The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමා එක්ක එන්න යන්න.....ගුලාගයේ ලුණු බත් කන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 4, 2024 • 5:02 PM

මාලිමා එක්ක එන්න යන්න.....ගුලාගයේ ලුණු බත් කන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොකක්ද මේ සිද්ද වෙමින් යන්නේ?
  • ඇත්තටම මේරියන්ස්ලගේ ''මාලිමා එක්ක එන්න යන්න'' (original by Claude de Soyza) කියන ඒ පොඩි ක්ලිප් එක බැලුව ගමන් මට තේරුණේ උන් ටික මාලිමාවවට පක්ෂව ඒක කෙරුව වගේ දෙයක්.
  • නමුත් එහෙම නක්කලයක්වත් දාන්න බැරි ශුද්ධ වස්තුවක් ලෙස මාලිමාව භෞතිස්ම කලාට පස්සේ තමයි තේරුණේ වාමාංශික නැඹුරුවක් සහිත කිසිම දෙයක් හාස්‍යයට ගන්න බැහැ කියන එක.
  • ඇත්තටම මෙතන ඉන්නේ මේරියන්ස් බෑන්ඩ් එකේ රෝසා ඇතුළු කීප දෙනෙක්, නලින් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇත්තටම අපි ඔක්කොම පව්.

ඇයි මම මෙහෙම කියන්නේ? මොකක්ද මේ සිද්ද වෙමින් යන්නේ?

ඇත්තටම මේරියන්ස්ලගේ ''මාලිමා එක්ක එන්න යන්න'' (original by Claude de Soyza) කියන ඒ පොඩි ක්ලිප් එක බැලුව ගමන් මට තේරුණේ උන් ටික මාලිමාවවට පක්ෂව ඒක කෙරුව වගේ දෙයක්. නක්කලයක් හැටියට තේරුනේ නැහැ. නමුත් එහෙම නක්කලයක්වත් දාන්න බැරි ශුද්ධ වස්තුවක් ලෙස මාලිමාව භෞතිස්ම කලාට පස්සේ තමයි තේරුණේ වාමාංශික නැඹුරුවක් සහිත කිසිම දෙයක් හාස්‍යයට ගන්න බැහැ කියන එක.

ඇත්තටම මෙතන ඉන්නේ මේරියන්ස් බෑන්ඩ් එකේ රෝසා ඇතුළු කීප දෙනෙක්, නලින් නැහැ. ඒ නිසා මේරියන්ස් හැටියට ගන්නත් බැහැ.

කොහොම උනත් මෙහෙම පොඩි විහිළුවක්වත් කරන්න බැරි තරමට මාලිමාවේ පරිවාරය (වගේම ඇතුලත්) මූලධාර්මික වෙනවා නම් අපි යන්නේ අනිවා විසිවෙනි සියවසේ මුලට.

කොහොමත් මුල ඉඳන් ''පළමුව ලියුම් දෙයි'' සිංදුවේ ඉඳල ගත්තම මේරියන්ස් කියන්නේ සොමියට බර බෑන්ඩ් එකක්. ජිප්සීස් වගේමයි. ජිප්සීස් කොච්චර නම් දේශපාලන ප්‍රහසන කරලා තියනවද? කවදාවත් කවුරුවත් උන්ට මොනවත් කියන්න ගියේ නැහැ.

ලංකාවේ දේශපාලනඥයින්ව කොයිතරම් උපහාසයට ලක්කරලා තියනවද. ඒත් ගොඩක් ඔය කියන දක්ෂිණාන්සික අය ඒවා ගැන එච්චර පස්සෙන් දිව්වේ නැහැ.

මම කියන්නේ රෝසා කරපු ඒ ක්ලිප් එකේ නක්කලයක් තිබ්බ උනත් ඉවසන්න බැරි කිසිවක් තිබ්බේ නැහැ. හිනාවෙලා අමතක කරන්න තිබ්බ දෙයක් තමයි මේ සමාවගන්න තැනට ගෙනාවේ.

ජනප්‍රියත්වය කොච්චර භයානක ද එක අතකට....විශේෂයෙන් ඒක මිනිස්සුන්ගේ අතට ගියාම.

(කවුරුත් කලබල වෙන්න ඕනි නැහැ. මේක දැම්ම කියල මාලිමාවේ ජනප්‍රියත්වය දශමයකින්වත් අඩුවෙන්නේ නැහැ. වැඩි වෙනවා මිසක්).


සබැඳි ලිපිය :

සංගීත්ල පව්! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...