The Leader News
BREAKING
Top Ad
Opinion

සිංගප්පූරුවක් නොවූ ශ්‍රී ලංකාව බංග්ලාදේශයක් කරනවාද ? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

September 15, 2024 • 4:36 PM

සිංගප්පූරුවක් නොවූ ශ්‍රී ලංකාව බංග්ලාදේශයක් කරනවාද ? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහනාධාරය රුපියල් 25000ක්වත් දිය යුතු යයි සජිත්, කීවේ, තම දේශපාලන කුහකකම නිසා මිස රටේ පැවති අවදානම ගැන සිතා නොවේ.
  • විධායක ජනාධිපති ගෝඨා ඇද වැටෙමින් පැවති රටේ ආර්ථීකයට සහාය පතමින් 2022 මාර්තු 23දාට කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අනුර සජිත් දෙදෙනාම වර්ජනය කළහ.
  • | 2022 මාර්තු කැඳවූ සර්ව පාක්ෂික සමුළුව මහජන මුදලින් යැපෙමින් වසර විසි ගණනක් පාර්ලිමේන්තුවෙන් තුන් වේල සප්පායම් වුවද, මාලිමා-සජබ කණ්ඩායම් රටේ ප්‍රශ්නය පිළිබඳ තමන්ට පැවරුණ වගකීමෙන් මෙසේ මග හැරීයාහ.
  • අවදානම් අවස්ථා ගණනාවක අගමැති හැටියට රට මෙහෙය වූ 73 හැවිරිදි රනිල් ඉහත කී සමුළුවට පැමිණියේත්, 2022 මැයි 13 දා සිට රටේ වගකීම භාර ගෙන රටේත් රාජ්‍යයේත් ජනතාවගේත් ආර්ථීකයේත් ආරක්ෂාව භාර ගත්තේ තමන්ට පැවරුණ වගකීම ගැන අවබෝධයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

සහනාධාරය රුපියල් 25000ක්වත් දිය යුතු යයි සජිත්, කීවේ, තම දේශපාලන කුහකකම නිසා මිස රටේ පැවති අවදානම ගැන සිතා නොවේ.

කොවිඩ් අවදානම පැතිරෙත්ම testin testin කියා ජනතාවගේ ආරක්ෂාව ගැන රනිල් වෙහෙසෙද්දී, වසංගත නීති කඩා රට අවුල් කිරීමට ගුරු පරපුර උද්ඝෝෂණ සඳහා පොළඹවමින් අනුර කුමාර, සිය නරුම දේශපාලනය වීදි බැස්සවීය.

විධායක ජනාධිපති ගෝඨා ඇද වැටෙමින් පැවති රටේ ආර්ථීකයට සහාය පතමින් 2022 මාර්තු 23දාට කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අනුර සජිත් දෙදෙනාම වර්ජනය කළහ.

| 2022 මාර්තු කැඳවූ සර්ව පාක්ෂික සමුළුව
මහජන මුදලින් යැපෙමින් වසර විසි ගණනක් පාර්ලිමේන්තුවෙන් තුන් වේල සප්පායම් වුවද, මාලිමා-සජබ කණ්ඩායම් රටේ ප්‍රශ්නය පිළිබඳ තමන්ට පැවරුණ වගකීමෙන් මෙසේ මග හැරීයාහ.

2024දී  ඊළඟ ජනාධිපති කවුදැයි තෝරා ගැනීමේදී රටේ ජනතාව රනිල් අනුර සජිත් ති දෙනාගේ මෙම කෙරුවාව අමතක නො කළ යුතු වේ.  

අවදානම් අවස්ථා ගණනාවක අගමැති හැටියට රට මෙහෙය වූ 73 හැවිරිදි රනිල්  ඉහත කී සමුළුවට පැමිණියේත්, 2022 මැයි 13 දා සිට රටේ වගකීම භාර ගෙන රටේත් රාජ්‍යයේත් ජනතාවගේත් ආර්ථීකයේත් ආරක්ෂාව භාර ගත්තේ තමන්ට පැවරුණ වගකීම ගැන අවබෝධයෙනි.

