The Leader News
BREAKING
Top Ad
Opinion

වෙනසක් වෙනුවෙන් සිහින දකින මිනිසුන්ගේ සිහිනයට ජය! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 16, 2024 • 11:45 AM

වෙනසක් වෙනුවෙන් සිහින දකින මිනිසුන්ගේ සිහිනයට ජය! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක සෑහෙන බහුතරයක් වේවි මේ චන්දෙන් එන ප්‍රථිපලේ එක්ක. වෙනසක් කියන එක මම මුලින්ම දැක්කේ බරක් ඔබාමාගේ අතිශයින් සාර්ථක පළමු මැතිවරණ කැම්පේන් එක ඇතුලේ (2008). ඇත්තටම වියුක්ත විදියක මේ ''වෙනස'' යන්න හරියටම නිර්වචනය වෙලා නැති උණත් ඒකට මිනිස්සු නොයෙක් අර්ථ ඇතුල්කරමින් පවතිනවා.
  • ඒක එක්කම යන තව අදහසක් තමයි මුං හිටිය ඇති කියන එක.
  • හොරු එලවන එකත් මේක ඇතුලේ තියනවා.
  • මේ විදියට වෙනසක් කරමු කියන එක වෙනස් වෙනස් අර්ථ සහිතව මිනිස්සු එක එක විදියට පාවිච්චි කරනවා. ඒ හැම තැනකම තියෙන්නේ සහ බලාපොරොත්තු වෙන්නේ දේශපාලන යමක් (political content).
අකුරු ප්‍රමාණය (Font Size):

ඒක සෑහෙන බහුතරයක් වේවි මේ චන්දෙන් එන ප්‍රථිපලේ එක්ක. 

වෙනසක් කියන එක මම මුලින්ම දැක්කේ බරක් ඔබාමාගේ අතිශයින් සාර්ථක පළමු මැතිවරණ කැම්පේන් එක ඇතුලේ (2008). 

ඇත්තටම වියුක්ත විදියක මේ ''වෙනස'' යන්න හරියටම නිර්වචනය වෙලා නැති උණත් ඒකට මිනිස්සු නොයෙක් අර්ථ ඇතුල්කරමින් පවතිනවා.

දරාගන්න බැරි ජීවනබර අඩුවෙයි කියන එක එයාල බලාපොරොත්තුවෙන එක වෙනසක්. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි එක තව අදහසක්. ප්‍රභූ පාලනය අවසන් කරන්න ඕනි කියන එක තව එකක්. ඒක එක්කම යන තව අදහසක් තමයි මුං හිටිය ඇති කියන එක. රටට විනයක් ඕනි කියන එක අනුරත් සිරස සටනේ කිව්වා. හොරු එලවන එකත් මේක ඇතුලේ තියනවා. යහපාලන පරමාදර්ශත් මේ එක්ක නොයනවා නෙවෙයි.

මේ විදියට වෙනසක් කරමු කියන එක වෙනස් වෙනස් අර්ථ සහිතව මිනිස්සු එක එක විදියට පාවිච්චි කරනවා. 

 

කෙබඳු ක්‍රම වෙනසක් ද? කෙබඳු ජනතාවාදයක් ද? - (සුමිත් චාමින්ද)
ඒ හැම තැනකම තියෙන්නේ සහ බලාපොරොත්තු වෙන්නේ දේශපාලන යමක් (political content). යහපාලනය පවා සාර්ථක සටන්පාඨයක් උනේ ඒක ඇතුලේ තිබ්බ දේශපාලන අන්තර්ගතය එක්ක. අරගලය ඇතුලේ තිබ්බෙත් දේශපාලන ඉල්ලීම් ප්‍රමාණයක්.

අපේ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගතවුනෙත් මේ දේශපාලන අන්තර්ගතය වෙනුවෙන්. විධායක ක්‍රමයේ වෙනසක්, අලුත් ව්‍යවස්ථාවක්, බලය බෙදීමක්, යහපත් රාජ්‍ය පාලනයක් වගේ දේවල් අපේ දේශපාලන සිහිනයේ කොටස් උනා. ඒවා ගෑස්, තෙල්, බෙහෙත් වලටම සීමා උණේ නැහැ (ඒවා අතිශයින් අවශ්‍යයි කියල පිළිගනිමින් ම).

මහින්ද ලංකාව කොන්ක්‍රීට් වලින් පුරවද්දී, හැම පාරක්ම කාපට් කරද්දීත් අපි යහපාලනය වෙනුවෙන් පෙනීහිටිය. 

ඒ නිසා ඉහත ප්‍රවර්ගයේ දේශපාලන වෙනසක් වෙනුවෙන් වන සිහිනය එක්ක අනන්‍යනොවී ඉන්න එහෙම සිහිනයක් තිබ්බ කෙනෙකුට බැහැ.

ඒ නිසා වෙනසක් වෙනුවෙන් සිහින දකින මිනිසුන්ගේ සිහිනයට ජය!

බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෙනසක් වෙනුවෙන් සිහින දකින මිනිසුන්ගේ සිහිනයට ජය! - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader