The Leader News
BREAKING
Top Ad
Opinion

කෙක්කෙන් නොහැකි නම් කොක්කෙන් හෝ පීඩිතයන් ශක්තිමත් කරමු - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

September 12, 2024 • 8:29 AM

කෙක්කෙන් නොහැකි නම් කොක්කෙන් හෝ පීඩිතයන් ශක්තිමත් කරමු - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අර්බූදයෙන් ගොඩ එන්න විවිධ ධනේශ්වර බුද්ධිමතුන් උපක්‍රම යෝජනා කළා.
  • ඒ අතුරින් කේන්ස් විසින් සමාජ ගත කළ විසදුම් පොදිය කේන්සියානුවාදය ලෙස හැදින්වූවා.
  • ඒ අනුව අර්බූදයට විසදුම් ලෙස ලෝකය පුරා රටවල් සුබසාධනවාදයට යොමුවුණා.
  • ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ සමාජයේ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් නොවන පිරිස ආන්තීකරණයට ලක් කළ යුතු බව.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අර්බූදයෙන් ගොඩ එන්න විවිධ ධනේශ්වර බුද්ධිමතුන් උපක්‍රම යෝජනා කළා. ඒ අතුරින් කේන්ස් විසින් සමාජ ගත කළ විසදුම් පොදිය කේන්සියානුවාදය ලෙස හැදින්වූවා. ඒ අනුව අර්බූදයට විසදුම් ලෙස ලෝකය පුරා රටවල් සුබසාධනවාදයට යොමුවුණා. ලංකාවේ එවකට ඇමතිවරයකු වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරගෙ නිදහස් අධ්‍යාපන යෝජනාවලිය පවා ක්‍රියාත්මක කරන්න පටන් ගත්තෙ ඒ අනුවයි.

 

Kanangaraසී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර
නිදහස් අධ්‍යාපනය මේ රටේ දරිද්‍රතාවෙන් පෙලෙන පවුල්වල දරුවන්ට විශාල ශක්තියක් වුනා. කැලේ පිපී කැලේම පරවී යන්නට තිබුණු බොහෝ මල් කොළඹත් මුළු ලෝකයමත් මුකුලිත කළේ නිදහස් අධ්‍යාපනය නිසයි. ඒ අර්ථයෙන් ප්‍රතිසංස්කරණවාදී ආර්ථිකයක් තුළ කන්නන්ගරගෙ යෝජනාවලිය අතිශය විශිෂ්ට කාර්‍යභාරයක් කළා.

හැබැයි මේ වනවිට නිදහස් අධ්‍යාපන ක්‍රමය යල්පැන ගිහින්. ඒ වගේම ඒක අතිශය අතාර්කිකයි. මේ තර්කයට හොදම සාක්ෂිය තමයි මේවනවිට නිදහස් අධ්‍යාපනයෙන් සමාජය ජය ගන්නා ප්‍රතිලාභීන් තමන්ට උදව් කළ සමාජයට වගකීම් ඉටු නොකිරීම. ඒ කියන්නේ මහජන මුදලින් අධ්‍යාපනය ලබන පිරිස සමාජ වගකීම් ඉටු නොකර ආත්මාර්ථකාමීව ජීවත්වීමයි. ඒ නිසා තවදුරටත් නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යෑම අර්ථවිරහිතයි.

 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව : ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ  ලියවිල්ල - (විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ)

ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ සමාජයේ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් නොවන පිරිස ආන්තීකරණයට ලක් කළ යුතු බව. ඝෘජුවම කිව්වොත් දරිද්‍රතාවෙන් පෙළෙන පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඉඩ නොදිය යුතුය කියල ප්‍රකාශ වෙන්නෙ නැහැ. නමුත් ඔවුන්ට බරපතල වගකීමක් තියෙනව සමාජ වගකීම් ඉෂ්ට කරන්න. ඔවුන් සමාජයේ වියදමෙන් අධ්‍යාපනය ලබා සමාජයේ ඉහළ මට්ටමකට ආපසු තමන්ට උදව් කළ සමාජයට ප්‍රති උපකාර කිරීමේ අත හැරිය නොහැකි වගකීමක් තියෙනව. අන්න ඒ වගකීම ශක්තිමත් වන පරිදි නිදහස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළ යුතුවීම අනිවාර්‍යයක්.

