The Leader News
BREAKING
Top Ad
Opinion

මේ පාර තරුණ රැල්ල කාටද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 6, 2024 • 4:46 PM

මේ පාර තරුණ රැල්ල කාටද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කියල පොදු පිළිගැනීමක් තියනවා.
  • මේ තරුණ ප්‍රජාව තමන් වෙත දිනාගන්න කොට ඔබාමාගේ වයස 47ක් උනා සහ ක්ලින්ටන්ගේ වයසත් (46) තරමක් ඒ හා සමාන උනා.
  • ජස්ටින් ට්‍රුඩෝ පත්වෙන කොට වයස 52.
  • තව සති දෙකකින් ලංකාවේ යෙදෙන දැවැන්ත ජනාධිපතිවරණයේ චන්ද උපනතිය තීරණය කිරීමේදී මේ තරුණ ජනකොටසේ බලපෑම තවමත් මනින්න බැහැ වගේම එයාල දිනාගන්න තරමක බැරෑරුම් වැඩසටහනක් කාටවත් ඇතිබවක් පේන්නෙත් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

කියල පොදු පිළිගැනීමක් තියනවා.

ඇමෙරිකාවේ බැරක් ඔබාමා දිනනකොට ඒ චන්දෙ පිටිපස්සේ මේ තරුණ උපනතිය තිබ්බ. බිල් ක්ලින්ටන්ටත් මේ නැඹුරුව තමන්ගේ පැත්තට හරවා ගන්න පුළුවන් උනා.
මේ තරුණ ප්‍රජාව තමන් වෙත දිනාගන්න කොට ඔබාමාගේ වයස 47ක් උනා සහ ක්ලින්ටන්ගේ වයසත් (46) තරමක් ඒ හා සමාන උනා. ජස්ටින් ට්‍රුඩෝ පත්වෙන කොට වයස 52. ජසින්ඩා 37යි.

තව සති දෙකකින් ලංකාවේ යෙදෙන දැවැන්ත ජනාධිපතිවරණයේ චන්ද උපනතිය තීරණය කිරීමේදී මේ තරුණ ජනකොටසේ බලපෑම තවමත් මනින්න බැහැ වගේම එයාල දිනාගන්න තරමක බැරෑරුම් වැඩසටහනක් කාටවත් ඇතිබවක් පේන්නෙත් නැහැ. මේක මම මීට කලිනුත් කියල තියනවා.

මට හිතෙන්නේ ලංකාවේ ඉතාම තීරණාත්මක දේශපාලන දිගහැරීමක් වෙච්ච අරගලය වෙනුවෙන් සහභාගී වෙච්ච තරුණ ප්‍රජාව (වයස 20-30 අතර) එයාලගේ දෙමව්පියන් වෙනස් කරන්න හදනවා වෙන්න පුළුවන්.

එහෙම නැත්නම් තරුණ ප්‍රජාවේ උපනතිය මොකක් උනත් ලංකාවේ දකුණ අරගලයේ අභිලාශ එක්ක තවදුරටත් තමන්ගේ මුහුණුවර වෙනස්කර ගනිමින් තරුණ වැඩිහිටි දෙකම එක්ක ඉදිරියට යනවා වෙන්නත් පුළුවන්.

කොහොමත් අරගලයෙන් පස්සේ දේශපාලනය අපි හැමෝටම වෙනස්. අපි හැමෝම වෙනස්. 22උදේ වෙනකොට ඒක අපි හැමෝටම තේරෙයි.

අරගලය එක්ක හමාගිය දේශපාලන සුළගේ සමාජ බලපෑම තේරෙන්නේ 22දාට.

ප්‍රථම වතාවට දේශපාලනය විසින් මිනිස්සු පාවිච්චි කිරීම වෙනුවට මිනිස්සු විසින් දේශපාලනය පාවිච්චි කරන්න පටන්ගනීවි.

 

 

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...