The Leader News
BREAKING
Top Ad
Opinion

අප අත්විඳින්නේ ගමනක අවසානය ද? -සජිත්ට ඇයි මෙහෙම උනේ? - (නීතිඥ ශිරාල් ලක්තිලක)

T

The Leader Desk

September 18, 2024 • 5:23 PM

අප අත්විඳින්නේ ගමනක අවසානය ද? -සජිත්ට ඇයි මෙහෙම උනේ? - (නීතිඥ ශිරාල් ලක්තිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දීර්ඝ කාලයක් දේශපාලන පරාජයන් නිසා හෙම්බත්ව සිටි අපට සජිත් නව බලාපොරොත්තුවක් ගෙන දුන්නේය.
  • නමුත් ඒ කිසිවක් අපට හෝ සජිත්ට ඉටු කරන්නට හැකිවී නොමැති බව වර්ථමානය විසින් අපට පෙන්වාදෙමින් සිටී.
  • දෙවන වරටත් සජිත්ට ජනාධිතිවරනයකින් ජය ගැනීමට නොහැකි බව රටේ ජනමතය මේවන විට තහවුරු කරමින් සිටී.
  • සජිත් තම පියා නොවන්නට 2010 වන විට ප්‍රාදේශීය නායකයකු පමනක්ම වුයේය.
අකුරු ප්‍රමාණය (Font Size):

දීර්ඝ කාලයක් දේශපාලන පරාජයන් නිසා හෙම්බත්ව සිටි අපට සජිත් නව බලාපොරොත්තුවක් ගෙන දුන්නේය. එදා අප බලාපොරොත්තුවුයේ දකුනු ඉවුරේ බලය සජිත් හරහා නැවතත් ස්ථාපිත කරන්නටය. එසේම එජාපය හරහා සජිත්ට එම නායකත්වය නොලැබෙන කල නව පක්ෂයක් බිහි කරමින් අප බලාපොරොත්තු වුයේ සමාජය තුල නවින දේශපාලන පක්ෂයක් ගොඩනංවමින් ජනතාවගේ අභිලාශයන් නියෝජනය කරන නුතනවාදී දේශපාලන ප්‍රවාහයක් ගොඩනංවන්නටය.

නමුත් ඒ කිසිවක් අපට හෝ සජිත්ට ඉටු කරන්නට හැකිවී නොමැති බව වර්ථමානය විසින් අපට පෙන්වාදෙමින් සිටී. දෙවන වරටත් සජිත්ට ජනාධිතිවරනයකින් ජය ගැනීමට නොහැකි බව රටේ ජනමතය මේවන විට තහවුරු කරමින් සිටී. එම නිසාම ජනාධිපතිවරනයේ ප්‍රතිපල ලැබීමට මත්තෙන්ම සජිත්ගේ දේශපාලනය පිලිබදව යමක් ලියා තැබීම අනාගත දේශපාලනයක් වෙනුවෙන් වැදගත් විය හැකිව තිබෙන නිසා එය මෙසේ ලියා තබමි.

සජිත්ගේ සදළුතලයට ප්‍රහාරයක් - රටේ රාළසජිත් තම පියා නොවන්නට 2010 වන විට ප්‍රාදේශීය නායකයකු පමනක්ම වුයේය.

 

සජිත් තම පියා නොවන්නට 2010 වන විට ප්‍රාදේශීය නායකයකු පමනක්ම වුයේය. එවකට ද සජිත්ට එරෙහිව බරපතල අවලාද හා මඩ ප්‍රචාර ක්‍රියාත්මකව තිබුනු අතර රට තුල සජිත් serious දේශපාලකයකු ලෙස නොසැලකුවේය.

සජිත් ජාතික නායකයකු ලෙස කල එලි බසින්නේ එජාපය තුල ගොඩ නැගුනු අභ්‍යන්තර අරගලය හේතුවෙනි. එජාපය තුල එසේ ගොඩනැගුනු කැරලි යුග තුනක් වු අතර ඒ කිසිදු කැරැල්ලක් සජිත්ගේ මෙහෙයවිමකින් තොරව ස්වයං සිද්දව එනමුදු සජිත් නාමික කැරලි නායකයා ලෙස නම් කරමින් සිදුකෙරුනු අරගල වුයේය. ඒ සෑම අවස්තාවකදිම සජිත් වැඩිපුර ගැවසුනේ හම්බන්තොට තම චන්ද ගොදුරු බිම රකිමිනි.

 

12716434 10153595939050186 8202872469494355893 o

සජිත් හම්බන්තොට දිස්ත්‍රික්කය තුල දේශපාලන සංවිධාන මුලෝපාය ලෙස සලකන ලද්දේ කාන්තාවන් සදහා නය දෙන සමිති පිහිටුවීමය. සජිත් හම්බන්තොට දිස්ත්‍රික්කය තුල දැවැන්ත මුදලක් ආයෝජනය කොට තිබු අතර සජිත් දිනා ගත් මනාප සංඛ්‍යාව සමග ගත් කල එක චන්දයක් සදහා වැය කල මුදල ඉතා ඉහල අගයක් ගෙන තිබුනි. ආර්ථික විද්‍යා සංකල්පයකින් සජිත් දේශපාලන මුලෝපාය විස්තර කරන්නේ නම් එය කන්දක් වැය කොට කෙන්දක් උපයා ගැනීමට සමාන කල හැකිව තිබුනි. සජිත් හම්බන්තොටදී උත්සාහ කරන ලද්දේ චන්ද දායකයාට පඩුරු පාක්කුඩම් ලබාදී චන්ද දායකයා සතුටු කොට පෙරලා ඒ තුලින් චන්දයක් උපයාගැනීමයි. සජබයේ නායකත්වයට පත්වීමෙන් පසුව සජිත් එය එලෙසටම සමස්ත සමාජයටම අදාල කර ගත්තේය.

හම්බන්තොටදී තම උත්සාහය නිවැරදි නොවන බව පසුව ප්‍රත්‍යක්ෂ කරගගත්තේ නමුදු සජබයේ නායකයා බවට පත්වීමෙන් පසුවද සජිත්ගේ play book එක වුයේ ද තමන් හම්බන්තොටදි අනුගමනය කල එනමුත් ඊට වඩා දැවැන්තවු සුභසාදන වැඩපිලිවලක් තුලින් රටේ දේශපාලන කැමැත්ත තමන් වෙත දිනා ගැනීමටය.

 

පශ්චාත් නූතන අරගලයේ නොවැම්බර් විලාපය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්නඑම සුභසාදන දේශපාලනය හරහාම සජිත්ට විකල්ප රාජ්‍ය නායකයා ලෙස සමාජගත කරන්නට තරම්වු දේශපාලන දෘශ්ඨියක් නැති බව මෙරට උගත් මධ්‍යම පංතිය ක්‍රමයෙන් තෙරුම් ගන්නට ඇති තරම් උදාහරන සජිත් විසින්ම ලබා දුන්නේය.
සජබයේ සෙසු නායකයන් ද සිතා සිටියේ සජිත්ගේ පාසලට සුහුරු පංති කාමර ලබාදීම හා බස් බෙදාදිම තුලින් ජනතාවගේ දේශපාලන කැමැත්ත තමන් වෙත දිනා ගැනීමට හැකි වන බවය. නමුත් එම සුභසාදන දේශපාලනය හරහාම සජිත්ට විකල්ප රාජ්‍ය නායකයා ලෙස සමාජගත කරන්නට තරම්වු දේශපාලන දෘශ්ඨියක් නැති බව මෙරට උගත් මධ්‍යම පංතිය ක්‍රමයෙන් තෙරුම් ගන්නට ඇති තරම් උදාහරන සජිත් විසින්ම ලබා දුන්නේය.

එම නිසාම සජිත් වටා ගොඩනැගුන නව පක්ෂයද රටට හා සමාජයට නව බලාපොරොත්තුවක් ජනිත කරන්නට හෙතුවක් හො සාධකයක් ලබා දෙන්නට සමත් වුයේ නැත.

සජිත්ගේ දේශපාලනය දෟෂ්ඨිගත දේශපාලනයක් නොවු අතර එය හුදෙක්ම මමත්වය (narcissistic) මත පදනම්වුවක්ම වුයේය. ඔහු එහි පතුලටම ගියේ එකී මමත්වය තමන්ගේම ප්‍රකාෂ තුලින් ඉස්මතු කරලමිනි. සජිත්ගේ මෙම වැරදි දේශපාලනය පෙන්වා දෙන්නට තරම්වු නිර්භීත දෙවන පෙල නායකත්වයක් සජබ තුල නොසිටියේය. එසේම එසේ අභියෝග කරන්නට සමත් පුද්ගලයන් පක්ෂයෙන් බැහැර කිරීමටද කටයුතු කලේය.

