The Leader News
BREAKING
Top Ad
Opinion

අනුරට ඇති මාරක අභියෝග පහ... - (රන්ජන සේනානායක)

T

The Leader Desk

September 14, 2024 • 11:40 AM

අනුරට ඇති මාරක අභියෝග පහ... - (රන්ජන සේනානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේම අනුර හෝ කුමන අපේක්ෂකයෙක් ජනාධිපති උනද ඔවුනට මූලිකවම අභිමුඛ වන්නාවූ අභියෝගය නම් රටේ පවත්නා දරුණු ආර්තික අර්බුදය සමනයකර ගැනීමයි.
  • එය ප්‍රධානම අභියෝගය බව රහසක් නොවේ.
  • නමුත් විශේෂයෙන් අනුර දිසානායක ජනාධිපති ලෙස පත්වුවහොත් ඔහුට රටේ පවතින ආර්තික අර්බුදය විසඳීමට ප්‍රවිශ්ඨ වීමටත් ප්‍රථම ඔහු වෙත අභිමුක වන මේ බරපතල අභියෝග 5 ජයගත යුතු වීම අනිවාර්‍යය තත්වයක් බවට පත්වේ.
  • (1) රූපාන්තරණය වීමට ඇති හැකියාවේ අභියෝගය අනුර ජනාධිපති වීමෙන් පසු ඔහු නියමාකාරයෙන් "විධායක ජනාධිපතිවරයා" ලෙස රූපාන්තරණය වීමට ඇති හැකියාව මෙයින් පළමු අභියෝගය නම් අනුර ජනාධිපති වීමෙන් පසු ඔහු නියමාකාරයෙන් "විධායක ජනාධිපතිවරයා" ලෙස රූපාන්තරණය වීමට ඇති හැකියාවේ අභියෝගයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එසේම අනුර හෝ කුමන අපේක්ෂකයෙක් ජනාධිපති උනද ඔවුනට මූලිකවම අභිමුඛ වන්නාවූ අභියෝගය නම් රටේ පවත්නා දරුණු ආර්තික අර්බුදය සමනයකර ගැනීමයි. එය ප්‍රධානම අභියෝගය බව රහසක් නොවේ. නමුත් විශේෂයෙන් අනුර දිසානායක ජනාධිපති ලෙස පත්වුවහොත් ඔහුට රටේ පවතින ආර්තික අර්බුදය විසඳීමට ප්‍රවිශ්ඨ වීමටත් ප්‍රථම ඔහු වෙත අභිමුක වන මේ බරපතල අභියෝග 5 ජයගත යුතු වීම අනිවාර්‍යය තත්වයක් බවට පත්වේ.

 

sri lanka අනුර හෝ කුමන අපේක්ෂකයෙක් ජනාධිපති උනද ඔවුනට මූලිකවම අභිමුඛ වන්නාවූ අභියෝගය නම් රටේ පවත්නා දරුණු ආර්තික අර්බුදය සමනයකර ගැනීමයි

නැතහොත් රටේ ආර්තික අර්බුධය විසඳීමට ප්‍රථම මේ අභියෝග 5 මගින් අනුර දිසානායක ප්‍රමුඛ කංඩායම දැඩි අර්බුදයක් කරා ගෙනයාමේ විභවයක් මතුවේ.

(1) රූපාන්තරණය වීමට ඇති හැකියාවේ අභියෝගය

 

Pre 2021.07.12අනුර ජනාධිපති වීමෙන් පසු ඔහු නියමාකාරයෙන් "විධායක ජනාධිපතිවරයා" ලෙස රූපාන්තරණය වීමට ඇති හැකියාව

