The Leader News
BREAKING
Top Ad
Opinion

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන් ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

September 16, 2024 • 9:38 AM

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන් ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදසුනක් වශයෙන්, අඩු පොලී සහ දිගු ආපසු ගෙවීමේ කාලයක් සහිත ණය සහ රාජ්‍ය සේවකයින් සඳහා නිල නිවාස වැනි ප්‍රධාන නව නිවාස වැඩ සටහන් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය යන දෙක ම පොරොන්දු වී ඇත.
  • රාජ්‍ය සේවකයින් අත්විඳින නිවාස දුෂ්කරතා අසාමාන්‍ය ලෙස දිගු ගමනාගමනයට හේතු වී ඇති අතර එමගින් රාජ්‍ය ආයතනවල ඵලදායිතාව ද අඩු වී ඇත.
  • ඒ සඳහා නව ආදායම් මුලාශ්‍ර සොයා ගැනීමට සිදුවනු ඇත.
  • කුමන හේතුවක් නිසා හෝ ඩොලර් හිඟ නම්, ඒවායේ මිල රුපියල් වලින් ඉහළ යනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නිදසුනක් වශයෙන්,  අඩු පොලී සහ දිගු ආපසු ගෙවීමේ කාලයක් සහිත ණය සහ රාජ්‍ය සේවකයින් සඳහා නිල නිවාස වැනි ප්‍රධාන නව නිවාස වැඩ සටහන් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය යන දෙක ම පොරොන්දු වී ඇත. වාණිජ හෝ රාජ්‍ය බැංකු මගින් අඩු පොලී ණය ලබා දිය හැකි නමුත් සහනාධාර කොටස රජය විසින් දැරිය යුතු වෙයි. රාජ්‍ය සේවකයින් සඳහා නිවාස සැපයීමේ වියදම සම්පූර්ණයෙන් රජය විසින් දැරිය යුතු ය.

 

ශ්‍රී ලාංකීය ණය සම්බන්ධ විද්වතුන්ගේ ප්‍රකාශය : 2023 ජනවාරි- (කුසල් පෙරේරා)ප්‍රශ්නය වන්නේ ණය පැහැර හැරීමේ තත්ත්වයෙන් මිදීමට දඟලන රජයක් මෙවන් අවස්ථාවක අමතර වියදම් දරන්නේ කෙසේද යන්න යි.

ලොව පුරා තරුණ තරුණියන්ට තමන්ගේ ම නිවසක් ලබා ගැනීම දුෂ්කර ය. රාජ්‍ය සේවකයින් අත්විඳින නිවාස දුෂ්කරතා අසාමාන්‍ය ලෙස දිගු ගමනාගමනයට හේතු වී ඇති අතර එමගින් රාජ්‍ය ආයතනවල ඵලදායිතාව ද අඩු වී ඇත. මේවා අවධානයට ලක්විය යුතු අව්‍යාජ ගැටළු වෙයි. නමුත් ප්‍රශ්නය වන්නේ ණය පැහැර හැරීමේ තත්ත්වයෙන් මිදීමට දඟලන රජයක් මෙවන් අවස්ථාවක අමතර වියදම් දරන්නේ කෙසේද යන්න යි. ඒ සඳහා නව ආදායම් මුලාශ්‍ර  සොයා ගැනීමට සිදුවනු ඇත.

පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා ණය ගැනීම


ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කඩා වැටෙන ලකුණු! - ආර්ථික හා මුල්‍ය විශ්ලේෂක  සේන සුරියප්පෙරුමසංචාරකයන්ගෙන් හෝ අපනයනයෙන් හෝ ප්‍රේෂණ වශයෙන් හෝ ලැබෙන ඩොලර් රජයට අයත් නොවේ.

