The Leader News
BREAKING
Top Ad
Opinion

අනුරට ගිය රට - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 15, 2024 • 3:47 PM

අනුරට ගිය රට - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන වැඩපිළිවෙළම අනුගමනය කර එම අලුත් ව්‍යවස්ථාව හදන බවට අනුර පොරොන්දු වෙනවා.
  • ලාල් විජේනායක කමිටු වාර්තාව ලෙස ඉදිරිපත් වුණේ එම වැඩපිළිවෙළෙහි නිර්දේශ.
  • එම වාර්තාවේ 17 වැනි පිටුවේ කියනවා “ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුය” කියලා.
  • වර්තමාන ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ සඳහන් වන “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය” යන වගන්තිය ඉවත් කිරීමට තමයි ඒ නිර්දේශය කරන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන වැඩපිළිවෙළම අනුගමනය කර එම අලුත් ව්‍යවස්ථාව හදන බවට අනුර පොරොන්දු වෙනවා. එම වැඩපිළිවෙළ කුමක්ද?

ලාල් විජේනායක කමිටු වාර්තාව ලෙස ඉදිරිපත් වුණේ එම වැඩපිළිවෙළෙහි නිර්දේශ. එම වාර්තාවේ 17 වැනි පිටුවේ කියනවා “ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුය” කියලා. ඒ කියන්නේ කිසිම ආගමක් නැති යන්නයි. වර්තමාන ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ සඳහන් වන “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය” යන වගන්තිය ඉවත් කිරීමට තමයි  ඒ නිර්දේශය කරන්නේ. ඒ නිර්දේශය කරන්නේ කවුද? එම කමිටුවේ හිටිය ජාතික ජන බලවේගයේ අගමැති අපේක්ෂිකාව වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය.

tt345

මාලිමාවේ හරිනි අමරසූරිය කියන ආකාරයට මාලිමා ආණ්ඩුවක් යටතේ හදන අලුත් ව්‍යවස්ථාවේ “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුතු නැහැ වගේම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කළ යුතුත් නැහැ”. ලාල් විජේනායක වාර්තාවේ තැන් කිහිපයකම “අනාගමික රාජ්‍යයක්” සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබෙන්නේ මාලිමාවේ අගමැති වෙන්න ඉන්න හරිනි අමරසූරිය.

එම වාර්තාවේ 11 වැනි පිටුවේ ජාතික ධජය ගැන නිර්දේශ දෙනවා. එතනදිත් අනුර කුමාරගේ අගමැතිනිය වන හරිනි අමරසූරිය කියන්නේ “අනාගමික රාජ්‍යයකට සුදුසු නව ධජයක් නිර්මාණය” කරනවා කියලයි. මාලිමාවේ නායිකාව වන හරිනි අමරසූරිය කියන ආකාරයට මාලිමා ආණ්ඩුවක් යටතේ ලංකාවේ ධජයෙන් සිංහයා ඉවත් කළ යුතු වෙනවා.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 193 වැනි පිටුවේ “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් - ශ්‍රී ලාංකේය ජාතික සාමග්‍රියක්” ලෙස සඳහන් වෙනවා. නමුත් එහි ඉංග්‍රීසි මුද්‍රණයේ 109 වැනි පිටුවේ තියෙන්නේ “A newer constitution - A United Sri Lankan nation” කියලයි. “United” කියන්නේ “එක්සත්”. ඔය සෙල්ලමම තමයි සුමන්තිරන් 2015-19 අලුත් ව්‍යවස්ථාව හදන බෙදුම්වාදී වැඩපිළිවෙළ තුළ “ඔරුමිත්තනාඩු” කියන වචනය දාලා කළේ. එහි අර්ථයත් “එක්සත්”. සිංහල පිටපතේ “සාමග්‍රිය” කියලා වචනයක් දාලා, ඉංග්‍රීසි පිටපතේ “එක්සත්” කියලා දාලා අනුර කුමාර කරන්නේ ජනතාව රැවටීමක් බව ඔබට පැහැදිලි විය යුතුයි.

lhlifer| NPP ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 193 - 194
වත්මන් ව්‍යවස්ථාවේ 2 වැනි වගන්තියේ සඳහන් වෙන්නේ “ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි” යනුවෙන්. ලාල් විජේනායක වාර්තාවේ ඒ වගන්තිය ඒ ආකාරයටම තබා ගැනීමට හරිනි අමරසූරිය විරුද්ධ වෙනවා (පිටු 23-24). ඒ කියන්නේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ ලංකාවේ ඒකීය භාවය නැති කරලා “එක්සත්” ෆෙඩරල් රටක් කරනවා. හරියටම කිව්වොත් ෆෙඩරල් වලටත් එහා ගිය රාජ්‍යයන් දෙකක් සහිත කොන්ෆෙඩරේශන් (Confederation) එකක් කරනවා.

මේ සෑම කාරණයක්ම ඔබටම කියවා බලන්න පුළුවන්. පිටු අංක එක්කම දීලා තියෙනවා. ලාල් විජේනායක වාර්තාව ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මාලිමවේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඔවුන්ගේ වෙබ් අඩවියෙන් බලන්න පුළුවන්. සිංහල සහ ඉංග්‍රීසි දෙකේ වචන වෙනස් කරලා අනුර කුමාර කරන වංචාව ඔබටම බලා ගන්න පුළුවන්.

අනුරට ඡන්දය දෙන සෑම කෙනෙකුම ඡන්දය දෙන්නේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම ඉවත් කරන්නත්, බුද්ධ ශාසනය පෝෂණය නොකරන්නත්, සුරක්ෂිත නොකරන්නත්, ජාතික ධජයෙන් සිංහයා ඉවත් කරන්නත්, ලංකාවේ ඒකීය භාවය නැති කරලා ෆෙඩරල් රාජ්‍යයක් හදන්නත් තමයි මාලිමාවට ඡන්දය දෙන්නේ. ඒ ජන වරම අනුව මාලිමාවට අවස්ථාව ලැබෙනවා ඔවුන්ගේ ඔය අලුත් ව්‍යවස්ථාව හදන්න.

ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක


eranda.ginige@gmail.com

2024 සැප්තැම්බර් 15

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...