මෙයින් පළමු අභියෝගය නම් අනුර ජනාධිපති වීමෙන් පසු ඔහු නියමාකාරයෙන් "විධායක ජනාධිපතිවරයා" ලෙස රූපාන්තරණය වීමට ඇති හැකියාවේ අභියෝගයයි. එයට හේතුවනම් මීට ප්‍රථමයෙන් අනුර යනු ජවිපෙ සංවිධායක වරයෙක් ලෙස සිටිමින් ඉහල නායකත්වයට ඉතා අවනතව සිට පක්ෂයේ ප්‍රධාන තලයට පැමිණ එහි නායකත්වයට පැමිණි පුද්ගලයෙකි. එහිදී ඔහුට සුපුරුදු පක්ෂ යාන්ත්‍රණය තුල ක්‍රියාත්මක වීම ඔහුට හුරු පුරුදු කටයුත්තකි. එසේම පාර්ලිමේන්තුව තුලද මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමද ඔහුට හුරු පුරුදු කටයුත්තකි. එහෙත් විධායක ජනාධිපති ධූරය යනු ඊට බොහෝ වෙනස් ධූරයකි. එහිදී ඔහු පක්ෂ සාමාජිකයාට වඩා මුළු මහත් රටේම ජනතාවට වගකිව යුතුවේ. එහිදී රටේ උතුරද, දකුණද නැගෙණහිරද කියා වෙනසක් නොමැතිව ඔහුගේ වගකීමට යටත්වේ.

විශේෂයෙන් ඔහු පැවත එන්නේ ප්‍රභූ පවුලකින් නොවන නිසාත් ඔහුට අනෙකුත් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට එනම් රනිල්ට හා සජිත්ට වඩා අවාසිදායක තත්වයක් පවතී. එනම් රනිල් ජනාධිපති ධූරය හුරුපුරුදු පුද්ගලයෙකි. සජිත්ද සිය ළමාකාලයේ පටන් තම ජනාධිපති පියාගේ සෙවනේ හැදුනු වැඩුණු බැවින් ඔහුටද ජනාධිපති ධූරය පිළිබඳව යම් ආකාරයක වැටහීමක් අතිවාට සැක නැත. එහෙත් අනුරට එසේ නොවේ. ඔහුට ජනාධිපති ධූරය වෙනස්ම භූමිකාවකි. එබැවින් ඔහු ඒ සඳහා නියමාකාරයෙන් රූපාංතරණය විය යුතුය.

anura kumara dissanayakeවිශේෂයෙන් අනුරගේ සුපුරුදු ජවිපෙ හා NPP මනෝභාවයෙන් මිදී ලිබරල් සෙන්ස් එකක් තුල මේ ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට උත්සාහ ගතයුතුය.

  

තවද අනුර ජනාධිපති වීමෙන් අනතුරුව මෙසේ නියමාකාරයෙන් ජනාධිපති බවට රූපාන්තරනය වීම යනු ඔහු ජනාධිපති වීමෙන් පසුත් සිය පක්ෂයේ කටයුතු මෙහෙයවීම නොවේ. එසේම ජනපතිවරණයට පසු එළබෙන පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු සඳහා ජාතික ජනබලවේගය මෙහෙයවීමද නොවේ. ඒ කටයුතු පක්ෂයේ මැතිවරණ කටයුතු මෙහෙයවන විශේෂ කමිටුවකට භාරදී අනුර කලයුතු වන්නේ ජනාධිපතිවරයාගේ භූමිකාව හරිහැටි ඉටුකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමයි. ඒ සඳහා හැදෑරීමයි. එසේම සුදුසු මට්ටමේ උපදේශකයින්ගේ සහායද ලබාගෙන ජනාධිපති වරයාගේ කටයුතු තමන් අතට ගැනීමයි. විශේෂයෙන් අනුරගේ සුපුරුදු ජවිපෙ හා NPP මනෝභාවයෙන් මිදී ලිබරල් සෙන්ස් එකක් තුල මේ ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට උත්සාහ ගතයුතුය.