සංචාරකයන් පැමිණිය හැකි ය. විදේශගත ශ්‍රමිකයින් විසින් වැඩිපුර මුදල් ප්‍රේෂණය කළ හැකි ය. භාණ්ඩ හා සේවා අපනයනකරුවන් විසින් වැඩි ඉපැයීම් උත්පාදනය කළ හැකි ය. එහෙත් ඒ කිසිවක් රජයේ වැඩසටහන් සඳහා සෘජුව දායක වන්නේ නැත. සංචාරකයන්ගෙන් හෝ අපනයනයෙන් හෝ ප්‍රේෂණ වශයෙන් හෝ ලැබෙන ඩොලර් රජයට අයත් නොවේ. ඒවා අයිති පෞද්ගලික පුද්ගලයන්ට හෝ සමාගම්වලට හෝ ඔවුන්ට ඩොලර් මිලදී ගෙන රුපියල් දුන් බැංකුවලට ය. කුමන හේතුවක් නිසා හෝ ඩොලර් හිඟ නම්, ඒවායේ මිල රුපියල් වලින් ඉහළ යනු ඇත.

මෙම අරමුදල් මැතිවරණ පොරොන්දු ඉටුකිරීම සඳහා සහ රජයේ වියදම් සඳහා යෙදවිය හැක්කේ ඒවා අතිරේක බදු වලට යටත් කළහොත් හෝ වෙළඳපළ මිලට වඩා අඩු මිලකට ඩොලර් විකිණීමට බැංකුවලට මහ බැංකුව බල කරන්නේ නම් පමණකි. දෙවැන්න 2021-22 දී සිදු කරන ලද අතර ප්‍රේෂණ නිල නොවන මාර්ග වෙත මාරු වීම සහ සමාගම් රටෙන් පිටත මුදල් රඳවා ගැනීම  වැනි අහිතකර ප්‍රතිඵල ඇති කිරීමට එය හේතු විය.

ජාතික ජන බලවේගයේ උපදේශකයින් පෙන්වා දී ඇත්තේ 2007 "ශ්‍රී ලංකා ජාතිය ගොඩනැගීමේ බැඳුම්කර" වැනි විශ්වාසවන්ත විදේශිකයන් ඉලක්ක කරගත් "දේශප්‍රේමී" බැඳුම්කරවල ප්‍රවාහය මගින් ඔවුන්ගේ පොරොන්දුවල අමතර වියදම් පියවනු ඇති බව යි. සාමාන්‍ය ප්‍රමාණයට අඩු ප්‍රතිලාභ පිළිගැනීම තුළින් දේශප්‍රේමය පිළිබිඹු වනු ඇතැයි බලාපොරොත්තු විය හැක. කුමන නමින් හැඳුන්වුවත්, මෙයද ණයකි. එබැවින්, ජාතික ජන බලවේගයේ උපදේශකයින්ගේ යෝජනාව ණය ප්‍රශ්නයට විසඳුමක් නොවේ. එය කලමනාකරණය කර ගැනීමේ උපක්‍රමයක් පමණි. ණය කන්දට කරන එකතුවකි.

 

IMF අනුමත වූ පසු කැබිනට් සංශෝධනයක් !ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුමේ කොටසක් ලෙස ආණ්ඩුව තමන් මත පනවා ගැනීමට ඉදිරිපත් වී ඇති සීමාවන් සහ දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සන්දර්භය තුළ මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න තවත් කාරණයකි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුමේ කොටසක් ලෙස ආණ්ඩුව තමන් මත පනවා ගැනීමට ඉදිරිපත් වී ඇති සීමාවන් සහ දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සන්දර්භය තුළ මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න තවත් කාරණයකි.

රජය පවත්වා ගෙන යාමට තවත් ණය ගැනීම දශක ගණනාවක් තිස්සේ සිදු කර ඇත. මෑත කාලයේ වෙනස වන්නේ, 2007 සිට ආණ්ඩු වැඩි පොලියට වාණිජ ණය ගැනීම යි. අද එම විකල්පය ජාතික ජන බලවේගයට හෝ වෙනත් කිසිවෙකුට හෝ ලබා ගත නොහැකි ය. දැන් ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතන නැවතත් ණය ලබා දීම නිසා සීමිත ප්‍රමාණයකට ව්‍යාපෘති ණය ලබා ගැනීමේ හැකියාවක් පවතී. වෘත්තීය අධ්‍යාපන පාඨමාලා හදාරන අයට දීමනා වැනි රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සමහර වියදම් යෝජනාවලට අරමුදල් සපයා ගන්නේ මෙලෙස බව පෙනේ.

පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා දේශීය හෝ විදේශීය හෝ මූලාශ්‍රවලින් ණය ගත නොහැකි නම්, තවත් එක් විකල්පයක් ඇත. එනම්, මහ බැංකුවෙන් මුදල් මූල්‍යකරණය යි. (සාමාන්‍ය ව්‍යවහාරයේ මෙය මුදල් මුද්‍රණය ලෙස හැඳින්වේ). මෙම විකල්පය බොහෝ ආණ්ඩු විසින් භාවිතා කර ඇති අතර ගෝඨාභය විසින් පත් කරන ලද උදවියගේ ප්‍රධානත්වයෙන් තිබූ මහ බැංකුව විසින් 2020-22 දී අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් දැන් එම ක්‍රමය අපකීර්තියට පත්ව ඇත. එම හේතුවෙන් උද්ධමනය සියයට 70 දක්වා ඉහළ ගියේ ය.

පුවත් - Results from #4725මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සඳහා මුදල් මූල්‍යකරණය සඳහා මුල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වීම සහ 2023 අංක 16 දරන මහ බැංකු පනත සංශෝධනය කිරීම හෝ අවලංගු කිරීම අවශ්‍ය වෙයි

 

මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සඳහා මුදල් මූල්‍යකරණය සඳහා මුල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වීම සහ 2023 අංක 16 දරන මහ බැංකු පනත සංශෝධනය කිරීම හෝ අවලංගු කිරීම අවශ්‍ය වෙයි. මුදල් මුල්‍යකරණය සම්බන්ධ පනත මගින් පනවා ඇති බාධාවන් මෙන්ම වෙනස් වූ ක්‍රියා පටිපාටි ප්‍රතිපාදන පිළිබඳව ද මහජන සංවාදය තුළ සාකච්ඡාවට හා විවාදයට ලක් වී ඇත. සමහරු විශ්වාස කරන්නේ මෙම උපකරණය සීමා කිරීම අප වැනි රටවලට නුසුදුසු බව යි. මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් යටතේ ශ්‍රී ලංකාවේ නූතන මූල්‍ය න්‍යාය භාවිත කර ලබාගත් කටුක අත්දැකීම අනුව, උද්ධමනය පිළිබඳ චෝදනාවට ලක් නොවී මෙය අවලංගු කිරීම කළ හැකි යැයි සිතිය නොහැකි ය.

පොරොන්දු ඉටුකිරීම සඳහා සොරකම් කරන ලද වත්කම් නැවත ලබා ගැනීම

 

 103962406 028b922c 6fc5 4382 9eac 6d4f7ff9a37bසෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු
සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුන්ගේ වත්කම් නැවත ලබාගැනීමේ ක්‍රමය අනුකරණය නොකරන්නේ නම්, සොරකම් කළ වත්කම් නැවත ලබාගැනීම මගින් අපේක්ෂිත කාල රාමුව තුළ අරමුදල් ලබා නොදෙනු ඇත.

