ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 171,00,000 යි
අලුත් ඡන්ද 10,00,000 ද ඇතුළුව
ඡන්දය භාවිත කරනු ඇතැයි අනුමාන ප්‍රතිශතය - සියයට 80 යි / 136,80,000 යි
පළමු ගණන් කිරීමෙන් ජයග්‍රහණය ලැබීමට අපේක්ෂකයෙකු ගත යුතු ඡන්ද සංඛ්‍යාව - 68,40,100
ගියවර 2020 අගෝස්තු මැතිවරණයේ ප්‍රතිපල අනුව ඉදිරි පෙළ අපේක්ෂකයින් ගේ ජයග්‍රහණය සඳහා

(1) ස.ජ.බ 27,71,980 යි - මෙවර ජයග්‍රහණයට අලුතින් එකතු විය යුතු ඡන්ද 40,68,020
(2) ජා.ජ.බ 4,45,958 යි - මෙවර ජයග්‍රහණයට අලුතින් එකතු විය යුතු ඡන්ද 63,94,142
(3) එ.ජා.ප (රනිල්) 2,49,435 යි - මෙවර ජයග්‍රහණයට අලුතින් එකතු විය යුතු ඡන්ද 65,90,665
ගියවර ජනාධිපතිවරණයට නොතිබූ අලුත් ඡන්ද 10,00,000 බෙදෙන්නට හැක්කේ කෙසේද?
(2) සඳහා සියයට 80 ක්?
එවිට ජා.ජ.බ ඡන්ද එකතුව 12,45,958 යි / තවත් ඡන්ද 55,94,142 ක් අලුතින් සොයා ගත යුතුයි
(1) සහ (2) අතර දළ වශයෙන් සමානව බෙදුනොත්?
එවිට ස.ජ.බ ඡන්ද එකතුව 31,71,980 යි / තවත් ඡන්ද 36,68,020 ක් අලුතින් සොයා ගත යුතුයි
(3) සඳහා අලුත් ඡන්ද එකතු නොවේ යැයි අනුමාන කෙරේ
එවැනි තත්ත්වයක,
අලුතින් සොයා ගත යුතු අඩු ඡන්ද සංඛ්‍යාව සොයා ගත හැක්කේ කොතැනින්ද?
ඒ ඡන්ද ඇත්තේ ගියවර පොදුජන පෙරමුණ (රාජපක්ෂ) ලබා ගත් ඡන්ද 68,53,690 වේ.
ඒ රාජපක්ෂ ඡන්ද 68,53,690 න්
ස.ජ.බ ජයග්‍රහණයට අවශ්‍ය ඡන්ද 36,68,020 එකතු කර ගත හැකිද?
ජා.ජ.බ ජයග්‍රහණයට අවශ්‍ය ඡන්ද 55,94,142 එකතු කර ගත හැකිද?
රනිල්ගේ ජයග්‍රහණයට අවශ්‍ය ඡන්ද 65,90,665 එකතු කර ගත හැකිද?
මේ ප්‍රශ්න සඳහා සැප්තැම්බර 21 ට පෙර උත්තර දීමට ඔබ ගණන් හදන්නේ කෙසේදැයි මම බලා සිටිමි.
2024 සැප්තැම්බර 21 ජනාධිපතිවරණයට තව සතියකි...(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com



