ජාතික ජන බලවේගය ද තෝරාගෙන ඇත්තේ රුසියා-මහජන චීන බල කේන්ද්‍රයේ දේශීය නියෝජිතයාවීමට ය. රාජ්‍ය බලය ගැනීම ඉලක්ක කර ගත් අර්ථයකින් ඒ බල කේන්ද්‍ර දෙකෙන් එකක් තෝරා ගැනීම අනිවාර්ය වේ.
සමගි ජන බලවේගයට රාජ්‍ය බලය ලබා ගැනීම සදහා කිනම් බල කේන්ද්‍රයක දේශීය නියෝජිතයා වුවත් අභ්‍යන්තර මත ගැටුමක් ඒ සම්බන්ධයෙන් ඇතිවිය නොහැක. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ පුළුල් මහජන දේශපාලනයකට විවෘතවීමේ ඉලක්කය ඇතිව ජාතික ජන බලවේගය නිර්මාණය කළත් රාජ්‍ය බලය ලබා ගැනීමේ දී ඔවුන් අනුගමනය කරන උපාය උපක්‍රම සම්බන්ධයෙන් අභ්‍යන්තර දෙදරුම් කෑමක් ඇති නොවූවාම නොවේ. මේ මොහොත තුළ රාජ්‍ය බලය ලබාගෙන ආණ්ඩු කිරීම විශාල අර්බූදයකට ප්‍රවේශවීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ සමහර දේශපාලන මාණ්ඩලිකයන් තුළ දෙගිඩියාවක් ඇතිවී තිබේ.
ඔළු ගෙඩි දැක ස්වයං මෝහණයකට පත්වන බොහෝ නායකයන් මෙන්ම සාමාජිකයන් ද මේ නිසා විචිකිච්ඡාවකට ලක්වුවද ඇත්ත කාරණාව වන්නේ ගෝලීය දේශපාලනය ගැන අබ මල් රේණුවක අවබෝධයක් නැතිව රාජ්‍ය බලය සදහා සටන් කිරීම මේ මොහොත තුළ භයානක ක්‍රීඩාවක් විය හැකිවීමයි.
ඔළු ගෙඩි දැක ස්වයං මෝහණයකට පත්වන බොහෝ නායකයන් මෙන්ම සාමාජිකයන් ද මේ නිසා විචිකිච්ඡාවකට ලක්වුවද ඇත්ත කාරණාව වන්නේ ගෝලීය දේශපාලනය ගැන අබ මල් රේණුවක අවබෝධයක් නැතිව රාජ්‍ය බලය සදහා සටන් කිරීම මේ මොහොත තුළ භයානක ක්‍රීඩාවක් විය හැකිවීමයි. නව ලිබරල්වාදයට එරෙහිව යන පළමු පැයේදීම ආණ්ඩුව බිදවැටිය හැකි බව මේ බොහෝ අය තේරුම් ගෙන නැත. එය ගෝලීය දේශපාලන සත්‍යයයි. යම් හෙයකින් නව ලිබරල්වාදයට අනුගතව ආණ්ඩුකරණය සදහා සූදානම් වුවහොත් දේශපාලන භූමි කම්පාව ඇතිවන්නේ අභ්‍යන්තරයෙනි. ජනවරම තුළ අඩංගු මහජන අභිලාශයන්ට පරස්පරව ආණ්ඩු කරන්නට යෑම පෙරලා ඇති කරන්නේ වියවුලකි.
මේ මොහොත තුළ පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍ය බව නොරහසකි. එහෙත් එවැන්නක් අවශ්‍ය වන්නේ නව ලිබරල්වාදයට ශක්තිමත්ව මුහුණදීමට ය. ඒ සදහා රාජ්‍ය බලය ලබා ගැනීම අවශ්‍ය නැත. කළ යුත්තේ ශක්තිමත් දේශපාලන දෘෂ්ඨියක් සහිතව විපක්ෂයේ කාර්යභාරයට සූදානම්වීම ය. බරපතල ප්‍රශ්නය වන්නේ ලාංකික වාම දේශපාලන ව්‍යාපාරයන් එවැන්නක් තේරුම් ගෙන තිබේද යන්නය.
සම්ප්‍රදාය අනුව ලංකාවේ වාම දේශපාලනය සටන් කරන්නේ රාජ්‍ය කේන්ද්‍ර කර ගත් සුබසාධනවාදයක් වෙනුවෙනි. එහිදී බොහෝවිට ධනේශ්වර ප්‍රතිසංස්කරණයන්ට එරෙහි වන්නේ වැඩවසම්වාදී අර්ථයෙනි. ධනේශ්වර ප්‍රතිසංස්කරණ හමුවේ දී පීඩිතයන්ගේ අහිමිවන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින තරම් ය. එක්දහස් නමසිය අසූවේ දශකයේ දී ඇතිවූ කුරුණෑගල බතලගොඩ ව්‍යාපාරයේ ජල බදු විරෝධී සටනේ දී අරගලය මෝදුවූයේ කුඹුරු ඉඩම් හිමි වැඩවසම් විහාරස්ථානයන්හි බෞද්ධ භික්ෂූන්ගේ හා ගිහි ඉඩම්හිමියන්ගේ අවශ්‍යතාව මත බව පැට්‍රික් ප්‍රනාන්දු සහෝදරයා මනා ලෙස විග්‍රහ කර තිබේ. එහිදී ජල බදු වලින් ඇත්තටම පීඩා වින්ද පීඩිත ගොවීන් කොන්ව තිබුණි.
