The Leader News
BREAKING
Top Ad
Opinion

සේනක බෞද්ධ රොකර් කෙනෙක් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 12, 2024 • 9:47 AM

සේනක බෞද්ධ රොකර් කෙනෙක් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සේනක මම රොකර් නැත්නම් රොක් ආටිස්ට් (rock artist) කෙනෙක් හැටියට පිළිගන්නේ එයාගේ ටියුන්ස් නැත්නම් ස්ටයිල් එක හින්දම නෙවෙයි.
  • රොක් ස්ටයිල් එකට අමතරව ඔහුගේ ගීත වලට ඔහු අධ්‍යත්මයක් ඇතුල් කළා.
  • ඇත්තටම අපි කවුරුද කියන අවසන් අර්ථයක් අපේ රටට අරන් එන්න අමාරුයි.
  • සේනක ඒක රටක්, අවකාශයක්, භූමියක් ඇතුලේ හිරකරන්නේ නැතුව අහස පොළොව ගිණියම අනන්තය වගේ අසීමාන්තික තැනකට අරන් යනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සේනක මම රොකර් නැත්නම් රොක් ආටිස්ට් (rock artist) කෙනෙක් හැටියට පිළිගන්නේ එයාගේ ටියුන්ස් නැත්නම් ස්ටයිල් එක හින්දම නෙවෙයි. රොක් ස්ටයිල් එකට අමතරව ඔහුගේ ගීත වලට ඔහු අධ්‍යත්මයක් ඇතුල් කළා.

අපි කවුරුද, අනන්තයට යනවාමයි, අපි සැනසිල්ලේ වගේ සින්දු කිහිපයක් ගත්තත් ඒ හැම එකකම වගේ යම් ගැඹුරු අධ්‍යාත්මයක් සහ ආත්මයක් ගැබ්වෙලා තිබ්බ.

ඒ අධ්‍යාත්මය සාන්දෘස්ටික එකක් කියන කියන්න පුළුවන් වගේම තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල ඕනිනම් බෞද්ධ අධ්‍යාත්මයක් හැටියට නම් කරන්නත් පුළුවන් (Buddhist rock). 

 



අවසන් අර්ථයක් නැත්නම් අවසන් අනන්‍යතාවක් ඒ සිංදු වල (විශේෂයෙන් ''අපි කවුරුද'' කියන ගීතයේ) ගැබ්වෙලා නැතුවා වගේම එහෙම නැති එකම යම් රැඩිකල් තත්වයක්.

ඇත්තටම අපි කවුරුද කියන අවසන් අර්ථයක් අපේ රටට අරන් එන්න අමාරුයි. සේනක ඒක රටක්, අවකාශයක්, භූමියක් ඇතුලේ හිරකරන්නේ නැතුව අහස පොළොව ගිණියම අනන්තය වගේ අසීමාන්තික තැනකට අරන් යනවා. අනන්තයක් දක්වා අරන් යනවා. ඒ කියන්නේ අර ආපෝ තේජෝ වායෝ වගේ ලෝකයේ ආරම්භය පැවැත්ම සහ අවසානය දක්වා අරන් යනවා. නිමක් නැහැ. අවසානයක් නැහැ.

රොක් කියන්නේ එහෙම වියුක්ත, කාල්පනික, දාර්ශනික වේදිකාවක්. ඒකට සේනකගේ ලිරික් හොඳට ගැලපුණා. 

ඒවා තරමක් පෙරදිගයි. තරමක් බෞද්ධයි. ඒ නිසාම ගෝලීයයි.

සුබ ගමන්!

බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...