සෞදි බලධාරීන් විසින් 2017 නොවැම්බර් මාසයේ දී පුද්ගලයන් 500ක් පමණ අත්අඩංගුවට ගනු ලැබී ය. ඔවුන් රියාද්හි රිට්ස් කාල්ටන් හෝටලයේ දින නියමයක් නොමැතිව රඳවාගෙන සිටි අතර, ඇතැම් අවස්ථාවල දී වධහිංසාවලට භාජනය වූ බව කියනු ලැබේ. ගිණුම් 2,000කට වැඩි ප්‍රමාණයක් අත්හිටුවීමට බැංකුවලට නියෝග කරන ලද අතර පුද්ගලික ජෙට් යානා රඳවා ගනු ලැබී ය. ගැලවීමට හැකි එක ම මාර්ගය වුයේ පාපොච්චාරණය සහ මුදල් ආපසු බාරදීම යි. මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ප්‍රධානත්වයෙන් යුත් දූෂණ විරෝධී කමිටුව මාස 14කට පසු එහි වැඩකටයුතු අවසන් කළ අතර, පුද්ගලයන් 381 දෙනෙකු වැරදිකරුවන් ලෙස හඳුනාගෙන ඩොලර් බිලියන 107ක් අයකර ගනු ලැබී ය.

මොහොමඩ් බින් සල්මාන් මාදිලිය, නීතියේ ආධිපත්‍යය පිළිබඳ සම්ප්‍රදායක්  සහිත ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට ඉඩක් නැත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අල්ලස් නඩුවක් ඉක්මනින් අවසන් වූ අවස්ථාව වන්නේ ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා වැරදිකරුවන් කිරීමට සහ ඔවුන්ගේ අභියාචනා විභාගකිරීම සඳහා ගත වූ වසර හතරහමාරක  (2019-2023) කාලය යි. එකඟ වූ රුපියල් මිලියන 100 ක අල්ලසකින් රුපියල් මිලියන 20 ක අත්තිකාරම් මුදලක් ලබා ගනිමින් සිටිය දී ඔවුහු අත්අඩංගුවට ගනු ලැබුහ.

 

දේශපාලකයන් හතළිහකට අල්ලස් පරීක්ෂණ

මෙම අවස්ථාවේදී අයකර ගැනීමට සොරකම් කළ වත්කම් කිසිවක් නොතිබිණි (ඔවුන් ගනිමින් සිටියේ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සතු මුදල් නෝට්ටුය). සොරාගත් වත්කම් තිබුණේ නම් වරදකරුවන් තීන්දු කිරීමෙන් පසුව එම වත්කම නැවත ලබාගැනීමේ ක්‍රියා පටිපාටිය ආරම්භ කල යුතුව තිබිණි. ශ්‍රී ලංකාවෙන් පිටත වත්කම් ඇතැයි සොයාගත්තේ නම්, ඒවා හඳුනාගැනීමටත්, නීතිමය කටයුතු රටවල් දෙකෙහි ම ආරම්භ කිරීමටත්, අයකර ගත් මුදල් ආපසු ශ්‍රී ලංකාවට ලබාගැනීමටත් කාලය අවශ්‍ය වෙයි. මාස කිහිපයකට පෙර සකසා අවසන් කරන ලද අපරාධ මගින් උපයාගත් ආදායම් පනත් කෙටුම්පතේ මෙම ක්‍රමවේදයන් ගැන විස්තර ඇතුළත් වෙයි. බලයට පත්වන රජය කෙතරම් කැප වී සිටියත්, ඔවුන්ගේ පළමු ධූර කාලය තුළ හෝ ඔවුන්ගේ දෙවන ධූර කාලය තුළ පවා අයකරගත් වත්කම් කිසිවක් දැකීමට ඔවුන්ට හැකිවනු ඇතැයි සිතිය නොහැකි ය.

එසේ නම්, මුදල් ඇත්තේ කොහේ ද?

 

ඡන්දය කල් දැමීමේ යෝජනාවක්!මුල්‍ය විනයක් පවත්වාගෙන යාමට උත්සාහ කළ ආණ්ඩු ඉනික්බිතිව පැවැත්වූ මැතිවරණයේදී ප්‍රතික්ෂේප කළෙමු.
පසුගිය වසර 76 න් වැඩි කාලයක් තුළ, වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් උපයා නොගත් ආණ්ඩු අපි පත් කර ඇත්තෙමු. මුල්‍ය විනයක් පවත්වාගෙන යාමට උත්සාහ කළ ආණ්ඩු ඉනික්බිතිව පැවැත්වූ මැතිවරණයේදී ප්‍රතික්ෂේප කළෙමු. නිරන්තරව පවත්වාගෙන ආ හිඟය පියවා ගැනීමට ණය අවශ්‍ය විය.

