ටීටීඊ සංවිධානයේ ගෞරවය ද ඔහුට නොලැබුණි. එනිසා සිංහල-බෞද්ධ ජනකොටසේ සහයෝගය ලබා ගැනීමට වික්‍රමසිංහ අසමත් විය
ජාතික ප්‍රශ්නය විසදීමට ඔහුට ජනවරමක් නොතිබූ නිසා ද ජනාධිපතිවරයා සමග එකඟතාවක නොසිටි නිසා ද සමාජය ඉදිරියේ ඔහු හාස්‍යයට ලක්විය. එසේම බලය බෙදා රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම ද හාස්‍යයට ලක්විය. 2015 යහපාලන ආණ්ඩුව සමයේ දී ද රාජ්‍යය ප්‍රතිසංස්කරණය සදහා ඔහු කිසිවක්ම නොකළේ ය. සිංහලබෞද්ධ බලවේගයේ විරෝධයට මුවා වෙමින් ඒ හා දිය බුං ගැසීම හැර විසදුමක ප්‍රවේශයකට ඔහු කිසිවක්ම නොකළේ ය.

2022 දී ඔහු ජනාධිපති ධූරය කා ගත් පසුව දෙමළ ජාතික සංධානය රැවටීම සදහා සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීය. එහිදී ඔහු කීවේ 2023 නිදහස් දිනයට පෙර විසදුමක් ඇති කරන බව ය. ඒ සියල්ල ඔහුගේ පාලනය සදහා දෙමළ ජන කැමැත්තක් නිර්මාණය කර ගැනීමේ සටකපට උත්සාහයන් පමණක් විය. නමුත් දෙමළ ජාතික සංගමය බොළඳ නොවීය. අවසානයේ ජනාධිපතිවරයාගේ කැදවීම්වලට ඔවුහු නොගියහ. ජාතික ප්‍රශ්නයට විසදුමක් ඇති කර ගැනීම නතර විය.
කිසිම ප්‍රශ්නයකට විසදුමක් ඇතිකර ගැනීමේ ඒකායන අධිෂ්ඨානයක් රනිල් වික්‍රමසිංහට නොමැත. එය ජාතික ප්‍රශ්නයට විසදුමක් ඇති කර ගැනීමේ දී ද නොවෙනස් ලක්ෂණයක් විය. මේවනවිට දෙමළ දේශපාලන පක්ෂ සමග කතා කිරීමට රනිල් යොමුවීම ජනයා තුළ සිනහවක් ඇති කිරීමට හේතුවී තිබේ. ඊට බොහෝවිට බලපාන්නට ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ නෝන්ජල්කම විය හැකිය.
එහෙව් චරිතයක් ජනාධිපති ධූරයට පත් කර ගැනීම සදහා සම්මාදම්වීමට දෙමළ ජනතාව යොමුවේයැයි කල්පනා කිරීමට කිසිම සාධකයක් නොමැත.
(පිලිප් ශාන්ත)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
shan.info1978@gmail.com