මීට ප්‍රථම ජනාධිපතිවරයෙකු ලෙස පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාද හරිහැටි ජනාධිපතිවරයා ලෙස රූපාංතරණය නොවීම හේතුවෙන් ඔහුගේ මුල් රැකියාවක් වුනු ග්‍රාමසේවක තනතුරේම කටයුතු කරමින් සිටි අයුරු අපට මතකය. මෛත්‍රීපාල මහතාගේ මූලික කර්තව්‍යය වූයේ එහෙට මෙහෙට නූල් සූත්තර ඇදීමත් ගැටළුවලට පතෝල න්‍යායෙන් විසඳුම් ලබාදීමයි. එයට එක් හේතුවක් නම් ඔහු ග්‍රාමසේවක තනතුරෙන් ජනාධිපති බවට රූපාන්තරණය වීමට ඔහුට තිබූ නොහැකියාවයි. තවද ඔහු ජනාධිපති වීමෙන් අනතුරුවද පක්ෂ සභාපතිත්වය සහ පක්ෂ කටයුතු වලටම මැදිහත්වී ජනාධිපති තනතුරේ කටයුතු කිරීම වෙනුවට පක්ෂයේ කටයුතු වලට මුල් තැන දෙනලදී.

 

images 36රට වැටීතිබූ දැඩි ආර්ථික අවදානම් කළාපයෙන් සහ ප්‍රකාශිත බංකොලොත් භාවයෙන් උඩට ගෙනඒමට වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස මනා හැකියාවක් පෙන්නුම් කල අයෙකි.

නමුත් වත්මන් ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා, ඔහු ජනාධිපති වීමෙන් පසු ඔහුට පක්ෂයේ කටයුතු කරනවාට වඩා ජනපති ධූරයේ කටයුතු කිරීමට වඩාත් වෙහෙසක් දැක්වූ බැවින් ඔහු ජනාධිපති වරයෙකු ලෙස බොහෝ දුරකට සාර්ථක විය. රට වැටීතිබූ දැඩි ආර්ථික අවදානම් කළාපයෙන් සහ ප්‍රකාශිත බංකොලොත් භාවයෙන් උඩට ගෙනඒමට වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස මනා හැකියාවක් පෙන්නුම් කල අයෙකි. එසේ ක්‍රියාකිරීමට ඔහු සතුව තිබූ කැබිනට් මංඩලයෙන්ද උපරිම ප්‍රයෝජන ගැනීමට ඔහු සමත්විය. විශේෂයෙන් තරුණ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් ඔහු යටතේ ඉතා දක්ෂ ඇමතිවරු ලෙස කටයුතු කරන ලදී. එබැවින් අනුර කුමාරටද හමුවන පළමු අභියෝගය නම් ඔහු ජනාධිපතිවරයා ලෙස හරිහැටි රූපාන්තරනය වීමයි.


දෙවන අභියෝගය - ජාත්‍යන්තරයට ගැලපෙන පසුතලයක් නිර්මාණය කරගැනීම

ඔහුට ජනාධිපති වීමෙන් පසු අභිමුඛ වන දෙවන අභියෝගය නම්, ජාත්‍යන්තරය සමඟ දියුණු මට්ටමින් ගණුදෙනු කිරීමට හැකිවන පරිදි ඊට ගැලපෙන පසුතලයක් නිර්මාණය කරගැනීමයි. ජවිපෙට මුලසිටම ජානගතව (innate) තිබූ අධිරාජ්‍යවාදී විරෝධය සහ ඊනියා ඉන්දීය ව්‍යාප්තවාදයක් ගැනතිබූ හුඹස් බියෙන් වහා තුරන් වියයුතුය. වත්මන් ලෝකය චලනය වන්නේ ධනේශ්වරයේ අක්ෂයන් වටා බැවින් ඒ අක්ෂයන්ගේ චලනයන් හඳුනාගැනීමේ සමත්කම් දක්වන කංඩායමක් මේ ජාත්‍යන්තරය සමඟ ගණුදෙනු කිරීමට ඔහු භාවිතා කලයුතුය. එවන් හැකියාවන් ඇති පිරිසක් ඔහු නියෝජනය කල දේශපාලන බලවේගය තුල ඇද්දැයි සැකසහිත වූවද එවැනි කංඩායමක් නොමැතිව ජාත්‍යන්තර ගණුදෙනු කිරීම ප්‍රතිපල දායක නොවිය හැකිය.