අනුර සජිත් දෙදෙනා පාර්ලිමේන්තු බහුතරය ගැන වද වෙද්දී සහායට එකද මන්ත්‍රී වරයෙකු හෝ නො සිටි හුදෙකලා රනිල්ට තිබුණ විශ්වාසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට තිබුණේ නැත.  

හතළිස් අවුරුද්දක් නවීකරණය නොවී  ක්‍රියාත්මකවූ නිදහස් අධ්‍යාපනය කාලය සමග ගැලපීම සඳහා අධ්‍යාපන ධවල පත්‍රීකාව ඉදිරිපත් කරන විට රනිල් 34 හැවිරිදි ය.  1999 දී ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන විට රනිල් 50 හැවිරිදිය. 2005දී දෙ වන වර ඉදිරිපත් වන විට රනිල් 56 හැවිරිදිය. 1999දීත් 2005දීත් ජවිපෙ සහ එල්ටීටීඊ මිනීමරු සංවිධාන භීෂණය ජය ගත්තා මිස රටේ ජනතාව රනිල් ප්‍රතික්ෂේප කළේ නැත. 2020දී පාස්කු බොම්බ පත්තු නො වන්නට රනිල් පරදින්නේ නැත.

රනිල්ගේ යහ පාලන ආණ්ඩුවට එරෙහිව සක්‍රිය වූ පාස්කු කුමන්ත්‍රණය පිටුපස ජනාධිපති සිරිසේන සිටි බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ විය.

මෙසේ අඛණ්ඩව දේශපාලන කුමන්ත්‍රණවල ගොදුරක්වූ  රනිල් වික්‍රමසිංහ, 2022දී කඩා වැටුණ රටේ ගැලවුම්කාරයා  නිතරගයෙන් තේරුණේ අවස්ථානුකූලව වෙනත්  විකල්පයක් නොවූ  නිසාය.

set345
අසල්වාසි බංග්ලාදේශය මෙන් මිනී කඳු ගොඩ ගැසෙන තැනට ශ්‍රී ලංකාව පත් නො කර ආර්ථීකයද යථාවත් කළ රනිල් වික්‍රමසිංහ, අදටත් සාමය තබා විදුලිය හෝ අහිමි බංග්ලාදේශයේ කඩා වැටීමට සාපේක්ෂව විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රීකයෙකු ලෙස ලෝක අවධානය දිනාගෙන සිටී.  

බංග්ලාදේශ් භාර ගත් 84 හැවිරිදි මොහොමඩ් යූනුස් අරගල කරුවන් විසින් තෝරා ගත් අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වැඩි ඡන්දයෙන් තෝරා ගත් ජනාධිපති වික්‍රමසිංහගේ වයසට සිනාසෙන අවුරුදු පනහ ඉක්මවූ අනුර - සජිත් රටේ පුරවැසි ජනතාව කෙරෙහි සානුකම්පික නොවූ බව සත්‍යයකි.

අදටත් බංග්ලාදේශ්හී පවත්නා අවිනිශ්චිතය අතර නොඛෙල් ත්‍යාගලාභී යූනුස් නිරුත්තරව සිටියද, 2022 ජූලි 21 වෙනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගිනි තැබීමට ගත් උත්සාහය ජනාධිපති වික්‍රමසිංහ විසින් වැළැක්වූ බව ජාතික ජන බලවේගයේ ලාල්කාන්තගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ වලින් තහවුරු වේ.  

