The Leader News
BREAKING
Top Ad
Opinion

සමීකරණය වෙනස් වෙයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 14, 2024 • 6:48 AM

සමීකරණය වෙනස් වෙයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිමාවේ ජනප්‍රියතාව එහෙමම ඉස්සරහට යනවා.
  • ඒ තත්වයේ වැඩි වෙනසක් ඇත්තෙත් නැහැ.
  • ඇත්තටම වෙනසක් තියනවා නම් තියෙන්නේ රනිල්ට පක්ෂව හිටපු එක්සත් ජාතික පක්ෂයේ අයගේ.
  • ඒ කියන්නේ මිනිස්සු තවත් අය එක්ක සමාජයේ කරන කතාබහ ඇතුලේ රනිල් ඉන්න තැන තමන් ඇත්තටම මනසේ සටහන් කර ගන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
1649696130561මාලිමාවේ ජනප්‍රියතාව එහෙමම ඉස්සරහට යනවා. නිකම් දහයකට කතාකළොත් හයක් හතක් කෙලින්ම මාලිමාවට. වගේම මෙච්චර කාලයක් කිසිම විදියකට මාලිමා හෝ ජවිපෙ නොවුණ විශාල සංඛ්‍යාවක් මාලිමාවට කෙලින් හෝ වක්‍රව වැඩකරනවා. නැත්නම් එයාලගේ ජයග්‍රහණය අපේක්ෂා කරනවා. රැස්වීම්වල තත්වය උණත් එහෙමයි.

මාලිමාවේ නොවෙන කෙනෙක් ඉන්නවා නම් එයාල කියන්නේ සජිත් එයි කියල. ඒ තත්වයේ වැඩි වෙනසක් ඇත්තෙත් නැහැ.

ඇත්තටම වෙනසක් තියනවා නම් තියෙන්නේ රනිල්ට පක්ෂව හිටපු එක්සත් ජාතික පක්ෂයේ අයගේ. පොහොට්ටුවේ ඉඳල රනිල් ලඟට ආපු අයට එක්ක කතාකරන්න බැරි උන නිසා (හෝ එහෙම අය හමුනොවුන නිසා) ඒ ගැන දන්නේ නැහැ.
 
Sajith Ranil 2019.09.14රනිල් නැත්නම් සජිත් දිනයි'

මෙතෙක් රනිල්ට ලව් එකේ හිටපු අය දැන් දැන් කියන්න පටන් අරන් තියනවා ''රනිල් නැත්නම් සජිත් දිනයි'' කියල. ඒ කියන්නේ මිනිස්සු තවත් අය එක්ක සමාජයේ කරන කතාබහ ඇතුලේ රනිල් ඉන්න තැන තමන් ඇත්තටම මනසේ සටහන් කර ගන්නවා. ඒ රනිල්ට තියන ලව් එකේ වෙනසක් නිසා නෙවෙයි. පැවැත්මේ ප්‍රශ්නයක් එක්ක.

ඒක ගොඩක් විද්‍යාත්මක නොවෙන්න පුළුවන් උනත් අපි යථාර්තය ගැන යම් අදහසක් ගන්නේ එහෙම.

ඒ කියන්නේ මාලිමාව නෙවෙයි නම් ඊළඟට තියෙන්නේ සජිත්. ඉනුත් පස්සේ තමයි රනිල්. ගොඩක් සමීක්ෂණ උනත් තියෙන්නේ ඒ විදියට.

මම හිතන්නේ පැවැත්ම (survival) පැත්තෙන් ගත්තම මිනිස්සු වඩාත් ශක්තිමත් කෙනා පැත්තට ගමන් කරනවා.
 
01 8 1එක්සත් ජාතික පාක්ෂිකයෙකුට ඉතාම ඉක්මනින් යන්න පුළුවන් ප්ලෑන් B එක සජිත්

රනිල්වාදියෙක්ගේ ප්ලෑන් A එක රනිල්. හැබැයි අපි හැමෝම ඉන්නේ ප්ලෑන් B එකක් එක්ක. මම කියන්නේ එතැනදී එක්සත් ජාතික පාක්ෂිකයෙකුට ඉතාම ඉක්මනින් යන්න පුළුවන් ප්ලෑන් B එක සජිත්. මම හිතන්නේ එහෙම එකකුත් සිද්දවෙමින් යනවා කියන එක. මුදුණේ තියන පුද්ගලික ප්‍රශ්න පහල ඉන්න පාක්ෂිකයින්ට අදාලම නැහැ.

ප්ලෑන් A රනිල් කියන එකේ ඉඳල ප්ලෑන් B මාලිමාව දක්වා වෙනස් වෙච්ච අයත් නැතුවා නෙවෙයි.
 
pohottuwaශ්‍රී ලංකා සහ පොහොට්ටුවේ දශක ගණනක කෙණෙහිලිකම් එක්ක සම්ප්‍රදායික යූඑන්පී කෙනෙක්ට දැන් ඉන්න රනිල්ගේ පොහොට්ටු නියෝජිතයෙක් එක්ක කතා කරනවට වඩා පහසුයි තමන් එක්ක එකට හිටපු සජිත්ගේ කෙනෙක් එක්ක කතාකරන එක.

විශේෂයෙන් ශ්‍රී ලංකා සහ පොහොට්ටුවේ දශක ගණනක කෙණෙහිලිකම් එක්ක සම්ප්‍රදායික යූඑන්පී කෙනෙක්ට දැන් ඉන්න රනිල්ගේ පොහොට්ටු නියෝජිතයෙක් එක්ක කතා කරනවට වඩා පහසුයි තමන් එක්ක එකට හිටපු සජිත්ගේ කෙනෙක් එක්ක කතාකරන එක. විශේෂයෙන් ගමක.

එහෙම උනොත් දැන් තියන ඊක්වේෂන් එක (සමීකරණය) තවදුරටත් වෙනස් වෙයි.

මේක අවසන් කතාවක්වත් ගොඩක් විද්‍යාත්මක එකක්වත් නෙවෙයි.

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...