indian economy growth 1580693220ඉන්දියාව යනු ලෝක පස්වැනි ආර්තික බලවතා මෙන්ම අපගේ අසල්වැසියා බවත් ලෝක පස්වන ආර්තික බලවතා අපගේ අසල්වැසියා වීමෙන් එය වාසිසහගත තත්වයකට පෙරළාගැනීමට ලංකාවේ නායකයා උපාය මාර්ගිකව කටයුතු කිරීමට දක්ෂ වියයුතුය

 

අනුර ප්‍රමුඛ කංඩායමත් මුලදී IMF වෙත එතරම් හිතකර ප්‍රතිපත්තියක හිටියේද නැත. ඉන්දියාව පිළිබඳව ජවිපෙ තුල තිබූ සංකල්පය පිළිබඳ උපන්ගෙයි දෝෂය හැරගන්නේ නැතිව මෙම ආර්ථික බංකොලොත් භාවයෙන් මිදීමද ඉතා අසීරු කර්තව්‍යයකි. ඉන්දියාව යනු ලෝක පස්වැනි ආර්තික බලවතා මෙන්ම අපගේ අසල්වැසියා බවත් ලෝක පස්වන ආර්තික බලවතා අපගේ අසල්වැසියා වීමෙන් එය වාසිසහගත තත්වයකට පෙරළාගැනීමට ලංකාවේ නායකයා උපාය මාර්ගිකව කටයුතු කිරීමට දක්ෂ වියයුතුය. එසේ නොමැති වුවහොත් අපගේ කළාපයේ බංග්ලාදේශය වෙත අත්වූ ඉරණමත්, මාලදිවයින වෙත අත්වෙමින් පවතින ඉරණමත් ලංකාව වෙත අත්වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වනුඇත.


තුන්වන අභියෝගය : ධනේශ්වර ආර්ථිකය හරියාකාරව තේරුම් ගැනීම

එසේම ඔහුට අභිමුඛවන තුන්වන අභියෝගය නම් ධනේශ්වර ආර්ථිකය හරියාකාරව තේරුම් ගැනීමේ සමත්කම් පෙන්නුම් කලහැකි වියයුතු වීමයි. ඔහු නියෝජනය කල සහ නායකත්වය සැපයූ බලවේගය මෑතක් වනතුරුම පසුවූ ආස්ථානය නම් "ධනවාදය" විනාශකොට "සමාජවාදය" පිහිටුවීමයි. මේ ආස්ථානය තුලින් අදවනවිට අනුර කුමාර සැලකියයුතු මට්ටමකින් විතැන්වී ඇති නමුදු ඔහු නියෝජනය කල බලවේගයේ බහුතරයක් තවම පසුවන්නේ එම පැරණි ආස්ථානයේ නටඹුන් තුලය. ඔවුන් තීන්දු තීරණ ගන්නේද ඒ අනුව බව විටින් විට ඔවුන්ගේ කථාවල් තුලින් එලියට පනින වචන වලින්ද මනාව පිළිබිඹුවේ. මේ කටවල් වලින් පනින වචන පහසුවෙන් නොසලකාහැරිය හැකි නොවන්නේ, හෙගල් පැවසුවාක් මෙන් චින්තනය පෙනී සිටින්නාවූ ශුද්ධවූ රූපාකාරය වචනම බැවිනි. හෙගල්ට අනුව චින්තනයට පෙනී සිටිය හැකි පළමු ආකාරයද වචනම බැවින් මේ දේශපාලකයින්ගේ කටවල් වලින් එලියට පනින වචන එසේ මෙසේ අමතක කිරීම කොහෙත්ම සුදුසු නැත.