84 හැවිරිදි මොහොමඩ් යූනුස්ට බංග්ලාදේශය භාර දුන්නේ ශක්තිමත් පාලනයක් ඇති කිරීමට මිස කැරළි කරුවන් විසින් මහ පාරේ ඝාතනය කර ප්‍රසිද්ධානවල එල්ලා ප්‍රදර්ශණය කරනෙ මළ කඳන් ඉවත්  කිරීමට නොවේ.

ye565
ශ්‍රී  ලංකාව යළි ශක්තිමත් කරමින් සාර්ථකව සිය වගකීම ඉටු කළ රනිල් වික්‍රමසිංහ, රටට ඔබින සාර්ථක පාලකයා ලෙස කතා නො කරන ලාංකේය බහුතරයක් දෙනා දැඩි විශ්වාසයකි.

රනිල්ගේ එල්ලා වැටුණ කලිසම සහ විකෘති කළ මුහුණ සමග ජොලි සීයාට බෑ කියා පළ වූ මාලිමා පොහොට්ටුවක් කියවූ ගුරු සේවා විශ්‍රාමිකයෙක්.... මෑතක බ්‍රිතාන්‍ය ජනතාව තෝරා ගත් හැට දෙ හැවිරිදි අගමැති කීර් ස්ටාමර් ද, නාකියෙක් නො වේදැයි විමසීය. වරාය නගරයට අවශ්‍ය කළුගල් කියුබ් ගණන,  ලැම්බෝ ගිනි, පරන්තන් සර්පියුරික් ඇසිඩ් නිපදවීම, මිනිරන් ග්‍රැපයිට් වෙනස නො දන්නා ඕස්ට්‍රේලියාවේ ඩබල් ඇන්බියුලන්ස්, උපයන ගෙවීමේ බදු ආදායම  ඩොලර් වලින් ලැබේය වැනි වැනි  ඉල බිඳෙන  කතා අනුර කුමාර කියන්නේ රටක ජනාධිපති වීමට තබා වසමක ග්‍රාම නිලධාරි තනතුරකට තරම් හෝ මොලේ නො වැඩුන චරිතයකි.  

මාලිමාව ගැන විමසූ අවස්ථාවක රනිල් වික්‍රමසිංහ කීවේ. ''කල් පැන ගිය භාණ්ඩයක්. කාන්දම එහා මෙහා වුණොත් මාලිමාව පෙන්වන දිසාව වෙනස් වී  රටම අමාරුවේ වැටේවි.....'' කියා ය.

ft463

කාව්‍ය කරණයේදී සිදු වූ ගණ දෝෂයකට හසුව සිය අන්තේවාසිකයෙකු සමග රට ගම හැර ඉන්දියාවේ සංචාරය කළ වීදාගම හාමුදුරුවන්ට හිස් අහසට නැගුණ දේව ප්‍රතිමාවකට වැඳ වැටෙන මිනිසුන් දැක සිනහ පහළ විය. මදක් කල්පනා කළ හාමුදුරුවෝ, ''අපෙ නිදන පැදුර අර පැත්තෙන් උස්සලා අල්ලපන්. මං මේ පැත්තෙත් මම තල් අත්ත දිගෑරලා උස්සලා අල්ලනවා. මම තල් අත්ත උස් පහත් කරන ප්‍රමාණයට උඹත් පැදුර උස් පහත් කරපන් '' යයි අන්තේවාසිකයාට උපදෙස් දුන්හ.

පැදුරු තල් අතු ව්‍යෘපෘතියෙන් එතෙක් අහසේ රැඳී ප්‍රාතිහාර්ය පෑ දේව ප්‍රතිමාව දඩාස් ගා බිම වැටිණ. ඉන් කලබලවූ භක්තිවන්තයන් ඇමතූ හාමුදුරුවෝ මේ ප්‍රතිමාව අහසේ තිබුණේ කාන්දම් බලෙන් මිස දේව හාස්කමකින් නෙවෙයි. මං කාන්දම් බලේ අවහිර කළා.'' කියා එතැනින් ඉවත් වූහ. වීදාගම හාමුදුරුවෝ අද ජීවත්ව සිටියා නම් අනුරාගේ මාලිමාට ලෝමාලිකා කියා නමක් තබා සිනාසෙනවා නිසැකය. ලෝමාලිකා යනු කපටි නරියාට තවත් නමකි.

5485hy

අපටත් දීලා බලන්න කියන මාලිමා  ප්‍රතිපත්ති ප්‍රකාශය ''තනිකර පොතක්'' හෙවත් මිත්‍යාවක් මිස සක්‍රිය වැඩ පිළිවෙලක් නොවේ. මේ  රට කඩා වැටිලාදැයි කෙනෙකු ඇසූ කෙනෙකුට තඹුත්තේගම අනුර කුමාරගේ ගමේ ඉස්කෝලයත් උපාධිය ගත් විශ්වවිද්‍යාලයත් විසි වසරක් රස්සාව කරන දියවන්නාවේ පාර්ලිමේන්තුවත් ඔය කියන වැටුණ රටේ ජයග්‍රහණයන් නොවේදැයි ජනාධිපති වික්‍රමසිංහ පෙරළා විමසීය.

එහෙත් මැතිවරණ වේදිකාවේ ඉලක්කමක් දෙකක එකතුව නිවැරදිව කීමට නො හැකිව විරුද්ධ වාදින්ගේ උපහාසයට ලක්වන අනුරලා හඳුන්නෙත්තිලා ගිය ඉස්කෝල ගැන කිසිවෙකු නො විමසන්නේ සා පෙළ අසමත් පුරවැසියන් පවා අනුරලා මෙන් උපාධිධාරින් නො වුණාට බුද්ධිමත් නිසාය. ලංකාවේ හිඟන බහුතරයට මොනවා හෝ ඛෙදා දීමෙන් සතුටු කිරීම සජිත් ප්‍රේමදාසගේ දැක්ම වන්නේය. ලංකාවේ පාසල් නඩත්තු කිරීමට ලෝකයේ ධනවතුන් පස්සේ යන තරමට ලංකාව හිඟන රටක් නොවේ.

විධායක ජනාධිපති ධුරය යනු සෙල්ලමක් නොවන බව ගෝඨාභය, මෛත්‍රීපාල දෙදෙනාම ක්‍රියාවෙන් ඔප්පු කර හමාරය. 1978 සිට 2015 තෙක් රට පාලනය කළ රට පාලනය කළ සියලුම විධායක ජනාධිපතිවරුන් රටේ අගමති තනතුර දරා අත්දැකීම් ලබා පරිනතව සිටියහ.  

ජනාධිපති සිරිසේන, දැරියකගේ හිස බිත්තියක හප්පා මැරූ ඝාතකයාටත්, ගෝඨා දුමින්දට සිල්වාටත් ජනාධිපති සමාව දීමට සමගාමීව ජනාධිපති වික්‍රමසිංහ අධිකරණයට අපහාස කොට හිර බත් කෑ රන්ජන් රාමනායකට පිරිනැමූ සිවිල් අයිතිය අහිමි ජනාධිපති සමාව ගැඹුරෙන් විමසිය යුත්තකි. මෛත්‍රී සහ ගෝඨා දුන් ජනාධිපති සමා දෙකම අධිකරණය විසින් නිශේධ කර හමාරය.

ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා, චරිත හේරත් ආදී ප්‍රඥාවන්තයන්ද,රෝහණ වීරසිංහ, නීලා වික්‍රමසිංහ ආදි ජනකාන්ත කලා ශිල්පීන් ඇට වූ වියත්මග නම් උගුලට හසු වූ හැට නව ලක්ෂයක් ජනතාව තෝරා ගත් නීතිය මමයි කියා සිතූ ගෝඨාට පෘතුගීසින් ඉදි කළ පාළු බිම් ගෙයකින් පැන යාමට සිදු විය. අප්‍රේල් අරගල කුණාටුව මැනවින් කළමනාකරණය කළ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළමුව රටේ අගමැති වනවිට 44 හැවිරිදිව සිටියේය.

