The Leader News
BREAKING
Top Ad
Opinion

අර්බූදය තේරුම් ගත්තා ද? - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

September 10, 2024 • 6:53 AM

අර්බූදය තේරුම් ගත්තා ද? - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට අලඟු තබන ඔහුගේ සහචරයන් කියන්නේ ද දැන් අර පෝලිම් නැ මේ පෝලිම් නෑ කියන කතාවයි.
  • ඔවුන්ගේ ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ ඔවුන් අර්බූදය ලෙස තේරුම් ගෙන ඇත්තේ ආර්ථික කළමනාකරණයේ සිදුව ඇති අතපසුවීමක් ලෙසින් බවයි.
  • රනිල් වික්‍රමසිංහට එරෙහිව තරඟ කරන සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හා නාමල් රාජපක්ෂ යන ප්‍රධාන අපේක්ෂකයන් පැහැදිලි කරන කරුණු වලින් ගම්‍ය වන්නේ ද පවතින්නේ රාජ්‍ය කළමනාකරණයේ ප්‍රශ්නයක් බව ය.
  • එනිසා ඔවුහු තමන් බලයට ආ පසුව කරන ප්‍රතිසංස්කරණ ක්‍රම විසදුම් ලෙස ඉදිරිපත් කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට අලඟු තබන ඔහුගේ සහචරයන් කියන්නේ ද දැන් අර පෝලිම් නැ මේ පෝලිම් නෑ කියන කතාවයි. ඔවුන්ගේ ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ ඔවුන් අර්බූදය ලෙස තේරුම් ගෙන ඇත්තේ ආර්ථික කළමනාකරණයේ සිදුව ඇති අතපසුවීමක් ලෙසින් බවයි.

රනිල් වික්‍රමසිංහට එරෙහිව තරඟ කරන සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හා නාමල් රාජපක්ෂ යන ප්‍රධාන අපේක්ෂකයන් පැහැදිලි කරන කරුණු වලින් ගම්‍ය වන්නේ ද පවතින්නේ රාජ්‍ය කළමනාකරණයේ ප්‍රශ්නයක් බව ය. එනිසා ඔවුහු තමන් බලයට ආ පසුව කරන ප්‍රතිසංස්කරණ ක්‍රම විසදුම් ලෙස ඉදිරිපත් කරති.

 

3902131 403913476

ප්‍රතිසංස්කරණ වලින් ප්‍රශ්නය විසදිය හැකි යැයි කල්පනා කරන්නේම අර්බූදය සරලමතිකව විග්‍රහ කර ගන්නා නිසා ය. එහෙත් රටේ පවතින්නේ ඊට වඩා ගැඹුරු හා සංකීර්ණ ප්‍රශ්නයකි. ඒ අනුව අර්බූදය රාජ්‍ය කළමනාකරණයේ ප්‍රශ්නයක් නොවේ. එය රාජ්‍යයේ නෛසර්ගික ප්‍රශ්නයකි. එනම් ශ්‍රී ලංකා රාජ්‍යය අසමත් තත්ත්වයට පත්වීම (failed state) අප මුහුණ දෙන අර්බූදයයි.

යම්කිසි භූමි ප්‍රදේශයක ජීවත්වන ජන කොටසක් පාලනය හා කළමනාකරණය සදහා පිහිටුවා ගත් ආයතනය රාජ්‍යයයි. ඒ රාජ්‍යයේ නිර්මිතිය දෝෂ සහිත නම් එය ව්‍යුහාත්මකව වෙනස් නොකර රාජ්‍යය යළි ගොඩනැගිය නොහැක. එහෙත් මේ කිසිවෙක් රාජ්‍යය යළි ස්ථාපිත කරන්නට වෑයම් නොකරති. ඔවුන්ගේ වෑයම ගරා වැටෙන රාජ්‍යයටම සුදු පිරියම් කිරීමයි. 

රාජ්‍යය තුළ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය නැත. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නැත. මේ නිසා රාජ්‍යයේ ජාතිකත්ව අතර නිරත්තර ගැටුම් පවතී. ආර්ථිකයේ විශාල ඇති නැති පරතරයක් පවතී. සමාජ අසාධාරණයක් හා අයුක්තියක් පවතී. මේ නිස රාජ්‍යය බිඳ වැටීමේ අනතුරක පවතී. ඒ නිසා රාජ්‍යය කෙරෙහි රටවැසියන් තුළ වෛරයක් හා කෝපයක් නිර්මාණය වී ඇත. ඒ වෛරය හා කෝපය පහ කිරීමට අලුත් රාජ්‍යයක් නිර්මාණය කර ගත යුතුව ඇත. නමුත් එසේ නොකර වෛරය හා කෝපය මහ කර ගැනීමට වැටුප් වැඩි කිරීම්, ගොවි ණය කපා හැරීම්, සහල් බෙදා හැරීම ආදිය යෝජනා කිරීම බොළඳකමකි.

 

නව අනාගතයක් පිළිබඳ සමාජ පරිකල්පනය - (සුමිත් චාමින්ද)

ඇත්තටම අවශ්‍යව ඇත්තේ මහජන අර්ථයකින් රාජ්‍යය යළි ස්ථාපිත කර ගැනීමයි. ඒ සදහා ජන කොටස් අතර සාමය ඇති කිරීමට "මේ අපේ රාජ්‍යය" යන හැගීම ඔවුන් තුළ නිර්මාණය කළ යුතුය. ඒ සදහා රාජ්‍යය ප්‍රජාතාන්ත්‍රික කළ යුතුය. ඒ වගේම ඇති නැති පරතරය අවම කිරීමට නම් උපරිම ආදායම් ලබන රටේ ජනගහනයෙන් 20%කට රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 60%ක් හිමිවීම අහෝසි කළ යුතුය.

නමුත් රාජ්‍යය එලෙස මහජන හිතකාමී ආයතනයක් බවට පත් කිරීමට ඉඩ නොදෙන්නේ මේ රටේ ප්‍රභූ පන්තියයි. ඊට හේතුව  රාජ්‍යයේ නිර්මිතය හා සැකැස්ම ප්‍රභූ පන්තියේ අභිලාශයන් මත සිදුව තිබීමයි. පවතින ආකාරයේ රාජ්‍යයක් ප්‍රභූ පන්තියේ අවශ්‍යතා තෘප්ත කිරීමට වඩාත්ම ගැලපේ. එසේ නම් මූලික වශයෙන් කළ යුත්තේ මේ රාජ්‍යය වෙනස් කිරීමයි.

රාජ්‍යයේ ව්‍යුහාත්මක වෙනසක් සදහා නිවැරැදි  දෘෂ්ටිමය ඉලක්කයක් අත්‍යාවශ්‍ය වේ. බොහෝ විපාක්ෂිකයන්ට එවැන්නක් නැත. ඔවුන් සතුව පවතින්නේ ද ප්‍රභූ පන්තියේ දෘෂ්ටිමය ඉලක්කයම වේ. එනම් රාජ්‍යයට හුණු පිරියම් කර මනා පෙනුමක් ලබාදීමයි. එහෙත් පවතින අර්බූදය එමගින් විසදෙන්නේ නැත. 

සුබ සාධන ආකෘතිය යනු බරවා කකුලකි.

 

ආර්ථික හැකියාව සහ මැතිවරණ පොරොන්දු - ( සාගල රත්නායක)

එනිසා ආර්ථිකමය වශයෙන් අවතැන් කර ඇති ජන කොටස් නඟා සිටුවීමට අලුත් මෙවලම් සොයා ගත යුතුය. එසේම ආර්ථිකයේ පදනම පුළුල් ජනතාව මත නිර්මාණය කර ගත යුතුය.  මූලික වන්නේ අලුත් රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමයි. ඒ සදහා රාජ්‍යයේ ආකෘතිය වෙනස් කළ යුතුය. ආර්ථිකය යළි නිර්මාණය කර ගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගත යුතුය. ජන කොටස් රාජ්‍යය කෙරෙහි ඇද බැද තබා ගත යුතුය. එහෙත් කිසිවෙක් ඊට සූදානම් නොවීම ඛේදවාචකය කි.

දේශපාලන විමුක්තිය උදෙසා කරන අරගලයට තවමත් විශාල ඉඩකඩක් පවතිනේ එබැවිනි.

(පිලිප් ශාන්ත)
shan.info1978@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...