එහෙත් මේ ජනාධිපතිවරණය තුලින් ජනතාව අනුර දිසානායකට බලය ලබාදෙන්නේ නම් එසේ බලය ලබාදෙනු ලබන්නේ ඔහු නියෝජනය කල දේශපාලන බලවේගයේ අනෙකුත් නායකයින්ගේ ෆැන්ටසිවල ඇති කාරණා ඉෂ්ඨ සිද්ධ කරලීමට නොවේ. ජනතාව බලය දෙන්නේ පවතින යථාර්ථය අවබෝධ කරගනිමින් රට මුහුණදී ඇති දරුණු ආර්තික අර්බුදයට ධනේශ්වරය තුලදීම පිළියම් සෙවීමටයි.

markertවෙළඳපොල තුල පෞද්ගලික ලාභය, පෞද්ගලික වෙළඳාම, පෞද්ගලීකරණය යන දේවල් තවදුරටත් ඇලජික් නොවිය යුතුය.

  

එබැවින් අනුර කුමාර ජනාධිපති වන්නේනම් නිසැක ලෙසම ඔහු නියෝජනය කල දේශපාලන බලවේගයේ මූලිකවම මුල්බැස තිබූ පැරකියල් (perachial) ප්‍රතිපත්ති වලින් ස්ථිර ලෙසම විතැන්වීමද අත්‍යවශ්‍ය කරුණකි. නව ලෝකය තේරුම් ගනිමින් නූතනත්වය තුලට ගමන්කිරීමට හැකිවන්නේ ඒ අයුරිනි. නැතහොත් අනුර කුමාර ජනාධිපති වුවහොත් වෙළඳපොල සහ ලාභය යන දේවල් අසුභ වචන සේ දැනේනම් එය විශාල ගැටළුවක් බවට පත්වීම නොවැලැක්විය හැකිය. වෙළඳපොල තුල පෞද්ගලික ලාභය, පෞද්ගලික වෙළඳාම, පෞද්ගලීකරණය යන දේවල් තවදුරටත් ඇලජික් නොවිය යුතුය. මේවා ඇලජික් වෙන තරමට රට පත්වී ඇති අර්බුධයෙන් ගොඩවීමටද පහසුවන්නේ නැත. මක්නිසාද යත් රටවැටී ඇති අර්බුධයෙන් ගොඩවීමේ මාවත මේ ධනවාදය තුල වැටී ඇත්තේද මේ කියන පෞද්ගලීකරණය, වෙළඳපොල සහ ලාභය මතය. එය අද පවතින යථාර්ථයනම් අපට විසඳුම් සෙවිය හැකිවන්නේද පවතින යථාර්ථයන් තුලදී මිස එක් එක් ෆැන්ටසියන් හරහා නොවේ.

හතරවන අභියෝගය - ඡන්ද පොරොන්දු කන්දරාව

 

1715848546 Salary Lවිශාල ලෙස රාජ්‍ය සේවක පඩි වැඩිකිරීම

අනුර කුමාර දිසානායකට ජනාධිපති වුවහොත් අභිමුඛ වන ඊලඟ නැත්නම් හතරවන අභියෝගය වන්නේ ඔහු විසින් ජනාධිපතිවරණ මැතිවරණ කැම්පේන් එකතුල ජනතාව ඉදිරියේ දෙනුලැබූ චන්ද පොරොන්දු කන්දරාව ඉටුකිරීමේ අභියෝගයයි. විශාල ලෙස රාජ්‍ය සේවක පඩි වැඩිකිරීමද, අධ්‍යාපනය සහ සෞඛ්‍යය සේවයට යොදවන මුදල් සහ ප්‍රතිපාදන ඉහල දැමීමද, කිලෝ මීටර තුනෙන් තුනට පාසැල් පහසුකම් සැපයීමද ඇතුළුව ඔහු ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු කන්දරාව ඉටුකරනතෙක් උපරිම ලෙස සලකුවහොත් ජනතාව මාස හත අටක් ඉවසනු ඇත. ඊට වඩා ජනතාව ඉවසනු ඇතැයි අනුර ප්‍රමුඛ NPP කංඩායම කල්පනා කරන්නේ නම් එය ඉතා භයානක සෙල්ලමක් වනු නොඅනුමානය.


