“Most intellectuals are perfectly ready for dictatorial methods, secret police, systematic falsification of history etc. so long as they feel that it is on ‘our’ side.” එනම් “බහුතරයක් උගතුන් ඒකාධිපති ක්‍රමයට, රහස් පොලිසියට, සංවිධානාත්මක ඉතිහාස විකෘතියට ආදියට සම්පූර්ණයෙන්ම කැමතිය; එහෙත් එය “තමන්ගේ” දේශපාලන කඳවුරේ වන තෙක් පමණී”. ඕර්වෙල් මෙය ලියන්නේ එංගලන්තයේ ප්‍රාමාණික සමාජය හිට්ලර්ට විරුද්ධ වුවත් ස්ටාලින්ට සහාය දෙන නිරීක්ෂණය පාදක කොට ගෙනය. ලංකාවේ පවා මෙය දැකිය හැකිය. ඒ සඳහා හොඳම නියෝජනය නිර්මාල් දේවසිරිය.
නිර්මාල් දේවසිරි යනු ලංකාවේ විශ්ව විද්‍යාල “ඉන්ටෙලිජෙන්සියාවේ” ප්‍රධාන නියෝජිතයෙකි. ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශ දෙස විවෘතව බැලීමේදී ඕර්වෙල්ගේ ඉහත ප්‍රකාශය තහවුරු වේ. විශේෂයෙන්ම “සංවිධිත ඉතිහාස විකෘතිය” නිර්මාල්ටම කියූවක් මෙනි. ලංකාවේ Open Source ක්ෂේත්‍රයේ උගතෙකු ලෙස සැලකෙන WSO2 අධිපතිව සිටි සංජීව වීරවර්ණද එයට හොඳ නිදසුනකි. නිර්මාල් දේවසිරි ඇතුළු උගත්හු මැයි 9 වැනිදා සාහසිකත්වය සාධාරණය කළහ. සැබැවින්ම එම සාහසිකත්වය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළේ නිර්මාල් සහ සුනිල් විජේසිරිවර්ධන ඇතුළු එම ලාංකික ඉන්ටෙලිජෙන්සියාවමය.
නිර්මාල් දේවසිරි“ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය.” - නිර්මාල් දේවසිරි 2022 යන ප්‍රකාශය හැම තැනම ලියන්නේ ඇයි කියා අහන අයට මා කියන්නේ එම සාහසික ප්‍රකාශය කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු හෙවත් උගතෙකු විසින් බව කිසිදා අමතක වීමට ඉඩ නොතැබිය යුතු නිසා බවයි. මා ඔබෙන් ඉල්ලන්නේ සාහසිකයන් විසින් මා මරණයට පත් කළත්, නැතිනම් නැවත කිසිදා ලිවීමට නොහැකි වන සේ මාගේ ඇඟිලි කපා දැමුවත්, නිර්මාල්ගේ එම ප්‍රකාශය අමතක වීමට ඉඩ නොතබන ලෙසයි. මා හිතනවා මාධව රුවන්පතිරණ හෝ එය කරාවිය කියා.
දෙවන ලෝක යුද්ධයේදී යුදෙව්වන් රොතු පිටින් එකවර ඝාතනය කිරීම සඳහා භාවිතා කළ Gas Chambers (විෂ වායු කුටි) වැනි නව නිර්මාණ කළේ එකල සිටි උගතුන්ය. නිර්මාල් දේවසිරි මා දකින්නේ ලංකාවේ සිටින නපුරුම (Evil) උගතා ලෙසය. මන්ද ඔහු විසින් නිර්මාණය කරන අවි, ගෑස් චේම්බර් දහසකටත් වඩා බිහිසුණු නිසාය. කාන්තාවක් සමූහ දූෂණයට ලක් කරන සාහසිකයන්ට ඒ සඳහා කිසියම් අශිෂ්ට මානසික සාධාරණීකරණයක් අවශ්‍ය වේ. අරගලකරුවන්ගේ සාහසිකත්වය සඳහා බලපෑවේ නිර්මාල් විසින් නිර්මාණය කළ අශිෂ්ට සාධාරණීකරණයයි. මෙවර වරණයෙන් පසුව ජවිපෙ සාහසිකයන් විසින් භීෂණය දියත් කළ හොත් එහි වගකීම වැටෙන්නේ නිර්මාල් දේවසිරි ඇතුළු ලංකාවේ උගතුන්ට බව ඔබ මතක තබා ගත යුතුය.
“වින්දිතයාට වඩාත් වේදනාවක් ගෙන දෙන්නේ පීඩකයාගේ හිංසනය නොව, බලා සිටින්නාගේ නිහැඬියාවය.”සියලුම උගතුන් එසේ නොවේ යැයි ඇතැමෙකු කියනු ඇත. එයට හොඳ පිළිතුරක් නාසි වධකාගාර තුළ සමුලඝාතනයෙන් දිවි ගලවා ගත් (Holocaust Survivor) එලී වීසල් වරක් කියා තිබේ: “What hurts the victim most is not the cruelty of the oppressor, but the silence of the bystander”. එනම් “වින්දිතයාට වඩාත් වේදනාවක් ගෙන දෙන්නේ පීඩකයාගේ හිංසනය නොව, බලා සිටින්නාගේ නිහැඬියාවය.”
ධර්මය ඔබට මග වේවා!
(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 සැප්තැම්බර් 17
(එරන්ද ගිනිගේ)BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 සැප්තැම්බර් 17