2007 වසරේ සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව චීනයෙන් සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ලෙස වෙළෙඳපොළෙන් ඉහළ පොලියට ණය ගැනීම ආරම්භ කළේය. හිඟ පියවා ගැනීමට, යුද්ධයට අරමුදල් සැපයීමට සහ අවිනිශ්චිත ප්‍රතිලාභ සහිත මහා ව්‍යාපෘති සඳහා ආණ්ඩුව ණය ලබා ගත්තේය. ටික කලකට පසු, පෙර ණය ගෙවීමට සහ හිඟයයන් පියවා ගැනීමට තවත් ණය ගැනීමට ඔවුන්ට සිදුවිය. ණය තිරසර නොවන තත්ත්වයට පත්විය. එහි ප්‍රතිවිපාක අපි කවුරුත් අත්විඳ ඇත්තෙමු.

එම පරිච්ඡේදය අවසන් ය. මූල්‍යමය වශයෙන් වගකිව යුතු වීමට කාලය පැමිණ තිබේ. ඉහත පෙන්වා ඇති පරිදි, පහසු විකල්ප තවදුරටත් නොපවතී. අපේ ආණ්ඩුව, අනෙකුත් රටවල් මෙන් ම, බදු ආදායම වැඩි කර ගනිමින් අයවැය සමතුලිත කළ යුතුව ඇත. සමහර ආකෘතීන් අනුව  2028 සිට රාජ්‍ය ආදායමෙන් සියයට 45ක්  තරම් ප්‍රමාණයක් ණය සේවාකරණය සඳහා වෙන් කිරීම අවශ්‍ය වෙයි. වඩාත් ම වැදගත් අවශ්‍යතා සඳහා අරමුදල් සැපයීමට ආණ්ඩුව වියදම් පාලනය කළ යුතු ය. මහජන මුදල් නාස්ති කිරීමේ අවස්ථා ද වසා දැමිය (කැමති ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමට නොව, පොදු යහපත සඳහා)  යුතු ය.

 

පෝලිම් සහ හිඟයන් නැවත ගෙන ඒමට දායක වන මැතිවරණ පොරොන්දු කවරේද? - (රොහාන්  සමරජීව)

ඡන්දය දීමට පෙර, ප්‍රතිපත්ති ප්‍රකාශනවල පොරොන්දු ඉෂ්ටකිරීමට කරන වියදම් පියවා ගැනීමට ආදායම් සපයා ගන්නේ කෙසේදැයි සලකා බලන්න. ඔබේ ඡන්දය ඉල්ලන අයගෙන් "මුදල් ලබා ගන්න හැටි මට පෙන්වන්න" යැයි ඉල්ලා සිටින්න. ඉඩම් හිමිකම පිළිබඳ නීති වෙනස් කිරීමට යෝජනා කරන විට වැනි ඇතැම් අවස්ථාවල දී මුදල් අවශ්‍ය නොවන බව  පිළිතුරු ලෙස ලැබෙනු ඇත. නමුත් මෙම වැඩසටහන් බොහොමයක් සඳහා බදු මගින් හෝ තවත් ණය ගැනීම් මගින් හෝ අරමුදල් සම්පාදනය කිරීමට සිදුවනු ඇත. පළමුවැන්නේ දී නම්, ඔබ එය ගෙවීමට සූදානම් විය යුතු ය. දෙවැන්නේ දී නම්,  නැවත පෝලිම්වල සිටීමට අපට සිදුවීමට වැඩි කාලයක් ගත නොවනු ඇත.



දේශපාලන හා සමාජ ක්‍රියාකාරික 
rohan@lirneasia.net
 
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන් ද? - (මහාචාර්ය රොහාන් සමරජීව) | The Leader