අනුරලාට මේවනවිට ජනතා රැල්ල, ජනතා සුනාමියක් ලෙස හමමින් ඇති බව සැබෑවක් නමුදු, අනුරලා දුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකි උනහොත් මේ ජනතා රැල්ලම අනුර ප්‍රමුඛ ජාතික ජනබල වේගයට එරෙහිව පාරාවළල්ලක් වීමද වැලැක්විය නොහැකි වනු ඇත. එදාට මේ අද හමන ජනතා සුනාමිය අනුරලාට එරෙහිවද අති දරුණු සුනාමියක් වීම එවිට කෙසේවත් වැලැක්විය නොහැකිවනු ඇත. NPP ජය ලැබූවද රාජපක්ශලා ප්‍රමුඛ සේවක සංගම්ද, සජිත්ගේ කංඩායම් සතුව ඇති වෘත්තීය සමිතිද, එක්සත් ජාතික පක්ෂය සතුව ඇති වෘත්තීය සමිතිද, විශේෂයෙන් වාමාංශික පක්ෂවල වෘත්තීය සමිතිද සලකා බැලූකල ඔවුන් සියළුම දෙනා එක බලවේගයක් ලෙසින් සේවක ඉල්ලීම් වෙනුවෙන් වෘත්තීය සටන් ඇරඹුවහොත් එය එතරම් ලේසි පහසු කටයුත්තක් නොවනු ඇත.

 

OB UK143 cecon0 G 20120902065416ලෝකයේ නිෂ්පාදනය කරන භාන්ඩ යනු විශාල ප්‍රාග්ධනයක් යොදා, නවතම තාක්ෂණය සහ පුහුණු ශ්‍රමය යොදාගෙන කරනු ලබන නිෂ්පාදනයි.

අනෙක් අතට මේ චන්ද පොරොන්දු ඉටුකිරීමට අවශ්‍ය මුදල් සෙවීමට බලාපොරොත්තු වන එක් ප්‍රධාන ආකාරයක් වන දේශීය නිෂ්පාදනය ඉහල දැමීමද ජාතික ජනබලවේගය බලයට පැමිණියහොත් ඔවුන් හිතන තරම් පහසු ඉක්මනින් කලහැකි කටයුත්තක්ද නොවේ. දේශීයව නිෂ්පාදනය කරන භාන්ඩ ලෝක වෙළඳපොලේ තරඟයක් දියහැකිව තිබිය යුතුවේ. අද ලෝකයේ නිෂ්පාදනය කරන භාන්ඩ යනු විශාල ප්‍රාග්ධනයක් යොදා, නවතම තාක්ෂණය සහ පුහුණු ශ්‍රමය යොදාගෙන කරනු ලබන නිෂ්පාදනයි. ඉහත කී තුන් වර්ගයම එනම් ප්‍රාග්ධනය,නවීන තාක්ෂණය සහ පුහුණු ශ්‍රමය ලංකාවේ ඉතා හිඟව පවතින උපාංග වන අතර ඒවා වර්ධනය කිරීමට බොහෝ කාලයක් ගතවේ. එබැවින් ජාතික නිෂ්පාදනය ඉහල දැමීම යන අදහස ක්ෂණිකව කෙසේවත් කලනොහැකිය. එමනිසා අනුර ජනාධිපති වුවහොත් ඔහුට අභිමුඛ වන 4 වන අභියෝගයද ඉතාම බරපතල එකක් බව කිව යුතුය.

