Development Board (BPDB). ඒකට තමයි විදුලිය ජනනය කිරීම, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සම්බන්ධ සම්පූර්ණ වගකීම තියෙන්නෙ. ඒ යටතෙ රටේ විවිධ ප්‍රදේශ භාර තව රාජ්‍ය ආයතන ගණනාවක් තිබෙනවා.
මෙගවොට් 25,000ක් විතර වන බංග්ලාදේශයේ විදුලි බල ජනන ධාරිතාවෙන් අදානිට තියෙන්නෙ 5%ක විතර ප්‍රතිශතයක් විතරයි. ඒකත් ලබාදෙන්නෙ බංග්ලාදේශය ආසන්නයේ ජාර්කාන්ඩ්හි පිහිටුවපු මෙගවොට් 1600 උපරිම ධාරිතාවක් සහිත ගොඩ්ඩා පද්ධතියෙන්. එමගින් සපයපු විදුලිය වෙනුවෙන් ඩොලර් මිලියන 500ක් නොගෙවීම නිසා තමයි අදානි සමාගම විදුලිය සැපයුම සීමා කළා නම් කරල තියෙන්නෙ.
බංග්ලාදේශ විදුලිබල මණ්ඩලේට පුළුවන් අදානිගෙ විදුලිය 5% නොගෙන ඉතුරු 95%න් රටට විදුලිය දෙන්න. ප්‍රශ්නෙ තියෙන්නෙ එතන. ඒ 95% ජනනය කරන්න තෙල් නැහැ. තෙල් ගන්න ඩොලර් නැහැ. බංග්ලාදේශයේ අරගලයේ ප්‍රතිඵල. ඒ අරගලයට අයිතිවාසිකම් කියන ලංකාවෙ අය දුස්තොරතුරක් පතුරුවනවා බංග්ලාදේශෙට විදුලිය නැති වුණේ අදානි සමාගම නිසාය කියලා.
95% ජනනය කරන්න තෙල් නැහැ. තෙල් ගන්න ඩොලර් නැහැ.
බංග්ලාදේශයේ ඊනියා අරගලකරුවන් විසින් රටට කරපු විනාසය තමන්ගේ වගේ භාරගෙන ඉන්න අයගේ තර්කය දැන් ඒ රටේ විදුලිය කප්පාදු කරන්නෙ අදානි සමාගමේ වරදක් නිසාය කියලා. අදානි නෙමෙයි යූනුස්ගෙ සමාගමක් වුණත් තමන්ට ඩොලර් මිලියන 500ක ණයක් ගෙවන්නට තියෙද්දි තව තවත් නොලැබෙන සල්ලි වෙනුවෙන් විදුලිය දෙන්නෙ නැහැ. ඒක සරල ආර්ථික විද්‍යාව. බිස්නස් කරන විදිය.
බංග්ලාදේශයේ ගැටලුව ඩොලර් නැති එක. ඩොලර් නැතිනම් තෙල් ආනයනය කරන්න බැහැ. තෙල් නැතිනම් විදුලිය නැහැ. බංග්ලාදේශය මේ ආර්ථික අර්බුදය විසඳා ගනියි. ඒත්, ඊනියා අරගලයෙන් හා වර්තමාන විප්ලවීය පාලනයෙන් ආර්ථිකයට අති විශාල බලපෑමක් වෙන එක වළක්වාගන්නට බැහැ.
බංග්ලාදේශය කියන්නෙ මග වරද්දාගත්තොත් අපට වෙන්න ඉඩ තියෙන දේ ගැන අපට කියන මායා පළිඟුවක්.
ඡායාරූපය ඩැකා හෝටලයක්
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com
(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)