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා (සයවෙනි කොටස) : සුමිත්  චාමින්ද1978 හදුන්වා දුන්න ආර්ථික ප්‍රතිසංස්කරණත් එක්ක ලංකාවේ ආර්ථිකය විශාල පුළුල්වීමකට ලක්වුණා.

 

1978 හදුන්වා දුන්න ආර්ථික ප්‍රතිසංස්කරණත් එක්ක ලංකාවේ ආර්ථිකය විශාල පුළුල්වීමකට ලක්වුණා. ඒ සමඟම මිනිස්සුන්ගේ ආදායම් මට්ටම් ඉහළ ගියා. දරිද්‍රතා මට්ටම අඩු වී මැදි ආදායම් ලබන අතර මැදි සමාජ පන්තිය පුළුල් වූවා. මේ නිසා ක්‍රය ශක්තිය ඉහළ ගොස් පාරිභෝජනවාදයට ඔවුන් යොමුවුණා. 1978න් පසුව ස්ථාවර වූ මේ අතර මැදි පන්තිය තමන්ගෙ අවශ්‍යතා තමන්ගේම මුදල් වලින් ලබා ගනිමින් සුභ සාධන සැපයීම් වලින් විතැන් වුණා. ඒ නිසා පෞද්ගලික පාසැල් හා විශ්ව විද්‍යාලත් වෙනත් උසස් අධ්‍යාපන ආයතනත් බිහිවුණා. 

මේ ව්නවිට රජය විසින් නොමිලේ ලබාදෙන අධ්‍යාපනය පමණක් ලබා ගන්නේ එහෙමත් කෙනෙක්. සුවිශාල බහුතරය නිදහස් අධ්‍යාපනයට අමතරව මුදල් ගෙවා විවිධ අධ්‍යාපන සුදුසුකම් ලබා ගන්නවා. ඒ කියන්නේ එක්දහස් නමසිය තිස් ගණන් වලට වඩා සමාජය විශාල ලෙස වෙනස් වෙලා. 

 

අධ්‍යාපනයේ නියාමනය ජාත්‍යන්තර පාසල් සහ ටියුෂන් ගුරුවරුන්ට සීමා කරන්න එපා  -(ආචාර්ය සුජාතා ගමගේ)සුවිශාල බහුතරය නිදහස් අධ්‍යාපනයට අමතරව මුදල් ගෙවා විවිධ අධ්‍යාපන සුදුසුකම් ලබා ගන්නවා.
මේ වෙනස්වීමත් එක්ක තමන්ගෙ ආර්ථික උපක්‍රම වෙනස් කර ගන්න ධනේශ්වරයටත් අවශ්‍යයි. එදා පැවැති තත්ත්වය අනුව නිදහස් අධ්‍යාපනය පිළිගත්තට අද පවතින තත්ත්වය අනුව අලුත් ක්‍රමයක් නිර්මාණය කර ගන්න පෙළඹීම නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. නමුත් ඒ අලුත් ක්‍රමයට නම්‍යශීලී නොවී නිදහස් අධ්‍යාපනයම ඉල්ලා සිටීම නොගැලපෙන්නක්.

ධනපති ක්‍රමයේ සංශෝධනවාදය හා ප්‍රතිසංස්කරණවාදය මත විමුක්ති අරගලය සීමා කරන්න අවශ්‍ය නැහැ. අප සටන් කළ යුත්තේ සමාජයෙන් ආන්තීකරණයට ලක්වූවන් ශක්තිමත් කරන්න පමණයි. එය කෙක්කෙන් නොහැකි නම් කොක්කෙන් හෝ කළ යුතුයි.

 

(පිලිප් ශාන්ත)
shan.info1978@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...