The Leader News
BREAKING
Top Ad
Opinion

ලංකාවේ සමාජයේ විප්ලවයක් සිදුවෙමින් පවතිනවා - (රසික ජයකොඩි)

T

The Leader Desk

September 10, 2024 • 7:50 AM

ලංකාවේ සමාජයේ විප්ලවයක් සිදුවෙමින් පවතිනවා - (රසික ජයකොඩි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ විප්ලවය ගැන වෙලාවකට මට ආශ්වාදයකුත්, වෙලාවකට කිසියම් බයකුත් දැනෙනවා.
  • ඒ වගේ ම අනෙක් අතට විප්ලවය කියන්නේ මොකක්ද කියලා මේ හැමෝටම තේරෙන දවසක් එනකල් හිටියොත් කවදාවත් විප්ලවය සිදුවන්නේත් නැහැ.
  • ඒක හරියට බණ්ඩාරනායක 56 දී කළා වගේ වැඩක්.
  • බණ්ඩාරනායක ගේ පාලනය කොච්චර ව්‍යාකූල වුණත්, අසාර්ථක වුණත් 1956 දී ඔහු ඒ දොර විවෘත නොකළා නම් ලංකාවේ රෙද්ද බැනියම අඳින, සිංහල කතා කරන මිනිහාට 'පවර් කොරිඩෝර්' වලට ඇතුළු වෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ විප්ලවය ගැන වෙලාවකට මට ආශ්වාදයකුත්, වෙලාවකට කිසියම් බයකුත් දැනෙනවා.

ආශ්වාදය වන්නේ විප්ලවය විසින් සමාජයේ විවිධ ස්ථර එක තැනකට එකතු කරන නිසයි. විවිධ අරමුණු තියෙන, විවිධ පාට තියෙන විචිත්‍ර මිනිසුන් එක ධජයක් යටතට ගෙනෙන නිසයි. මහා මිනිස් ගංගාවක් එක කොඩියක් යටතට, එක සටන් පාඨයක් යටතට එකතු වෙලා ඉන්න එක ඉතා ම ආශ්වාදනීය චිත්‍රයක්.

 Peopleමහා මිනිස් ගංගාවක් එක කොඩියක් යටතට, එක සටන් පාඨයක් යටතට එකතු වෙලා ඉන්න එක ඉතාම ආශ්වාදනීය චිත්‍රයක්.

මට පොඩි බයක් දැනෙන්නේ ඒ ආශ්වාදනීය චිත්‍රයේ තනි තනි මිනිස් රූප ළඟට දකිනකොටයි.

මට සුගතපාල ද සිල්වා ගේ 'මරාසාද්' නාට්‍යයේ සමහර දෙබස් මතක් වෙනවා.

ඉරුණු සපත්තුවක් තියෙන මිනිහෙක් විප්ලවයෙන් පසු අලුත් සපත්තුවක් හිමි වේ යැයි සිතා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

වැරහැලි ඇඳගත් මනුස්සයෙක් විප්ලවයෙන් පසු අලුත් ඇඳුම් ලැබේ යැයි සිතා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

කුසගින්නේ ඉන්න මිනිහෙක් විප්ලවයෙන් පසු ආහාර ලැබේ යැයි සිතා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

උගතුන් සහ බුද්ධිමතුන් 'නිදහස, සමානාත්මතාව සහ සාධාරණත්වය' වෙනුවෙන් විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

 

458942352 1097185338444361 5505833777681228039 nකලාකාරයන්, සාහිත්‍යකාරයන් මර්දනයෙන් නිදහස ලැබේ යැයි සිතා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

කලාකාරයන්, සාහිත්‍යකාරයන් මර්දනයෙන් නිදහස ලැබේ යැයි සිතා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

රස්තියාදුකාරයන්, දාමරිකයන්, මං පහරන්නන් විප්ලවයෙන් පසු හිතේ හැටියට ප්‍රභූන්ගේ මාළිගා කොල්ලකන්නට ලැබේ යැයි හිතා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.

මේ හැම දෙනා ම විප්ලවය කියවාගන්නේ තමන්ගේ ම විදියකටයි. තම තමන් ගේ අවශ්‍යතාවලට සාපේක්ෂවයි. මේ හැමෝගේ ම අවශ්‍යතා එකිනෙකට වෙනස්.

