The Leader News
BREAKING
Top Ad
Opinion

මා හිතවත් අනුර! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 10, 2024 • 4:14 PM

මා හිතවත් අනුර! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැත්නම් ඔය ඔක්ස්ෆර්ඩ් කතාවක නැත්නම් ෆිල්ම් එකක හරි මම දැකල තිබ්බ.
  • හැබැයි ඒක හරියටම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ යෙදුමක් බව පැහැදිලිව දැනගත්තේ රනිල් ඊයේ පෙරේද කරපු කතාවකින්.
  • දැන් මේ 'මා හිතවත්' කියන එක දේශපාලනය ඇතුලේ අනුර රනිල් අතරේ ප්ලේ වෙනවා (play) කියල මම දැක්ක නිසා පොඩ්ඩක් මේ ගැන අවධානයෙන් හිටිය.
  • එයා ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදායේ එන යුරෝ කේන්ද්‍රීය ඉංග්‍රීසි බුර්ෂුවා යෙදුමක් බව කිව්වේ නැහැ. පාර්ලිමේන්තුවේ ගොඩක් කල් හිටපු කෙනෙක් හැටියට ''මේක පාර්ලිමේන්තු සම්ප්‍රදායේ තියෙන දෙයක් හැබැයි දැන් මේක පාවිච්චි කරන්නේ අපි ඔක්කොම යාලුවෝ'' කියල පෙන්නන්න කියල කිව්වනම් ඒක වටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මට මීට කළින් ඇහිල තිබ්බ. නැත්නම් ඔය ඔක්ස්ෆර්ඩ් කතාවක නැත්නම් ෆිල්ම් එකක හරි මම දැකල තිබ්බ. හැබැයි ඒක හරියටම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ යෙදුමක් බව පැහැදිලිව දැනගත්තේ රනිල් ඊයේ පෙරේද කරපු කතාවකින්. නීතිඥ වෘත්තියේ අයත් ඔය යෙදුමින් එහෙම කතාකරනවා මම දැකල තියනවා.

දැන් මේ 'මා හිතවත්' කියන එක දේශපාලනය ඇතුලේ අනුර රනිල් අතරේ ප්ලේ වෙනවා (play) කියල මම දැක්ක නිසා පොඩ්ඩක් මේ ගැන අවධානයෙන් හිටිය. ඒ ඉඳල තමයි මේක මම රනිල් හරහා අල්ල ගත්තේ.

විශේෂයෙන් මා හිතවත් විතරක් නෙවෙයි හරක් බූරුවෝ බල්ලෝ පූසෝ ලෙවල් එකට ගිය අපේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් ගැන නම් කියල වැඩක් නැති නිසා තමයි මේක මට වැදගත් උණේ.

මම කියන්නේ මෙච්චරයි. මට මේක අල්ල ගන්න අන්තිමට රනිල්ගේ කතාවක්ම බලන්න උනා.

හැබැයි ආනමඩුවේ අනුර කරපු කතාවේ තිබ්බෙ ''ඔය එන්නේ ශේප් වෙන්න'' වගේ ප්‍රතිරෝධාත්මක (දේශපාලනික) දෙයක් විතරයි. එයා ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදායේ එන යුරෝ කේන්ද්‍රීය ඉංග්‍රීසි බුර්ෂුවා යෙදුමක් බව කිව්වේ නැහැ. 

පාර්ලිමේන්තුවේ ගොඩක් කල් හිටපු කෙනෙක් හැටියට ''මේක පාර්ලිමේන්තු සම්ප්‍රදායේ තියෙන දෙයක් හැබැයි දැන් මේක පාවිච්චි කරන්නේ අපි ඔක්කොම යාලුවෝ'' කියල පෙන්නන්න කියල කිව්වනම් ඒක වටිනවා. ඉගෙනගන්න දෙයක් එතකොට ඒ පරස්පර බවේ තියනවා. අපි බුර්ෂුවා සම්ප්‍රදාය වගේම ඒක දේශපාලන ඇතුලේ ප්ලේ කරන හැටි කියන දෙකම ඉගෙන ගන්නවා.

නමුත් එහෙම යමක් බරපතල විදියට ඉගෙනගන්න අනුර කවදාවත් එයාගේ කතාවක් ඇතුලේ ඉඩ තියන්නේ නැහැ. ඔක්කොම දේශපාලන ප්‍රහාර ඇතුළට ගෙනල්ල ඒ ප්‍රහාර වලින් පුරවනවා.

මොකක් හරි වචනයක්, යෙදුමක්, සම්ප්‍රදායක්, රීතියක්, පොතක් පතක්, ගැඹුරු අදහසක් වගේ කිසිම දෙයක් අනුරගේ කතාවක් මුළු දවසම අහගෙන හිටියත් උකහාගන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි අපේ පංතියේ තියන අවාසනාව.

හැබැයි විනාඩි පහක් රනිල් කියන දෙයක් අහගෙන හිටියොත් මොනවා හරි අපිට පික් කරගන්න පුළුවන් (ඇහිඳගන්න - pick). ඇත්ත. අද ගොඩක් දේවල් ගූගල් එකෙන් හොයාගන්න පුළුවන්. ඒත් ජීවමාන මිනිහෙක්ගෙන් ඒක ගන්නකොට තියන හැඟීම තරමක් වෙනස්.

නායකයෙක් සතුව පොඩි ඇසූපිරූ (learned) ගතියක් තියෙන්න ඕනි. ඒක මේ අපේක්ෂකයින් අතරින් දැන් තියෙන්නේ රනිල්ගේ විතරමයි.

දැන් දේශපාලනයේ මුල්පෙළේ ඉන්න කිසිවෙක්ගේ කතාවක් ඇතුලේ ඇත්තටම පික් කරගන්න දෙයක් නැහැ. රනිල් ඇරුනම. ඒකයි තවමත් මට රනිල්ගෙන් සම්පුර්ණයෙන් කැඩෙන්න බැරි. 

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...