The Leader News
BREAKING
Top Ad
Opinion

අනුර රනිල් එකතුවෙනවා නම් මරු! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 18, 2024 • 5:38 PM

අනුර රනිල් එකතුවෙනවා නම් මරු!  - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතුලේ සජිත්ට හැමදාම ලැබුනේ නොවැදගත් තැනක්.
  • ITN සාකච්චාව මඟහැරීම වගේම දැන් දෙරණ සාකච්චාව මඟහැරීම ඔස්සේ සජිත්ගේ පෞරුෂය ඉතාම තදින් ප්‍රශ්න කෙරෙනවා.
  • සහ සමකාලීන දේශපාලන පරස්පර බව සලකුණු කරන්න වෙන්නේ මේ දෙන්න අතර හින්ද මම කැමතියි මේ දෙක එකතුවෙනවා නම්.
  • ඇත්තටම ඔහු ඒ කියන සංධානයේ ඔහු නැත්තේ ඉහත සමීකරණයෙන් ඔහු විසින්ම ඔහු ඉවත්කරගෙන ඉන්න නිසා කියල හිතෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇතුලේ සජිත්ට හැමදාම ලැබුනේ නොවැදගත් තැනක්. ඒ අනුව අනුර සහ රනිල් කියන්නේ සුපීරියර් (superior) අපේක්ෂකයෝ දෙන්නෙක්. සජිත් ඉන්ෆීරියර් අපේක්ෂකයෙක් (inferior).

මොන තරම් විවේචන තිබ්බත් සජිත්ට වයසින් ඉතාම අඩු නාමල් ඉන්නෙත් සජිත්ට වඩා ගොඩක් උඩින්. මනුස්සය ඕනිම ලයිව් ප්‍රෝගෑම් එකකට යනවා. කොහොම හරි උත්තර දෙනවා. එතන යම් පෞරුෂයක් නාමල් නඩත්තු කරනවා. අනාගතයට එයා තව මුවහත් වෙයි.
 
460348696 1075618890600514 8601709364081014427 nමනුස්සය ඕනිම ලයිව් ප්‍රෝගෑම් එකකට යනවා. කොහොම හරි උත්තර දෙනවා. එතන යම් පෞරුෂයක් නාමල් නඩත්තු කරනවා. අනාගතයට එයා තව මුවහත් වෙයි.
 
ITN සාකච්චාව මඟහැරීම වගේම දැන් දෙරණ සාකච්චාව මඟහැරීම ඔස්සේ සජිත්ගේ පෞරුෂය ඉතාම තදින් ප්‍රශ්න කෙරෙනවා. විශේෂයෙන් සජීව ප්‍රශ්නවලට උත්තර දීමට හැකි පරිකල්පන හැකියාව එක්ක.
 
වැඩ අධිකයි කියන එකෙන් මේක වහන්න බැරි අනික් අයටත් ඕසෙට වැඩ තියන හින්ද සහ හිරු එකේ වැඩසටහන උනත් රෙකෝඩින් කියල රාවයක් යන නිසා.
 
ඒ නිසා රට පැත්තෙන් ගත්තම ඉන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නයි. එක්කෙනෙක් රනිල්. අනික් කෙනා අනුර. තවත් ඉස්සරහට ගියොත් නාමල්.

රනිල් නැත්නම් අනුර අනිත් ඔක්කොම සෙවල
රට පැත්තෙන් අනුර කතාකරන අන්තර්ගතය (දේශපාලන දේවල් වලට වැඩි බරක් තබමින්) වගේම රනිල් කතාකරන ආර්ථික වැල්පාළම (ආර්ථිකයට වැඩි බරක් තබමින්) කියන දෙකම එකවිටම රටේ අනාගතය වෙනුවෙන් වැදගත්
 
රට පැත්තෙන් අනුර කතාකරන අන්තර්ගතය (දේශපාලන දේවල් වලට වැඩි බරක් තබමින්) වගේම රනිල් කතාකරන ආර්ථික වැල්පාළම (ආර්ථිකයට වැඩි බරක් තබමින්) කියන දෙකම එකවිටම රටේ අනාගතය වෙනුවෙන් වැදගත්. සහ සමකාලීන දේශපාලන පරස්පර බව සලකුණු කරන්න වෙන්නේ මේ දෙන්න අතර හින්ද මම කැමතියි මේ දෙක එකතුවෙනවා නම්.

ප්‍රායෝගික වශයෙන් විය නොහැක්කක් (ළඳරු ෆැන්ටසි එකක්) ගැන තමයි මේ ලියන්නේ. හැබැයි සජිත් නිතරම කියනව අනුර රනිල් සංධානයක් ගැන.

ඇත්තටම ඔහු ඒ කියන සංධානයේ ඔහු නැත්තේ ඉහත සමීකරණයෙන් ඔහු විසින්ම ඔහු ඉවත්කරගෙන ඉන්න නිසා කියල හිතෙනවා.
 
Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...