එකිනෙකට පරස්පරයි. මේ හුඟක් අයට විප්ලවය කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ වගේ ම අනෙක් අතට විප්ලවය කියන්නේ මොකක්ද කියලා මේ හැමෝටම තේරෙන දවසක් එනකල් හිටියොත් කවදාවත් විප්ලවය සිදුවන්නේත් නැහැ.

ඉතින් ඒ චිත්‍රය දුරට දැක්කම ආශ්වාදයකුත්, ළඟට දැක්කම බයකුත් දැනෙන්නේ ඒ හින්දයි.

 

new oneමේ වෙලාවේ අනුර ලංකාවේ දේශපාලනයේ කිසියම් අලුත් දොරක් විවෘත කරමින් ඉන්නවා.

කොහොම වුණත් මේ වෙලාවේ අනුර ලංකාවේ දේශපාලනයේ කිසියම් අලුත් දොරක් විවෘත කරමින් ඉන්නවා. ඒ දොරෙන් මේ වෙනකොට ලංකාවේ දේශපාලනයෙන් පිටමං වෙලා ඉන්න, බල දේශපාලනයේ අවස්ථා අහිමි වෙලා තියෙන විශාල සමාජ ස්ථරයකට දේශපාලනයට එන්න මාර්ගය විවෘත කරනවා. ඒක ලංකාවේ මෙතෙක් කල් ප්‍රධාන ධාරාවේ තිබුණු පක්ෂවලට කරන්න බැරි වුණු වැඩක්. මං හිතන්නේ අනුරට ඉතිහාසයෙන් පැවරිලා තියෙන කාර්යභාරය ඒ දොරටුව විවෘත කිරීමයි. ඒක හරියට බණ්ඩාරනායක 56 දී කළා වගේ වැඩක්. බණ්ඩාරනායක ගේ පාලනය කොච්චර ව්‍යාකූල වුණත්, අසාර්ථක වුණත් 1956 දී ඔහු ඒ දොර විවෘත නොකළා නම් ලංකාවේ රෙද්ද බැනියම අඳින, සිංහල කතා කරන මිනිහාට 'පවර් කොරිඩෝර්' වලට ඇතුළු වෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

මේ මොහොතේ ඒ වගේ අලුත් දොරක් විවෘත කරන්න ආසන්නත ම තැනක ඉන්නේ අනුර. ඔහුට ඒ අවස්ථාව නොලැබුණොත් ඒ දොර විවර වෙන්න තව සෑහෙන කාලයක් යනවා. ඒ වගේ ම ඒ විවර කරන දොරටුව වෙනුවෙන් අනෙක් අය විසින් ගෙවිය යුතු පිරිවැයකුත් තියෙනවා. බොහෝ වෙලාවට ඒක ආර්ථිකමය පිරිවැයක් විය හැකියි. අනුර විසින් උදා කරන දේශපාලනික අවස්ථාව සහ ඒ වෙනුවෙන් ගෙවිය යුතු පිරිවැය තරාදියක දෙපැත්තක දාලා කිරා මැන බැලිය යුතුයි. ඒත් මේ වෙලාවේ කාටවත් එහෙම හරියට කිරා මැන බලන්න මතක් වෙන්නේ නැහැ.

 

459200297 1098204985009063 210225535757123404 nමේ මොහොතේ ඒ වගේ අලුත් දොරක් විවෘත කරන්න ආසන්නත ම තැනක ඉන්නේ අනුර. ඔහුට ඒ අවස්ථාව නොලැබුණොත් ඒ දොර විවර වෙන්න තව සෑහෙන කාලයක් යනවා

මේ හැම දෙයක් නිසා ම මම විප්ලවයේ තියෙන ආශ්වාදයත්, ඒ ආශ්වාදයේ ම තියෙන ආදීනවයත් දකිනවා.

ඒ නිසා ම විප්ලවයේ පෙළපාලියට ජය ඝෝෂා නගමින් ඉස්සරහට යන්න ඉඩ දීලා, පාරේ පුළුවන් තරම් අයිනට වෙලා පයින් යනවා.

Rasika
(රසික ජයකොඩි)
rasikajayakody2@gmail.com

#lka #SriLanka #life


(Rasika Jayakody ගේ ෆේස්බුක් පිටුවෙන්..)
09 - 09 - 2024


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...