අවසානයේදී සජිත් විසින් සජබය ලෙස ගොඩනගා ගත්තේ තම පියා විසින් එජාපය තුල ගොඩනගාගත් කේන්ද්‍රීය ඒක නායක පක්ෂයකි. සජිත් තමන් සතු ශක්තිමත් කන්ඩාහමක් ගැන කතා කලද සජිත් කිසිදා තම පක්ෂය තුල ජනප්‍රිය දෙවන පෙලක් ගොඩනැගෙන්නට ඉඩ ප්‍රස්තා ලබා දුන්නේ නැත.

 

w45y45රනිල්ට එරෙහිව අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලා කැරලි ගැසු එ.ජා.පාක්ෂිකයන්ට අවසානයේදී හිමිවුයේ රනිල්ටත් වඩා අතික්‍රාන්තවු ඒකාධිපති නායකයෙක් සහිත පක්ෂයකි
රනිල්ට එරෙහිව අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලා කැරලි ගැසු එ.ජා.පාක්ෂිකයන්ට අවසානයේදී හිමිවුයේ රනිල්ටත් වඩා අතික්‍රාන්තවු ඒකාධිපති නායකයෙක් සහිත පක්ෂයකි.(despotic leadership). එසේම සජිත් පක්ෂයේ තීරන ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් තුල නොව තමන්ගේ බිරිද හා මිතුරකුගෙන් සමන්විත කුස්සි කැබිනට්ටුවක් මගිනි.

අනෙක් අතට තමන් මානුෂික ධනවාදයක් ගැන, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කලද සමාජය කෙසේ වෙතත් තමන්ගේ කන්ඩායම තුලද එය කුමක්දැයි වටහාගෙන තිබුනේද යන්න පිලිබදව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

අවසානයේදී සජබය සමාජයට දිස්වුයේ හිසක් නොමැති දේශපාලන කවන්දයක් ලෙසටය. ඒ අනුව අප සියළු දෙනාගේ ශ්‍රමය මත සජිත්ගේ නායකත්වය යටතේ පිහිටවු නව දේශපාලන ව්‍යාපාරය සමාජය පිලිගත්තේ පිළිනුවු දේශපාලන ව්‍යාපාරයක් ලෙසටය. සජබයට ආකර්ශනය වුයේ අතාර්කික චන්ද දායකයා පමනකි. බුද්ධිමතුන් අතරින් බහුතරයක් සජබයෙන් වියෝවන්නට සාධාරන හේතු පක්ෂය විසින්ම සමාජයට සපයා තිබුනේය.

අනුරට ඇති මාරක අභියෝග පහ... - (රන්ජන සේනානායක)ජවිපය ප්‍රමුඛ ජාතික ජනබලවේගය ඉදිරියට එන්නේ සජබය විසින් ලාංකික දේශපාලන අවකාෂය තුල ඇති කරන ලද මෙකී රික්තකය හේතුවෙනි.

 

සමාජය තුල කිසිදු වැදගත් කමක් නොවුනු ජවිපය ප්‍රමුඛ ජාතික ජනබලවේගය ඉදිරියට එන්නේ සජබය විසින් ලාංකික දේශපාලන අවකාෂය තුල ඇති කරන ලද මෙකී රික්තකය හේතුවෙනි.

ඒ අනුව සජිත් මෙවර ජනාධිපතිවරනයෙදී පරාජය වන්නේ නම් එසේ වන්නේ සජිත්ගේ දේශපාලන දෟෂ්ඨිය හා පක්ෂ සංවිධානය තුල පවතින දුගී බව හේතුවෙනි.

සජිත්ට අතට ලැබුනදේ කටට දමා ගැනීමට නොහැකිවී තිබේ. දශක තුනකට අධික කාලයක් දේශපාලනයේ යෙදුන සජිත්ට ලබා ගැනීමට හැකි සියළු අවස්තා ලැබී තිබියදී මෙවර තම දේශපාලනික ගමන අවසන් කර ගන්නේ තමන්ගේම දැක්මේ පවතින දොශයක් හෙතුවෙනි. සජිත් අනාගතය තුල මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කල හැකිය. නමුත් රටක් භාර ගැනීමට දැරු දෙවන උත්සාහයද මේවන විට අසාර්ථක වෙමින් පවතී.

එසේ නම් එය සජිත්ගේ ගමනක අවසානය සනිටුහන් කරන්නක් මිස වෙන කුමක්ද?


Shiral lakthillaka(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
slakthilaka@gmail.com

@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...