මගී ප්‍රවාහනයේ දී විශාල දායකත්වයක් දරන නමුත් වංචාව, දූෂණය හා හොරකම නිසා විශාල ලෙස පාඩු විදින දුම්රිය සේවය
මේ සම්ප්‍රදායානුකූල වාම දේශපාලනය බොහෝවිට බැදී ඇත්තේ වෘත්තීය සමිති ව්‍යාපාරය සමගය. ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය ද හුදු පඩි පත හා වරදාන වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරයක් පමණි. ඔවුන් වාම ව්‍යාපාරය සමග එක්ව සටන් කරන්නේ ද වැඩවසම් වාදී අර්ථයෙනි. උදාහරණයකට මගී ප්‍රවාහනයේ දී විශාල දායකත්වයක් දරන නමුත් වංචාව, දූෂණය හා හොරකම නිසා විශාල ලෙස පාඩු විදින දුම්රිය සේවය සලකා බලමු. මේ දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට පාලකයන් උත්සාහ ගන්නේ වසර තිහක පමණ කාලයක සිට ය. ඊට හේතුව එහි වැය බර දරා ගැනීමට මහා භාණ්ඩාගාරයට අපහසු නිසා ය. පාලකයන් කෙසේ කිව්වත් දුම්රිය සේවය අකාර්යක්ෂම, දූෂණයෙන් පිරුණු, ගතානුගතික ආයතනයක් බව අපි දනිමු. ඒ බව දැන දැනත් ලාංකීය වම උත්සාහ ගන්නේ වෘත්තීය සමිති සමග එක්වී වෙනස්කම් වලට අකැමැති සේවකයන්ගේ ගතානුගතික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට ය.
දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප උත්සාහ කළ යුත්තේ ජව සම්පන්න මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවයක් ලෙස ලංකා දුම්රිය සේවය නගා සිටුවන වැඩපිළිවෙලක් වෙනුවෙනි. එහෙත් රැකියා අහිමිවීම්, වරදාන අහිමිවීම් වැනි යක්ෂයන් මවා පා හැමදාම කරන්නේ අකාර්යක්ෂම, ගතානුගතික දුම්රිය සේවය පවතින අන්දමෙන්ම රැක ගැනීමයි. පාලකයන් දුම් රිය සේවය ප්‍රතිව්‍යුහකරණය කරන්නේ යහපත් අරමුණෙන් නොවන්නට පුළුවන. එහෙත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස වම උත්සාහ කළ යුත්තේ වෘත්තීය සමිතිවාදය ඉක්මවා ගොස් ජව සම්පන්න සේවයක් ලෙස දුම් රිය සේවය ස්ථාපිත කිරීමට ය. එහෙත් ලාංකික වම ඊට ශක්‍යතාවක් නොපෙන්වයි.
කෘෂිකර්මාන්තය, කර්මාන්තය, සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස ඉදිකිරීම්, නගර නිර්මාණය, පරිසරය රැක ගැනීම, ජනාවාසකරණය යනාදී හැම විෂය ක්ෂේත්‍රයක දීම පෙන්නුම් කරන්නේ තමන්ගේ නොහැකියාව හා නොදන්නාකමයි.
ලංකාවේ මගී ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් පමණක් නොව කෘෂිකර්මාන්තය, කර්මාන්තය, සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස ඉදිකිරීම්, නගර නිර්මාණය, පරිසරය රැක ගැනීම, ජනාවාසකරණය යනාදී හැම විෂය ක්ෂේත්‍රයක දීම පෙන්නුම් කරන්නේ තමන්ගේ නොහැකියාව හා නොදන්නාකමයි. දන්නා එකම දෙය පවතින රාජ්‍ය ව්‍යුහය ඒ අන්දමෙන්ම රැක ගැනීමට මහන්සිවීම පමණි. ඒ අනුව වම පෙනී ඉන්නේ පවතින ආකෘතිය එලෙසම රැක ගනිමින් සිදු කරන වැඩවසම් අරගලයක් සදහා ය. පවතින යාන්ත්‍රණය හා රාජ්‍ය ව්‍යුහය තවදුරටත් දරා ගැනීමට නොහැකි බව ධනපති පන්තිය ද තේරුම් ගෙන සිටියත් වම එය තේරුම් ගෙන නොසිටීම අභාග්‍යයකි.