පස්වන අභියෝගය : දූෂිත හොරු ඇල්ලීම සහ සොරාගත්තා යැයි කියන ධනය නැවත ගෙනඒම

අනුර ජනපති වුවහොත් මුහුණ දීමට සිදුවන පස්වන අභියෝගය නම් දූෂිත හොරු ඇල්ලීම සහ සොරාගත්තා යැයි කියන ධනය නැවත ගෙනඒමයි. මෙය බැලූ බැල්මට ඉතා ජනප්‍රියවාදී පොරොන්දුවක් වූවද එය ඉටුකිරීම ලේසි පහසු කටයුත්තක් නම් නොවේ. යහපාලන ආන්ඩුව සමයේද අනුර කුමාර දිසානායක FCID හි ප්‍රධානියා ලෙස මේ හොරු ඇල්ලීමට පියවර ගනූ ලැබූවද එසේ ඇල්ලූ හොරෙක්නම් නොවීය. අධිකරණයේ පවතින නීති මාර්ගයෙන් මේ හොරු ඇල්ලීම කිරීමට උත්සාහ ගන්නේනම් පවතින නීති රීති අනුව ඒ සඳහා දශකයක් හෝ ඊටත් වඩා ගතවෙනු ඇත.

Ferdinand Marcos croppedපිලිපීනයේ හිටපු ජනාධිපති වරයෙකු වන ෆර්ඩිනන්ඩ් මාකෝස්

 

එසේම පිටරටවල රහසේ තබාඇති මුදල් ආපසු ඇදීමට ඒ රටවල්වල නීති පද්ධති සහ පාලණ අධිකාරීන්ද ලේසි පහසුවෙන් ඉඩ ලබා නොදෙනු ඇත. මීට හොඳම උදාහරණයක් නම් පිලිපීනයේ හිටපු ජනාධිපති වරයෙකු වන ෆර්ඩිනන්ඩ් මාකෝස් එරටින් වරදි ලෙස උපයාගත් (ill-gotten) වස්තු සම්භාරය ඩොලර් බිලියන 30 කට අධික බව සැලකුනද මේ දක්වා එනම් ඔහු රටින් පලාගොස් අවුරුදු 40 ක් පමණ ඉක්මවා ගොස් ඇතත් මේදක්වාම පිලිපීන බලධාරීන් එම මුදල් වලින් නැවත අත්පත් කොටගෙන ඇත්තේ ඉතා සොච්චම් මුදලක් පමණි. ඒ සියල්ල සිදුවීත් 2022 පැවැත්වූ ජනාධිපතිවරණයේදී ෆර්ඩිනඩ් මාකෝස්ගේ පුත්‍රයා වුනු බොන්ග් මාකෝස් (Bong Bong Marcos) චන්ද මිලියන 31ක් පමණ ලබාගනිමින් සිය ප්‍රතිවාදියා චන්ද මිලියන ගණනකින් පරදා ජයග්‍රහණය කරන ලදී.


එබැවින් දූෂිත දේශපාලකයින් සොරාගත්තා යැයි කියන ධනය ආපසු ගෙන්වාගෙන රට සංවර්ධනය කිරීමට කැසකවන කවර හෝ කංඩායමක් ඒවා චන්ද පොරොන්දු ලෙස ජනතාවගේ ඔල්වරසන් මැද කෙසේ කීවද, ඒවා ක්‍රියාත්මක කොට ප්‍රතිපල ලබාගැනීමේදී දැනට ලෝකයේ එසේ සිදුවී ඇති ඒ හා සමාන සිදුවීම් විමර්ශනය කොට බැලූකල එම වෑයම් එතරම් ප්‍රතිපල දායක නොවන බවද කිව යුතුය.

එබැවින් ඉහත මා විසින් ඉදිරිපත් කල අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති තනතුරට පත්වුවහොත් ඔහුට අභිමුඛ වන ඉතා බරපතල අභියෝග 5 ඔහු විසින් ජයගනු ලැබීම මත හෝ ජයගැනීමට නොහැකිවීම මත ඔවුන්ගේ පාලණයේ පැවැත්මද තීරණය වනු ඇත.


(රන්ජන සේනානායක)
සමාජ හා දේශපාලන විශ්ලේශක
(අද්‍යයන කවය) "89-සහෝදරත්වය"

kaya4842@gmail.com



සබැඳි ලිපි :

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...