The Leader News
BREAKING
Top Ad
Opinion

කේන්ති චන්දය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 8, 2024 • 5:56 PM

කේන්ති චන්දය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චන්දදායකයින්ගේ මැතිවරණ හැසිරීම නිර්වචනය කිරීම වෙනුවෙන්.
  • මේ තරුණ කියන පිරිස අවුරුදු 20-35 අතර වගේ තමයි පෙනෙන්න තියෙන්නේ.
  • කොවිඩ් 19 වලින් පස්සේ එක් එක් රටවල් ඒක කළමනාකරණය කරපු පිළිවෙල ගැන අසතුටට පත් තරුණ අයත් මේ කේන්ති චන්ද ගොඩට අයිති උණා.
  • එයාල දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලින් ඉවත්වෙලා යම් යම් පුද්ගල චරිත ගැන අවදානයෙන් එයාලගේ කැමැත්ත ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

චන්දදායකයින්ගේ මැතිවරණ හැසිරීම නිර්වචනය කිරීම වෙනුවෙන්.

විශේෂයෙන් ලතින් ඇමෙරිකානු රටවල්වලින් පටන් අරගෙන දැන් මේ නැඹුරුව යුරෝපය සහ ආසියාව දක්වා වේගයෙන් විහිදෙමින් තියෙනවා. මේ තරුණ කියන පිරිස අවුරුදු 20-35 අතර වගේ තමයි පෙනෙන්න තියෙන්නේ.

කොවිඩ් 19 වලින් පස්සේ එක් එක් රටවල් ඒක කළමනාකරණය කරපු පිළිවෙල ගැන අසතුටට පත් තරුණ අයත් මේ කේන්ති චන්ද ගොඩට අයිති උණා.

වඩාත් වැදගත් වෙන්නේ පවතින දේශපාලන පිළිවෙල සහ ක්‍රමය ගැන අවුලින් ඉන්න තරුණ කොටස් මේ කේන්ති චන්දකාරයන් හැටියට නම් වීම. එයාල දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලින් ඉවත්වෙලා යම් යම් පුද්ගල චරිත ගැන අවදානයෙන් එයාලගේ කැමැත්ත ප්‍රකාශ කරනවා.

ඇත්තටම ලංකාවේ උනත් දැන් දැන් මැතිවරණ කෙරෙන්නේ පක්ෂ ගැන ලොකු අවධානයකින් නෙවෙයි. පුද්ගල චරිත කේන්ද්‍ර කරගෙන. රනිල්ට දැන් පක්ෂයක් නැහැ. අනුර පක්ෂයක් එක්ක ආව උනත් දැන් දැන් මතුවෙන්නේ චරිතයක් විදියට. සජිතුත් චරිතයක්. නාමල්, දිලිත් වගේ අයත් චරිත වශයෙන් ඉස්මතු වෙන ස්වභාවයක් තියනවා.

ඒ වගේම කතාවට ප්‍රතිපත්ති ප්‍රකාශන වගේ දේවල් තිබ්බට ඇත්තටම කවුරුවත් ඒවා එච්චර සීරියස් ගන්නේ නැහැ. හැබැයි මේ චරිතවල මුවින් නිකුත් වෙන ප්‍රකාශ වෛරල් වෙනවා. ඒකත් වෙනම නැඹුරුවක්.

ආර්ථික බංකොලොත් බව, සම්ප්‍රදායික දේශපාලන ඒ ප්‍රශ්න එක්ක ගනුදෙනු කරපු විදිය විතරක් නෙවෙයි කාලයක් තිස්සේ සිදු නොවිච්ච දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ප්‍රකාශ වෙන කේන්ති චන්දයක් ආවේග ප්‍රකාශනයක් හැටියට මේ මැතිවරණේ ඇතුලේ වැදගත් කාර්යයක් කරයි කියල හිතෙනවා. විශේෂයෙන් තරුණ කොටස.

එක්සත් ජාතීන් මෙහෙම කියනවා. බලන්න මිනිස්සු චන්ද පොලට එන විදිය. එයාල චන්දෙ දාන්න එන දවසේ චන්ද පොළට එන්නේ සතුටෙන්ද, දුකෙන්ද, අපේක්ෂාභංගත්වයෙන්ද කියන එක මත එයාලගේ චන්දෙ තීරණය වෙනවා.

සමහර විට මොන දුකක් හරි විඳගෙන ඉස්සර මිනිස්සු නම් රටේ ප්‍රභූන්ට චන්දෙ දුන්න. දැන් එහෙම නැහැ. තියෙන කේන්තිය දැන් කෙලින්ම ප්‍රකාශ කරනවා. ඒවත් එක්ක හේදිලා යනවා.

පරණ පරම්පරාව නම් චන්දෙ දෙනකොට ගොඩක් දේවල් හිතුවා. මේ පරම්පරාව මුකුත් හිතන්නේ නැතුව ගසල දානවා. ගසල දාල සෙල්ෆියක් ගන්නවා.

චන්දෙ දීල සෙල්ෆි එකක් ගන්න පරම්පරාවක තෘප්තිය වෙනුවෙන් තමයි අද දේශපාලනයට කතාකරන්න සිද්ද වෙලා තියෙන්නේ.

 

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...