මාලිමා රැස්වීමක් අතර, අවතැන් වූ දරුවෙකු ගැන නිවේදනය කළ අනුර කුමාර පොසොන් සමයේ අටමස්ථානේ තොරතුරු මධ්‍යස්ථාන නිවේදකයන් සිහිපත් කරවයි.

ජේ.ආර්, විජේතුංග, චන්ද්‍රිකා හෝ රනිල් නම් එසේ හැසිරෙන්නේ නැත. ආර්. ප්‍රේමදාස මහමග පැදුරු එළා සිය පවුල සමග බත් කා පත්තරවල පළ කරවා ගත් මානසිකත්වය අනුර කුමාරගේ සර්වාංගය පුරා නලියනු පෙනේ. සිරිසේන සහ ගෝඨාගේ හැසිරීම සමග අනුර කුමාර හෝ සජිත් ප්‍රේමදාස යන්තම් හුස්ම ගන්නා ශ්‍රී ලංකාවේ ඊළඟ විධායක ජනාධිපති වුණොත් අපට ප්‍රාර්ථනා කළ හැක්කේ සිංගප්පූරුවක් නොව තවත් බංග්ලාදේශයක් පමණකි.

xcvxvgf
අපේ රට බොහෝ අනතුරු කුමන්ත්‍රණ වලින් ආරක්ෂා වූ රටකි. 1962 රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණය ක්‍රියාත්මක වීමට පැය ගණනාවකට ප්‍රථම පණිවිඩය සැලවූ පොලිස්පති ස්ටැන්ලි සේනානායකගේ බිරිය, සිය පියාවූ එවකට අම්බලන්ගොඩ එජාප මන්ත්‍රී පී. ද ඇස්. කුලරත්න මැදිහත් කරවා රටත් අගමැතිනියත් ආරක්ෂා කිරීමටත් 1971දී රටේ අගමැතිවරිය ඝාතන කුමන්ත්‍රණය ගමක තරුණයෙකුගේ සහායෙන් විපක්ෂ නායක ජේ.ආර්.ජයවර්ධන විසින් බලධාරින්ට දන්වා රට ආරක්ෂා කිරීමටත් සමගාමීව 2022දී  විපක්ෂය ගෝඨාට හෝ රනිල්ට සහාය නොවීය.

උපයන විට ගෙවීමේ බදු සීමාව රුපියල් දෙ ලක්ෂය තෙක් පහත හෙළීමෙන් අහිමි වන බදු ආදායම ඩොලර් මිලියන 600ක් බව කියන අනුර කුමාර ලංකාවේ වැටුප් අමෙරිකන් ඩොලර් වලින් ගෙවනවා යයි සිතනවා විය හැකිය.

රුපියල් ඩොලර් වෙනස නොහඳුනණ අනුරට විදේශ ණය කන්දත් සිම්පල් ය. සජිත් ප්‍රේමදාස ජනාධිපති වී පත් කිරීමට නියමිත ජනාධිපති කාර්ය සාධක බලකායන්  ප්‍රමාණය ඉලක්කම් වලින් කියන්නට සජිත්ටවත් බැරි තරම්ය.

 ලාබයි ලාබයි කියන්නේ සවුත්තු බඩු බව සමාජ මාධ්‍ය ගැන නො දන්නා ගමේ පොළට යන පිටිසර ගැමියන්ද දනිති.

2022 වැටුණේ රට පමණකි. සැප් 21 වෙනිදා නිවැරදි තීරණය නො ගත්තොත් රට පමණක් නොව එහි ජීවත්වන පුරවැසි අපද විනාසය.

chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(මව්බිම පත්‍රයේ පළවූ ලිපියකි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිංගප්පූරුවක් නොවූ ශ්‍රී ලංකාව බංග්ලාදේශයක් කරනවාද ? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader