The Leader News
BREAKING
Top Ad
Opinion

ජවිපෙට බය ද? - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 9, 2024 • 9:30 AM

ජවිපෙට බය ද? - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වික්ටර් අයිවන් සහ විමල් වීරවංශ යනු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයන්ය.
  • මේ මොහොතේ වඩාත්ම භීතියට පත්ව ඇත්තේ ජවිපෙට ද්‍රෝහී වූවන්ය.
  • වික්ටර් ‘71 කැරැල්ලේ සන්නද්ධ ත්‍රස්තයෙකි.
  • අධිකරණයෙන් වසර 5 ක සිර දඬුවමක් ලබා අවසානයේ ජවිපෙ මතවාදය සහ පක්ෂය අත්හැර දැමුවෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වික්ටර් අයිවන් සහ විමල් වීරවංශ යනු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයන්ය. හෙවත් ජවිපෙට ද්‍රෝහීන්ය. මේ මොහොතේ වඩාත්ම භීතියට පත්ව ඇත්තේ ජවිපෙට ද්‍රෝහී වූවන්ය. වික්ටර් ‘71 කැරැල්ලේ සන්නද්ධ ත්‍රස්තයෙකි. බෝම්බ හදන්න ගොස් තුවාල ලැබූවෙකි. අර පාස්කු බෝම්බ හදන්න ගොස් තුවාල ලැබූ ත්‍රස්තයා වැනිය. අධිකරණයෙන් වසර 5 ක සිර දඬුවමක් ලබා අවසානයේ ජවිපෙ මතවාදය සහ පක්ෂය අත්හැර දැමුවෙකි. හෙවත් ජවිපෙට ද්‍රෝහීයෙකි.

විමල් වීරවංශ 88-89 කැරැල්ලේ සාමාජිකයෙකි. විප්ලව කර කර හිටිය නිසා සීගිරියවත් නගින්න බැරි වුණා කියා ජවිපෙන් ඉවත්ව මහින්දට මුවා වී ඊට දරුණුවට පහර දුන් අයෙකි. හෙවත් ජවිපෙට ද්‍රෝහීයෙකි. ජවිපෙට ද්‍රෝහී වීම බරපතලය. එය මරණයෙන් කෙළවර විය හැකි වරදකි. මෙතෙක් කල් අයිවන් සහ වීරවංශ වැන්නවුන්ට එම දඬුවමින් මිදී සිටීමට හැකි වූයේ මහින්ද රාජපක්ෂ විසින් මෙරට ප්‍රජාතන්ත්‍රය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කළ නිසාය. නමුත් වීරවංශ මහින්දටත් ද්‍රෝහී විය. “Once a traitor, always a traitor” කියා ප්‍රසිද්ධ කියමනක් තිබේ. වරක් ද්‍රෝහීයා, හැමදාම ද්‍රෝහීයාය.

 

victor wimalවික්ටර් අයිවන් සහ විමල් වීරවංශ
අයිවන් අද ලිපියක් ලියමින් සිය චිත්ත අර්බුදය අනෙකාට ප්‍රක්ෂේපනය කර රනිල් දිනනා බව කියමින් තමාගේ මහළු සිත අස් වසා ගැනීමට දරන උත්සාහය අනුකම්පා සහගතය. අනෙක් පැත්තෙන් වීරවංශ කොයි වෙලාවේ බැලුවත් ඉන්නේ කටගොන්නක් බීගෙනය. ඒ ඔහුගේ සිත තුළ වද දෙන භීතිය යටපත් කර ගැනීමට ඔහු යථා ලෝකයෙන් මිදෙන ක්‍රමයයි. ඊයේ පෙරේදා රූපවාහිනී වැඩසටහනකට පැමිණ ඔහු සිය සිත තුළ හොල්මන් කරන භීතිය විසින් මවන්නා වූ මනෝවිකාරයක් කියවා ගියේය. වීරවංශ යනු සැබැවින්ම නොවන දේවල් මනසින් මවා ගන්නා අයෙකි.

රනිල් දැන් තරගයෙන් එළියට වීසි වී ඇත. පොහොට්ටුවට ද්‍රෝහී වී රනිල්ට එකතු වුණු අයගේ සද්දය දැන් වේගයෙන් අඩු වෙමින් යයි. ඒ දවස්වල අහිංසක අපට චණ්ඩි පාර්ට් දැමූ කාංචනලා දැන් කතා කරන්නේ කණට නෑහෙන ගානටය. මාළු වලේ කුසල්හාමි වගේය. පෝලිම් නැති කළේ බැසිල් කියා තහවුරු වීමත් සමග එංගලන්තෙන් ගෙනා සුද්දා හදපු රනිල්ගේ කැම්පේන් එක කුජීත වී ගියේය. රනිල් දැන් වේදිකාවේ වැඩිපුරම කතා කරන්නේ අනුර ගැනය. ජවිපෙ සමග එල්ලෙමින් මහජනතාව භීතියට පත් කිරීම දැන් ඔහුගේ උපක්‍රමයයි. අර්ථයෙන් ගත් කල එයත් ත්‍රස්තවාදයකි. මේවා නම් නූතන ලෝකයට නොගැලපෙන දේශපාලන වසලකම් පමණී.

 

අරගලයට පසු වදනක් - (අරවින්ද හෙට්ටිආරච්චි)ජූලි 9 වැනිදා ජනපති ගෝඨාභය කිසිවෙකුට නිය පිටින් පහරක් නොදී ඉවත්ව ගිය පසු ඒ රෙජීම් චේන්ජ් ව්‍යාපෘතිය අවසන් විය.
ගිය වර පැරදුණු වෙලාවේ ගෝඨාභයට කතා කර හොටු පෙර පෙර අඬපු හැටියට මේ වෙලාවේ සජිත් ඉන්නවා ඇත්තේ ප්‍රාණ බියෙන් බවට සැක නැත. ගෝඨාභය වැනි අවිහිංසාවාදී උතුමෙකුට එහෙම බය වුණා නම් අනුර කුමාරට කොහොම බයක් ඇතිද! නමුත් මේවා සියල්ල අනියත බිය පමණී. ඊනියා අරගලය යනු සුවිශේෂී තත්ත්වයකි. එය බටහිර රටවල අනුග්‍රහයෙන් මෙරට ව්‍යාපාරික ප්‍රභූන් විසින් දියත් කළ කුමන්ත්‍රණයකි. එවැන්නක් නැවත ඇති වන්නේ නැත. ජූලි 9 වැනිදා ජනපති ගෝඨාභය කිසිවෙකුට නිය පිටින් පහරක් නොදී ඉවත්ව ගිය පසු ඒ රෙජීම් චේන්ජ් ව්‍යාපෘතිය අවසන් විය. එදා ජවිපෙ නායකයන් පාර්ලිමේන්තුව අල්ලන්න එන්න කියා කිව්වත් සෙනග ආවේ නැත. ජවිපෙට එවැනි ජනතා සහායක් නැත. අරගලය පිළිබඳ අත්දැකීමෙන් මේ ජනපතිවරණය දෙස බැලීම අතාර්කිකය.

සියල්ල දෙස බැලීමේදී ලංකාවේ ජනතාවට බියක් සැකයක් නැතිව සිය ඡන්දය දිය හැක්කේ නාමල් රාජපක්ෂට පමණී. ඔහු ශිෂ්ට සම්පන්න උගත් බුද්ධිමත් කාරුණික තරුණයෙකි. ඔහු දරුවන් සිටින ආදරණීය පියෙකි. ආදරණීය පවුලක වගකීමක් ඇති මිනිහෙකුට ඔබේ ඡන්දය දෙන්න බිය විය යුතු නැත. මන්ද ඔහු කිසිදාක තම පවුල ජීවත් වෙන රටට වරදක් වෙන්නට ඉඩ නොතබන නිසාය. අනෙක් ප්‍රධාන අපේක්ෂකයන් ගැන එසේ කියන්නට නොහැකි බව කීම සත්‍යයක් මිස අසංවේදී වීමක් නොවේ. මහින්ද මේ රටට වරදක් නොකළේ ඔහුගේ දරුවන්ට මේ රටේ ගෞරවයෙන් ජීවත් විය යුතු නිසාය. නාමල් සිය පාක්ෂිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිය අයෙකි. නාමල් ඔබව බය කර සිය දේශපාලනය කරන්නේ නැත.

මේ රටට අවශ්‍ය වන්නේ මිනිසුන් බියට පත් කර සිය දේශපාලනය කරන අනුරලා, රනිල්ලා හෝ බියෙන් සැඟවෙන සජිත්ලා හෝ නොවේ. ඒ නිසා ඔබ කිසියම් හෝ බියකින් සිටී නම් ඔබ සහාය දිය යුත්තේ නාමල්ටය. ධර්මය ඔබට මග වේවා!

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 සැප්තැම්බර් 8

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...