පවතින රාජ්‍ය ආකෘතිය මුළු එකක් ලෙස වෙනස් නොකර ප්‍රතිව්‍යුහගත කිරීමට ධනපති පාලකයන්ට ද අවශ්‍යව ඇත්තේ පවතින ආකෘතිය දරා ගැනීමට තවදුරටත් අපහසු නිසා ය. පැරණි කේන්සියානුවාදී ක්‍රමයට සකස් කර ගත් රාජ්‍යය ආකෘතිය නව ලිබරල්වාදී ක්‍රමයට සකස් කර ගැනීමට පාලකයන්ට අවශ්‍යව ඇත. එහිදී වම කළ යුත්තේ එම ප්‍රතිසංස්කරණයන්ට ඉඩ දෙමින් වමට අතහැරිය නොහැකි පීඩිත පන්තිය ආරක්ෂා කර ගැනීමට සටන් කිරීම ය. වම හිතාගෙන ඉන්නේ පවතින ක්‍රමයෙන් පීඩිත පන්තියට විශාල ආරක්ෂාවක් ලැබෙන බව ය. පවතින ක්‍රමය පවා ධනේෂ්වරය විසින් නිර්මාණය කර ගත්තේ සමාජ සංවර්ධනයේ එක්තරා නිශ්චිත මොහොතක අවශ්‍යතාව වෙනුවෙනි. එය වමේ මොහොතක් නොව ධනේශ්වරයේ මොහොතකි. එය වෙනස් කරන්නට ධනේශ්වරයට අවශ්‍ය නම් එය බදා ගන්නට වමට හේතුවක් නැත. වම කළ යුත්තේ ධනේශ්වරය නිර්මාණය කර ගන්නා ඕනෑම ක්‍රමයක දී පීඩිතයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම ය. නමුත් වම අතහැර ඇත්තේ ද එයයි.

කලින් යොදා ගත් උදාහරණයම නැවත සලකා බැලුවහොත් ලංකා දුම් රිය සේවය මේ අන්දමෙන්ම රැක ගත් විට අඩු මුදලකට මගීන්ට ගමන් ගැනීමට ඇති අයිතිය තහවුරු වෙන බව සත්‍යයකි. නමුත් ඒ සදහා වූ බර දරන්නේ සමස්ත සමාජයමයි. එසේම අකාර්යක්ෂම, පසුගාමී හා නොදියුණු දුම් රිය සේවයක් ගැන අපට හැමදාම පසුතැවෙන්නට සිදුවේ. පහසුකම් නැති, හැමදා මහ මග නතරවන, ප්‍රමාදව ධාවනය වන, ගමනකට දීර්ඝ කාලයක් ගන්නා, සේවකයන්ගේ රැවුම් ගෙරවුම් සහිත බර කරත්ත යුගයේ දුම් රිය සේවය අතහැරීමට වම සූදානම් නැත්නම් එය වමට ආවේනික ගතානුගතිකභාවයයි. නමුත් විදුලි දුම්රිය සේවාවක නවීන පහසුකම් සහිත ඉක්මන් ගමනක යෙදෙන්නට නම් ප්‍රතිසංස්කරණ අවශ්‍යම වේ. ඒ ප්‍රතිසංස්කරණයන්ගේ පදනම නව ලිබරල්වාදය බව ඇත්තකි. නමුත් ධනේශ්වර සංවර්ධනයට පිටුපාන්නට කිසිම විද්‍යානුකූල වාමාංශික ව්‍යාපාරයකට නොහැකිය.
ප්‍රශ්නය ඇත්තේ මහජන සේවාවන් හා ව්‍යාපාරයන්හි අයිතිය රජය සතු ද පෞද්ගලික අංශය සතු ද යන්න නොවේ.
ප්‍රශ්නය ඇත්තේ මහජන සේවාවන් හා ව්‍යාපාරයන්හි අයිතිය රජය සතු ද පෞද්ගලික අංශය සතු ද යන්න නොවේ. ව්‍යවසායකත්වයක බර දරන්නට මෙරට රජය මෙන්ම පෞද්ගලික අංශය ද සමත්ව ඇති බවක් දකින්නට නැත. එහෙත් පවතින ක්‍රමය ඒ ආකාරයෙන්ම ඉදිරියට රැගෙන යන්නට පාලක පන්තියට මෙන්ම වමට ද අවශ්‍යතාවක් නොතිබිය යුතුය.
පාලකයන් නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණයන් සිදු කරන විට වම කළ යුත්තේ ඒ ප්‍රතිසංස්කරණ සමග පොර බදමින් පීඩිතයන්ගේ අයිතිය සහතික කිරීමට සටන් කිරීම මිස අහෝසි වෙමින් පවතින වැඩවසම් ඉතුරු බිතුරු වෙනුවෙන් සටන් කිරීමට නොවේ. මේ අවබෝධය ඇති කර ගන්නට ලාංකික වමේ ව්‍යාපාරය තුළ දැනුමේ විශාල ප්‍රබෝධයක් ඇතිවිය යුතුම ය. ඒ සදහා දෘෂ්ඨිමය නිවැරැදිතාවක් නිර්මාණය කර ගත යුතුම ය.
(පිලිප් ශාන්ත)
shan.info1978@gmail.com



